(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජී. ආර්. විමලදාස මහතා (එ.ජ.නි.ස) මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය කඩවන පරිදි කටයුතු කිරීම හේතුවෙන් පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් නියෝජ්‍ය සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් මාසික සභා රැස්වීමේදී අද (13) සභාපතිවරයාට භාර දුන්හ.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අත්සන් කර තිබෙන බව විපක්ෂ නායක ර.මු. රත්නායක මහතා සභාවේදී පැවසූහ.
ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර අමාත්‍යවරයා ද මෙම විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් කර ඇත.
සභාපති ඒ. එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd