තිළිණි ද සිල්වා
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ප‍්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මෑන් තෙදින නිල සංචාරයක් සඳහා සිකුරාදා (09) දිවයිනට පැමිණිමට නියමිතය.
ඔහු මෙම ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති , අගමැති ඇතුළු දේශපාලන නායකයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මාධ්‍ය ප‍්‍රකාශක ස්ටෙෆන් දුජාරික් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඊයේ (06) පැවති දෛනික මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සදහන් කර තිබේ.
එමෙන්ම ඔහුගේ මෙම සංචාරයේදී මේ දිනවල ඇඳිරි නීතිය පනවා තිබෙන මහනුවර ප‍්‍රදේශයේද නිල සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මේ දිනවල ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වයට පෙර දේශපාලන කටයුතු ප‍්‍රධානින්ගේ මෙම සංචාරය සැලසුම් කර තිබූ බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප‍්‍රකාශක ස්ටෙෆන් දුජාරික් සඳහන් කර තිබේ.
COMMENTS
මහනුවර ප්‍රදේශයේ නිල සංචාරයත් , කලින් සැලසුම් කරලා තිබ්බද ?
මේක දැන් අපේ රටේ ප්‍රශ්නයක් විතරක් නොවෙයි. මුළු ලෝකයම මේ ගැන කතා වෙනවා. විදේශගතව රැකියා කරන අපිට දැන් වෙනත් රටවල මිනිසුන්ට මුහුණ දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. අපි අපේ රට ගැන ලෝකෙම ගෞරවය දිනා ගනිමින් මේ රටවල රැකියා කරන්නේ. එ්ත් මේ සිදුවීම් නිසා අපි ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත්වෙනවා. හරිම කණගාටුදායකයි. ජාතිවාදයෙන් අාගම්වාදයෙන් මත්වෙලා මේරට ගිනි තියන අයට ශාපවේවා!!!
අන්න හරි. හැමෝම ඇවිත් බැලිය යුතුයි උතුරු නැගෙනහිර වගේම දකුණේත් වෙන දේවල් ගැන. මොකද මෙය ගෝත්‍රික රටක් නිසා.
මේවට තමයි කියන්නේ ඉල්ලගෙන කනවා කියලා.
තෙල්දෙණියේ සිදුවුණු සාමාන්‍ය සිදුවීමක් දුරගිය රැගෙනයාම තමයි මේ ඛේදවාචකයට හේතුව. ඒ මොහොතේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කර අදාල වැරදි කරුවන්ට දඬුවම් ලබා දීම පහසුවෙන්ම කළහැකිව තිබිණි. නිසි මොහොතේ ක්‍රියාත්මක නොවීම හා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාදය මේ සියළු විනාශයන්ට මූලික විය. අනෙක් කරුණ නම් තෙල්දෙණියේ සිදුවීම අලලා මුළු ලංකාවටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම බරපතල තත්වයකි. ජාත්‍යන්තරයට එයින් ලබාදෙන පණිවිඩය කිසිසේත්ම සුබදායක නැත. සිංහල බෞද්ධයන් විසින් අන්‍ය ජාතිකයන්ට ප්‍රහාර එල්ල කරන බවත්, ඒ නිසා හදිසි නීතිය පැනවූ බවත් ජාත්‍යන්තරයට ලබාදෙන වැරදි පණිවුඩයයි. එක් සුළු සිදුවීමක් පාදක කරගෙන සමස්ත ශ්‍රී ලංකාවාසී බෞද්ධ ප්‍රජාවම මෙලෙස ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීම, වැරදිසහගත ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට ලබාදීම රජය විසින් සිදුකළ නිවැරදි කිරීමට අසීරු බලවත් වරදක් බව මාගේ මතයයි.
අවාසනාවකට පවතින ආණ්ඩුව සුළු ජාතික පක්ෂ වලට යට වෙලා තියන නිසා සීසීටීවී දර්ශන නෙවෙයි, කරපු අය ඇවිල්ලා කිව්වත් නීතිය ක්‍රියාත්මක කරන්න කොන්ද නැහැ! අනිත් අතට ඒ තත්වයෙන් ප්‍රයෝජන අරගෙන අර හිටපු හොර රැළ මහ ජාතිය ජාතිවාදයෙන් අවුස්සලා රට ගිනි තියලා හරි බලය ගන්න මාන බලනවා! පවතින ආණ්ඩුව නීතිය කාටත් පොදු විදියට ක්‍රියා කරනවා නම් මේ දේවල් වෙන්නේ නැහැ! ඔහොම යමු! තව ටික දවසකින් පිටරට රැකියා කරන අයට කොන්ද තියාගෙන වැඩ කිරිල්ල කෙසේ වෙතත් එම රටවල ඉන්න බැරි තත්වයකට මේ අය එකතු වෙලා පත් කරනවා !