( නිමන්ති රණසිංහ )
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන බන්ධනාගාරගත කර සිටින උදයංග වීරතුංග මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම සිද්ධියට අදාළ ප්‍රධන පොලිස් පරීක්ෂක ෆැන්සිස් මහතා විමර්ශන සඳහා තව දුරටත් අවශ්‍ය බැවින් ඔහු ලබන නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
පහසුකම් සහිතව රිමාන්ඩ්ද? ලෙඩ නෑ කියපු දොස්තර මාරු කළාද? පරිස්සමෙන් තියාගන්න හොඳේ.
වෙනදේවල් නම් මම දන්නේ නැහැ. මේ මනුස්සයා තමයි පසුගිය ඊලාම් යුද්ධයේදී ඇමෙරිකාව ඇතුළු අපි ආදරයෙන් වැළඳගෙන කඩේ ගියපු රටවල් එක උණ්ඩයක්වත් නොදී අපිට සම්බාධක දාද්දී රුසියාවේ වගේම චෙක් ජනරජයේ හොඳහිත දිනාගෙන කොටින්ට පැනලා දුවනකම් ගහපු බල්ටි බැරල් අවි සහ යුුද ගුවන්යානා ටික ගෙනාවේ.
උදයංග මල්ලි, අපි කට්ටියම එකතුවෙලා හොරකම් කළාට, නුඹ තනියම අවුරුදු 5ක් හැංගිලා හිටියනේ. තව ටික දවසක් ඔහොම රිමාන්ඩ් එකේ ඉන්න. බයියන්ගේ ඡන්දෙන් ඊළඟ මහ මැතිවරණයෙන් දිනුවට පස්සේ, නුඹව මම එළියට ගන්නම්... හැබැයි දැන් එළියට ගත්තොත් වැඩේ කොරවෙනවා. අනික උඹට අවුලක් නැහැනේ.... තරු 5හේ බන්ධනාගාර රෝහලේ සනීපෙන් ඉන්නවනේ... පොල්ලෙලි වලට ජයවේවා!
අසනීප මොකුත්ම නෑ....
අනේ ඔය උදයංග මල්ලිව පරිස්සමෙන් බලාගන්න. ඡන්දෙන් පස්සේ ජනතාව (69 ලක්ෂය ) ගොනාට අන්දලා ඉවර උනාම එළියට ගන්නම් හොඳේ. නන්දසේන /පර්සි ආටක නාටක.