(රංජන් කස්තුරි)

උමා ඔය සංවර්ධන ව්‍යාපාරය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන ගැටළු පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය පිළියම් යෙදීම පිණිස ඇමති අනු කමිටුවක් පත් කර තිබේ.

මහින්ද අමරවීර,චම්පික රණවක සහ විජිත් විජයමුණි සොයිසා යන මහත්වරු එම ඇමති අනුකමිටුවට අයත්වන බව නව කැබිනට් සම ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“උමා ඔය ව්‍යාපෘතිය අපේ ආණ්ඩුව අලුතින් පටන් ගත් එකක් නෙවෙයි.කළින් ආණ්ඩුව ආරම්භ කළ ව්‍යාපෘතියක්.ඉරානයෙන් විශාල ණය මුදලක් ලබාගෙන තමයි මේක ක්‍රියාත්මක කරන්නේ.“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය..