(ඩී.කේ.රත්න )
ඌව පළාත් සභාවේ ජනතා විමුත්ති පෙරමුණ මන්ත‍්‍රීවරුන් දෙදෙනා හැර අනෙක් මන්ත‍්‍රීවරුන් තිස් දෙදෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළද එම සංචාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශණ දෙනිපිටිය මහතා අද (19) පැවසීය.
රුසියාවේ මාර්ග සංවර්ධන අධ්‍යයන චාරිකාවක් සදහා ඌව පළාත් සභවේ මන්ත‍්‍රීවරුන් තිස් හතර දෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළද ඌව පළාත් සභාව මෙ වන විට මුහුණ පා ඇති දැඩි මූල්‍ය අර්බුධකාරී තත්වය මත මෙම සංචාරයේ නිරතවීමට ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරුන් දෙදෙනා කටයුතු නොකළ අතර දැඩි මූල්‍ය අර්බුදකාරී තත්වය මත අනෙක් මන්ත‍්‍රීවරු තිස් දෙදෙනාද සහභාගීවීම පිළිබදව දැඩි විරෝධය දැක්වූහ.
කෙසේ වෙතත් මේ වන විට මෙම සංචාරය නතර කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දීම සදහා කිසිදු මන්ත‍්‍රීවරයෙකු මෙම සංචාරයේ නොයෙදෙන බවත් පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨයෙක් මෙම සංචාරය සැළසුම් කළ බවත් ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශණ දෙනිපිටිය මහතා පැවසීය.
COMMENTS
මූල්‍ය අරබුදය නොවෙයි, රටම විනාශ වෙනවා කිව්වත් මේ අයගේ නාස්තිය වැළැක්වීමට නොහැකි බව මෙය තවත් එක් උදාහරණයකි. සාමාන්‍ය දැනුමක් තිබෙන කෙනෙකුට වුණත් තේරුම් ගැනීමට හැකි සරල දෙය මේ නිවටයින්ට නොතේරෙන්නේ මන්ද? එමගින් ස්ථිරවන්නේ දියවන්නා ඔයේ සිටින අම්බරුවන්ගේ සහ මෙම අයගේ වැඩි වෙනසක් නැති බව නොවේද?
මෙවැනි ලිපි මගින් ජනතාව දැනුවත් කරන එකට ලංකාදීපයට ස්තුතිවන්ත වෙනවා. මෙමඟින් ජනතාව දැනුවත් වී ඉදිරි මැතිවරණවලදී බුද්ධිමත් වේ නම් කොපමණ වැඩියෙන් රටට යහපතක් වේද?
අර විදුහල්පතිනියට තර්ජනය කරපු ශ්‍රී.ල.නි.පෙ හාදයා සභාපති පුටුවේ ඉන්න මැතිසභාව නේද මේ? අන්තිම පාරනේ කියලා තිබෙන සැප ඔක්කොම ගමු කියලා හිතනවා ඇති.
මේ පළාතේ මහ ඇමති නේද පහුගිය දවස් වල කියලා තිබුනේ බල්ලන්ට කටු දුන්නම වලිගේ වනනවා කියලා... කට්ටියම ලෑස්ති වෙලා ඉන්නැති කටුටික සූප්පන්න. මහ ඇමතියා හොඳ ගැහිල්ලක් ගහලා වගේ...
මිහිරි ස්වප්නමය රුසියානු සංචාරය අවලංගු කිරීමට කටයුතු කළ ජවිපෙ මන්ත්‍රීවරුනි. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරුන් එම දිස්ත්‍රික්කයේත්, මොනරාගල මන්ත්‍රීවරුන් එම දිස්ත්‍රික්කයේත් ගමකින් ගමකටම සංචාරයකට රැගෙන යන්න. විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ පිපාසයට බීමට දිය බිඳක් සොයමින් ඇවිදයන ගැමි දිළිඳු ජනතාවත්, පලු, වීර හෝ කොහොඹ ගස් සෙවනක හාමතින් අකුරු කරන අහිංසක දරුවන් සහ බ්‍රිතන්‍ය පාලකයින් විසින් විනාශ කළ වෙල් ලක්ෂයේ {වෙල්ලස්ස} කැඩී බිඳී ගිය වැව් අමුණු , බිබිලේ දොඩම් වගාවට අත්කළ මහා විනාශය පෙන්වන්න. සයිමන් නවගත්තේගම සුරින්ගේ ' ක්ෂිර සාගරය කැලඹුණි' කෙටි නවකතාවේ සල්ලාල අධිරාජයා ස්වකීය අධිරාජ්‍යයේ ඇවිද ජනතා දුක හඳුනා ගත් අයුරු මොවුන්ට ජනතාවගේ කඳුළු පෙන්වන්න. රුසියානු සංචාරයට වෙන් කළ මුදල වැව් අමුණු හෝ නළ ළිං තුන හතරක අවශ්‍යතාවයට වැය කිරීමෙන් ලබන පින් අනුමෝදන් කරවන්න. නොඑසේ නම් තණමල්විල - හම්බෙගමුව, බලහරුව හරහා ඌව - කුඩාඔය අබලන් පාර සකස් කර දීමට කටයුතු කරවන්න.
පෙට් ස්කෑනර් එක ගන්න ජනතාවගෙන් මුදල් එකතු කළා. ඒවාට නම් සල්ලි නෑ.
බස්නාහිර සැප පුටු, රෝසිගේ වැසිකිලි සහ ඌව විදේශ සවාරි, මේ නාස්ති සේරම නැති කිරීමේ ගෞරවය ජවිපයට...
ඔන්න බලන්න තව ටික දවසකින් කට්ටිය යන්නේ නැද්ද කියලා...!!!!