( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටින විත්තිකරුවන් 9 දෙනාට එරෙහි නඩුව ලබන පෙබරවාරි 20 වැනිදා විභාගයට ගැනීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියෝග කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුන් වන සම්පත් අබේකෝන් (සභාපති) ගිහාන් කුලතුංග හා සම්පත් අබේරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම විභාගයට ගැණිනි.
මෙම නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටයේ මෙම නඩුවේ සාක්කි ලෙස නම් කර ඇති දුරකථන අංක දහසකට අදාළ දත්ත වාර්තා විත්ති පාර්ශවයට ලබා දෙන ලෙසය.
ඒ අනුව සියලූ දුරකථන දත්ත වාර්තා ලබන 20 වැනිදාට පෙර විත්තිය වෙත ලැබීමට කටයුතු කරන ලෙසද විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට නියම කළහ.
සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විවෘත අධිකරණය අමතමින් ඊයේ සඳහන් කළේ මෙම නඩුවේ හත්වන විත්තිකරු අයියසාමි බාලසුබ‍්‍රමනියම් නැමැත්තා මීට පෙර දින ඇප කරුවන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් අධිකරණය සානුකම්පිතව සලකා බලා ඔහු පුද්ගලික ඇපයක් මත , ඇපකරුවන් ඉදිරිපත් කරන තෙක් මුදා හැරියද , එම විත්තිකරු නිසි පරිදි ඇපකරුවන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පෙර දින නඩු දිනයේ එම විත්තිකරු අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කළ බවය.
විත්තිකරුවෙකුට අධිකරණයෙන් ලබා දුන් සහනය හෑල්ලූවට ලක් කර ඇති බව ද විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටි සභාපති විනිසුරුවරයා , මේ අයුරින් ඇප කොන්දේසි කඩ කරන්නේ නම් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වන තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට සිදුවන බව අවධාරණය කළේය.
කෙසේ වුවද විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් විත්තිකරුට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීම විනිසුරු මඩුල්ල ඇපකරුවන් ඉදිරිපත් කිරීමට අවසර ලබා දුනි.
සියලූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුව විභාගයට ආරම්භ කිරීමට පෙර සියලූ අවශ්‍යතා සම්පූර්ණ කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා නඩුව යළි ලබන ජනවාරි 20 වැනිදා කැඳවීමට හා නඩුව ලබන පෙබරවාරි 20 වැනිදා විභාගයට ගැනීමට නියෝග කළේය.
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සදහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනොට එරෙහි මෙම අධිචෝදනා ගෙනු කර තිබුණි.
2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප‍්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප‍්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර ඇත.
ගිරිතලේ යුද හමුදා කදවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලූතිනන් කර්නල් ගිරිතලේ යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප‍්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණ්ෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ‍්‍රමනියම්, ඞී.ජී. තරංග ප‍්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරීන් මෙහි විත්තිකරුවන් වෙති.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
එක්නැලිගොඩ නඩුව විභාගයට ගන්න දින නියම කරයි
Mahee Wednesday, 18 December 2019 12:00 PM
මේ විත්තිකරුවන් කාටුන්වලට හරි බය ඇති...
විජිත් Wednesday, 18 December 2019 12:35 PM
වැඩක් නැහැ. තීන්දුව දැන්මම ලියලා කොන්ද පණ නැති නඩු කාරයින්ට දීලත් ඉවරයි. නඩු කාරයින්ට තියෙන්නේ ටික කලක් බොරුවට නඩුව ඇදගෙන ගිහින්.. ලියලා තියෙන තීන්දුව කියවන එක විතරයි. බොරුවට කාලය ඇද ඇද ඉන්නවා. අවාසනාව..