IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම නියමු ව්‍යාපෘතියක්’

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ  ජාතික පාසල්හි  නියමු ව්‍යාපෘතියක් ලෙස පමණක් බව  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
 
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
 
දිවයිනේ  සියලු පාසල්හි  උසස්පෙළ  සිසුන්ට ටැබ් පරිගණක බලා දීමේ යෝජනාව  පසුගිය 2017 වසරේදී කැබ්නට් මණ්ඩලයට  ඉදිරිපත් කෙරෙන අතර  එහිදී  ජනාධිපතිවරයාගේ  නිර්දේශය වූයේ  දීප ව්‍යාප්තව එකවර මෙම ව්‍යාපෘතිය ඇරැඹිම නොකළ යුතු බවත්  එය ජාතික පාසල් නියමු ව්‍යාපෘතියක් ලෙස පමණ ඇරැඹිය යුතු බවත්ය.
 
එසේම විෂය මාලා කරුණු හැර  වෙනත්  අන්තර්ජාල අවකාශයන්ට ප්‍රවේශවීමට ඇති ඉඩ වැලැක්විය යුතු යැයිද ජනාධිපතිවරයා සඳහන් කරයි.
 
රුපියල් බිලියන පහහමාරක් මේ සඳහා  වෙන් කර ඇති අතර  අවශ්‍ය මුදල් ප්‍රමාණය රැගෙන ඉතිරි මුදලින්  දිවයින පුරා පිහිටි  අඩුපාඩු සහිත පාසල්හි භෞතික උපකරණ ලබා ගැනීම වෙනුවෙන් යොමු කරන  ලෙසඳ ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
 
පාසල් දරුවන්ට  නව තාක්ෂණික දැනුම   ලබා දීම අත්‍යවශ්‍ය වුවත් දරුවන්ගේ විනය සහ මානසික මට්ට සුදුසු අයුරින් මෙම වැඩසටහන් සිදුකිරීම  ජනාධිපතිවරයාගේ  අදහස වී තිබේ.

( මාධ්‍ය නිවේදනය පහත දැක්වේ) 



අදහස් (4)

‘උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම නියමු ව්‍යාපෘතියක්’

wimal Monday, 01 July 2019 07:14 AM

අනේ තුමෙනි, අපිව සනසන්න කතා කලාට ඒගොල්ල වැඩේ කරගෙන කරගෙන යනවා. අපිට ඔබ දෙගොල්ලම පෙන්නේ නිකන් නස්තිකාරයෝ හැටියට. ඔබලාගේ වචන වලටත් අපිට මුදල්!

:       11       23

chandima Monday, 01 July 2019 12:08 PM

ඔය නියමු ව්‍යාපෘතිය කියන්නේ නම් බොරුවක්. අන්තිමට කොළඹට කිරි, ගමට කැකිරි තමයි. ටැබ් ගත්තු අය ඉගෙන ගනියි. නැති උන්ට හුළං. දෙනවා නම් හැමෝටම දෙන්න. එතකොටයි රට පුරාම එක හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන්නට පුළුවන් වෙන්නේ...

:       0       0

BamunuarachchiMonday, 01 July 2019 12:51 PM

හලෝ ගමේ පාසල්වලට ටැබ් තියාගන්න මේස ඕනේ නේද වාඩිවෙන්න පුටු ඕනේ නේද? ඉස්සෙල්ලා එ්වාදෙමු. මේක ඡන්ද ව්‍යාපෘතියක්. දැන් ළමයි අම්මා තාත්තාට කියනවා ටැබ් ලබා ගන්න මේ ආණ්ඩුවට ඡන්දය දෙන්න කියලා. ඕකයි ගැටේ... නිදහස් උත්සවකට ලැප්ටොප් ඩාන්ස් දාපු මිනිස්සුනේ මේගොල්ලෝ...

:       48       1

tikiri Tuesday, 02 July 2019 07:50 AM

අගමැති තුමා කියන්නේ ටැබ් ළමයින්ට ගෙදර ගෙනියන්ට දෙන්නේ නැහැ කියලයි . අනේ මන් දන්නේ නැහැ ළමයි ඉස්කෝලේ ඉගෙන ගත්තු ඒවා ගෙදර ගිහිල්ල පාඩම් කරන්නේ කොහොමද කියල .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 240 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 390 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site