(නාලක සංජීව දහනායක)

කොළඹ නගරයේදී පවත්වන සාමකාමී උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ කණ්ඩායම් සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (03)  පැවසීය.

යම් හෙයකින් ආණ්ඩුව එවැනි උත්සාහයක් දැරුවහොත් එයට එරෙහිව ජනතාවද දැඩි තීන්දුවක් ගනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

 මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය

‘මෙම උද්ඝෝෂණය පවත්වන ස්ථානයක් පිළිබඳව අපි තවම තීරණය කර නැහැ. පක්‍ෂ නායකන් ඒ පිළිබඳ අවසන් තීරණය ගනීවි. සියලූම දෙනාට ඒකරාශී වියහැකි ස්ථානයක් අපි සූදානම් කරනවා.

මෙතන කිසිම දේශපාලන භේදයක් නැහැ. දෙව්න්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වූ සියලූම ජනතාව මෙයට සහභාගි වෙනවා. මේ සාමකාමී උද්ඝෝෂණය සම්බන්ධයෙන් ආණ්ඩුව දැනටමත් ව්‍යාජ ප‍්‍රචාරයක් ගෙනියනවා.

මේ උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ කණ්ඩායම් දැනටමත් සූදානමින් ඉන්න බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අපි කොළඹට එන්නේ රාජ්‍ය දේපළ විනාශ කරන්න නෙවෙයි.

යහපාලන ආණ්ඩුව රාජ්‍ය දේපළ විනාශ කරනවා. අපිට  ඕන මේ ආණ්ඩුව පළවා හැර ජනතාවාදී පාලනයක් බිහිකරලා රාජ්‍ය සම්පත් ආරක්‍ෂා කරගැනීමටයි.

කොළඹ නගරයේ රාත‍්‍රීයක් ගතකළ යුතු බවට කොළඹට එන ජනතාව තුළ මතයක් තියෙනවා. ඒ ජනතාව එළවන්න අපිට බැහැ. ඒ නිසා ආණ්ඩුව දැඩි තීන්දුවක් ගන්න ගියොත් ආණ්ඩුවත් දැඩි තීන්දුවක් ගනීවි යැයිද ඔහු සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී  පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

(ඡායාරූපය ඉෂාන් සංජීව)