තරිඳු ජයවර්ධන
ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් සකස් කළ උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයට අදාල නව විෂය නිර්දේශය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව දැනට පැරණි විෂය නිර්දේශය ක්‍රියාත්මක කළ යුතු බවත්, ලබන වසරේදී සියලු පාර්ශ්ව සම්බන්ධ කරගෙන නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් විෂය නිර්දේශයක් සකස් කරන බවත් මේ ගැන කළ විමසීමකදී අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
මීට පෙර පැවැති විෂය නිර්දේශය වෙනස් කරමින් සකස් කළ අලුත් විෂය නිර්දේශය ගැන පසුගිය මාසයේ ගුරු පුහුණු සැසි පවත්වද්දී ඊට දැඩි විරෝධයක් එල්ල විය. අලුත් විෂය නිර්දේශයෙන් පැරණි විෂය නිර්දේශයේ වැඩි කොටසක් වෙනස් කර ඇති බවත්, සිසුන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති බැවින් නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීමේදී ගැටළු පැන නැගෙන බවත් ගුරුවරු කීහ.
නව විෂය නිර්දේශය සකස් කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනකු විසින් බැවින් එය ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණු අතර ගුරු පුහුණු සැසියකදී ඊට සහභාගී වූ ගුරුවරුන් සියලු දෙනා විරෝධය දක්වමින් නැගිට ගොස් තිබිණි.
නව විෂය නිර්දේශය අත්හිටුවන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බැලූ ජාතික අධ්‍යාපන ආයතනය ඒ බව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දුන් බවත්, ඒ අනුව එම නිර්දේශය අත්හිටුවීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ ජනමාධ්‍ය නව විෂය නිර්දේශය අත්හිටුවයි
Upul mannapperuma Wednesday, 13 December 2017 08:44 AM
හොඳ තීරණයක් ඒක නම්...
suganfhi Wednesday, 13 December 2017 10:15 AM
මේක හොඳ තීරණයක් !!!