IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


ඌරුජුවා -කොස්ගොඩ තාරක ඝාතනයහෙළා දකිනවා

(රංජන් කස්තුරිආරච්චි)

 පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදනකු වූ ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම දැඩිලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 මෙම සිදුවීම් පිළිබඳව අවධානය යොමුකර එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකා  නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සංගමයේ පිරිස් සහ ලේකම් නීතීඥ රජීවී අමරසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇත.



අදහස් (21)

ඌරුජුවා -කොස්ගොඩ තාරක ඝාතනයහෙළා දකිනවා

olo Thursday, 13 May 2021 10:49 AM

අපිට කීයක් හරි හොයාගනන දීපල්ලා

:       6       40

aRUNA Thursday, 13 May 2021 11:15 AM

නැතතම් මෙයාලාගේ බඩේ පාර වදිනවා

:       9       59

මුණසිංහThursday, 13 May 2021 12:03 PM

හරියටම හරි. රටේ වැඩි දෙනෙක් මේ ගැන සිතින් හෝ සතුටු වෙනවා. ගතමනාවට කෙළවෙන අයට හිත් රිදෙනවා. ඇයි පොඩ් පහේ කෑලි ද මේවා.

:       9       51

සමන් - ඕමානය Thursday, 13 May 2021 11:47 AM

ඒක නේන්නම්. අපරාදේ, අල්ලලා නඩු දාන්නයි තිබුනේ, අවුරුදු ගණනක් නඩු අහන්න. කුඩු සල්ලි, කප්පම් සල්ලි වලින් හොඳ හැටියට ගාස්තු ගෙවනවානේ නඩු ඇහුවා නම්!!!

:       7       51

මද්දුමරාල Thursday, 13 May 2021 11:56 AM

ඇති යන්තන් නිවෙදනයක් නිකුත් කරන්න මොලේ පෑදුනා. මේ මිනීමැරීම දැන් සාමාන්‍ය වෙලා කිසි නීතියක් නොමැතිව සිරකරුවන් මරණ රටක් නියොජනය කරමින් රෙද්දක් ඇදන් මේ අය වැඩමුලුවකට සහභාගි වෙන්නෙ කොහොමද? වෙන ශිශ්ඨ රටවල නියෝජිතයන් සමග කතා කරන්න ලැජ්ජ නැද්ද? මේව කියවල හැමදාම මගේ මිත්‍ර සුද්දා නෝන්ඩි දානව උඹලගෙ රටේ මිනිස් ජීවිතවලට මෙහෙ බල්ලෙක්ට තියෙන වටිනාකමවත් නෑ කියල. ඉතින් මම මොනවා කියන්නද, මොකෝ එහෙම නෙමෙයි කියල තර්ක කරන්නද?

:       60       32

බමුණු.Thursday, 13 May 2021 12:49 PM

ඔයා සුද්දා කියන දේ විතරක් අහගෙන ඉඳලා.මේ වගේ අපරාධකාරයන් කව්ද ? ඔයාලගේ සුද්දා අර බින් ලාඩන් ව කිසිම ජ්‍යාත්‍යන්තර නීතියක් ගැන හෝ නොසලකා අරන් ගිහින් බල්ලෙකුටත් වඩා අන්ත ලෙස මරලා මුහුදට වීසි කළේ.ඔයා ඔය කියන සුද්දාට ඕක පෙන්වා දුන්නා නම්,එයාගේ කට වැහෙනවා. මිනී මරණවාට අපද කැමැති නැහැ.ඒත්,මේ මිනිසුන් තවත් තියාගෙන රටේ මිනිසුන්ට ගින්දර දෙන එක හොඳයිද ? ඔයාත් මේ නීතීක්න්‍ය වරුන්ටම ගැලපෙන කෙනෙක්.

:       9       35

AkilaThursday, 13 May 2021 01:27 PM

ඔය සුද්දෝ ඔවුන්ගේ රටේදී විතරක් වැදගත් මහත්වරු වගේ හිටියට ඒ ගොල්ලෝ ලෝකේ වටේ ගිහින් වෙන ජාතීන්ට, රටවල වලට කරන අපරාද ඔහේ දැකල ,අහල නැතිව ඇති මයේ හිතේ , සිරියාව එක හොඳ උදාහරණයක්

:       16       17

Sunil Milano Thursday, 13 May 2021 12:04 PM

සම්පූර්ණ ඇත්ත

:       17       14

ගිනිකන්නා Thursday, 13 May 2021 12:05 PM

පොලිසිය විසින් තාරක වගේ අයව සරල තව මිනිස්සුන්ගෙ බඩට ඇනෙන වැඩ කරන එක හරි නෑ නේද. තාරකල වගේ කට්ටිය නිසා කීදෙනෙක් ජීවිතය ගෙනියනවාද. අර නවගමුව ප්‍රදේශයේ රතිඤ්ඤා පත්තු කරපු මිනිස්සුන්ට නඩු දාන්න ඕන. කප්පමක් දෙන්න වුනා වගේද තව කොටසක් ජීවත් වුන මාර්ගයක් නැති වෙන එක.

:       11       32

Sameera Thursday, 13 May 2021 12:19 PM

ජය වේවා ශ්‍රී ලංකා පොලීසියට !

:       9       61

thilak Thursday, 13 May 2021 12:20 PM

පෙරකදෝරු උන්නන්සේලාට මේ අපාරධකාරයෝ ගැන හරි දුකක්නේ තියෙන්නේ.

:       7       55

මාර්ටින් Thursday, 13 May 2021 12:32 PM

පතාලකාරයෙක් හින්ද සාධාරණීයකරණය කලාට, සරලව කිවුවොත් මිනීමැරීම සාධාරණ නෑ, ඒ තුවක්කුවම අහිංසක මිනිසෙකුට එල්ලකර ඔහු පතාලකාරයෙක් ලෙස නම් කලොත් ?

:       40       34

සෙනෙවිරත්න Thursday, 13 May 2021 04:43 PM

ඔබගේ අදහස අනුමත කරමි. ශිෂ්ඨ රටකට මෙවැනි දේ සිදුවිය නොහැකිය. ඒත් රටේ මිනිස්සු අදහස් අතින් මොනතරම් දුර්වලද? පොලිසිය නිරපරාදේ මිනිස්සු මරණයට පත්කිරීම නුදුරේදීම සිදුකරනු ඇත. එදා මේ අයගේ හිතවතෙකු, නෑයෙකු මෙවන් තත්ත්වයට පත්වුවහොත් මොවුන් කුමක් කරාවිද?

:       0       0

Don perera Thursday, 13 May 2021 12:33 PM

අපි තාමත් වනචාරී යුගයේ

:       31       19

samanThursday, 13 May 2021 12:51 PM

ඒ කියන්නේ මංකොල්ල කාරයින්ට, මිනීමරුවන්ට, කප්පම් කාරයින්ට නිදහසේ සමාජයේ සැරිසරන්ට ඉඩ නොදෙන හින්දද?

:       7       31

beauThursday, 13 May 2021 02:40 PM

එතකොට මේ මැරිච්ච අය කවුද දන්නේ නැහැ ?

:       0       0

රුවන් Thursday, 13 May 2021 01:19 PM

මොනවා කිව්වත් මූංව හුරතල් කරන්න හොඳ නෑ වැඩේ දෙන්නම ඕන.කාලය නාස්ති කරා වැඩියි

:       4       51

Kumara Thursday, 13 May 2021 01:31 PM

නෑ මහත්තයො මේක සිරි ලංකාව. මේ වැඩ හුරේ දාල අනුමත කළොත් හෙට ඔබට වුණත් වෙඩි තියල පතාලකාරයෙක් ලෙස නම් කරන්න ඉඩ තියෙනව.

:       14       17

විජේ Thursday, 13 May 2021 04:29 PM

රටේ නීතිය හා එය ක්‍රියාත්මක කරන අය වැටී ඇති අසූචි වලේ ගඳයි මේ එන්නෙ. මේ ටික කිව්වට තරහවෙන්න එපා, නඩු දාන්නත් එපා

:       0       0

Lakma Friday, 14 May 2021 08:55 AM

හොද වැඩක් තමයි වෙලා තියෙන්නේ. මට නම් සතුටුයි... ස්තුතියි.

:       0       11

Mangala Friday, 14 May 2021 03:12 PM

ජාතිය, සමාජය විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් කෝටි ගණන් මුදල් අය කරමින් බේරාගෙන සමාජය විනාශ කිරීමට ඉඩ නොලැබීම නිසා මේ අය කුපිත වෙලා ඉන්න බව පේනවා...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

දුම්රිය රියදුරු විභාගයෙන් මගීන් පීඩාවට
2025 ජනවාරි මස 17 93 0

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) දිනයේ දුම්රිය ගමන්වාර අවලංගු


බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත්
2025 ජනවාරි මස 17 168 0

බී.බී.සී නාලිකාවේ මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව තේරී පත්වෙමින් 9 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝප


කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි
2025 ජනවාරි මස 17 466 0

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදි


විදුලි බිල සියයට 20කින් පහත දමයි
2025 ජනවාරි මස 17 2099 8

විදුලි බිල සියයට 20කින් පහත දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නිවේදනය කළේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2025 ජනවාරි මස 17 310 0

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී මෝටර්ට්‍රොලියක් අද (17) දහවල් පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල සිට කොළඹ ක


රත්මලානෙන් නාදුනන කාන්තා මළසිරුරක්
2025 ජනවාරි මස 17 1163 0

රත්මලාන ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස ප


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 317 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 584 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site