(රොමේෂ් මධුෂංක)
උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කිලිනොච්චි ඩිපෝ මන්සංධියේදී ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.
‘මම කියන්න කැමතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා එහෙම ඇවි තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාල එයාලට කියන්න උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් විමසීමක් කරන්නැතුව දෙන්න එපා කියල තියෙන්නෙ කියලා මගෙන අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න
ඒ වගේම මේ පලාත මධ්‍යම රජයෙන් එක පලානයක් සිද්ද වෙනවා පලාත් සභාවෙන් තවත් පාලනයක් සිද්ද වෙනවා මේ දෙකටම අමතරව තුන්වනුව තවත් පාලනයක් විදිහට ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා මේ සියලු පාලනයන්ගෙන් අපහසුතාවයට පත්වෙන්නේ අපේ ජනතාවයි මේ හේතු නිසා තමයි අපි මුල සිටම ෆෙඩරල් පාලනයක් ඉල්ලන්නේ මීට අමතරව ලංකාවේ පලාත් නවයෙම ස්වයං පාලනයකුත් අවශ්‍යයි කියලා ඉල්ලීමකුත් කරන්න ඔිනෑ.‘
COMMENTS
කොහොමද මුගේ සද්දේ .....
මොලේ කචල් වෙලා....මේ චුටි දුපතට වෙන වෙනම ස්වයං පාලනයක්.ඉල්ලන මෙයාව වහාම අංගොඩ මානසික රෝහලට යවන්න.මේ රටට පළාත් සභා අවශ්‍යත් නැහැ. ඕවා ඔක්කොම ඉන්දියාවෙන් අපිට බලෙන් පවරපු කැලි කසල. මේ දුපත පාලනය කරන්න බුද්ධිමත් උගත් අවංක දුෂණ චෝදනා එල්ලවී නැති දේශපාලුවන් ඉදිරියේ නොනවෙන කොන්දක් ඇති මොලය ඉදිමිලා නැති පරිපාලකයින් පිරිසක් තමයි අවශ්‍ය. උගත් බුද්ධිමත් අවංක ඇමතිවරු 20 දෙනෙක් මේ රටට වැඩිත් එක්ක. උප ඇමති...අර ඇමති...මේ ඇමති වරු අවශ්‍ය නැහැ.
මෙයාට විරුද්ධව උසාවිය නඩුවක් පවරන්න පුළුවන් ඒ වගේම බලන්න ඕන මෙවැනි ප්‍රකාශ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැදවන්න කියලා .
අනේ ඔයාගේ තොරතුරු ඔයා තියා ගන්න.මොනවා උනත් හොදට මේ අයගේ කතාවලින් පේනවා මේ අයට ඕනේ වෙනම පාලනයක්. රටේ කොන්ද තියන පාලකයෙක් හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ ඡන්ද වලට ඕනෑම දෙයක් කරයි අපේ සිංහල කියන නායකයෝ.මට නම් තේරෙන්නේ නැහැ මේ අයට තියෙන ප්‍රශ්න මොනවද කියල. හැබැයි රාජය භාෂාව සිංහල කරපු එකේ නම් අව්ලක් තියනවා.ඒක සිංහල වන අපිටත් තියනවනේ. අර මෙයාගේ නැයෙක් අපේ පාර්ලිමේන්තුවේත් ඉන්නවා නේද.අපි ඔක්කොම හොදින් ඉන්නේ හමුදාවේ හින්ද කියල මෙයට ඉක්මනින් තේරේව !!!!!!
සියලුම පළාත් සභා අහෝසි කරලා දැම්මම නො කතා නො සිනා. කොහොමත් පළාත් සභා කියන්නේ සල්ලි නාස්ති කරන තැන්. අවුරුද්දකට එක පළාත් සභාවක් වියදම් කරන සල්ලි වලින් වැව් කියක් ප්‍රතිසංස්කරණය කරන්න පුලුවන්ද? උතුරේ කීදෙනෙකුට වගා කිරීමට ජලය දෙන්න පුලුවන්ද? අනිකුත් පළාත්වල?
මට මතක් වෙනවා ප්‍රේමදාස මහතා වරධරාජා පෙරුමාල් එලවල දාප හැටි. ප්‍රභාකරන්ගේ අවතාරය හොල්මන් කලාට කිසි වැඩක් වෙන්නේ නෑ කියන එක කවද හරි අවතාරෙටත් තේරෙයි.
ප්‍රබාකරන් අමු අමුවේ සිංහල, දෙමල මිනිස්සු කපල කොටලා මරල දානකොට, දෙමල ලමයින්ව බලෙන් ගෙනියන කොට. කොලඹට වෙලා සෑපට ඉදල. කටහොල්ලන්න බයේ මීයො වගේ හෑන්ගිලා ඉදල දෑන් කියන්වනව.....
එතකොට කේරල ගංජා ගෙන්වන්නෙ විග්නේශ්වරන්ද කියල සැකයක් උපදිනවා ?
කවද ඉඳලද උතුරේ පාලන අදිකාරිය අතට ගත්තේ? මෙවැනි හිවලුන් නිසා ද්‍රවිඩ ජනතාවට සිදුවන අසදරණය ගැන කතා කොරන්න එක NGO හිවලේක්වත් නැද්ද අපේ රටේ?
බලය බෙදීමෙන් සහනය!!!
ඇයි ජනාධිපතිතුමා තව දුරටත් ඉවසගන ඉන්නේ? රණසිංහ ප්‍රේමදාස යුගයේ හිටපු උතුර නැගනහිර මහ ඇමති වරධරාජ පෙරුමාල් එම පළාත ඊලාම් රාජ්‍ය කියල නම් කරනවයි කියල කිව්වා විගස, ප්‍රේමදාස මහතා එම පළාත් සභාව වහාම විසුරුවා හැරිය. දැනටමත් පරක්කු වැඩි.
පාලන තුනෙන්ම අපහසුතාවයට පත්වන්නේ ඔහේලාගේ ජනතාව නම් ෆෙඩරල් පාලනයක් දුන්නොත් රටේම ජනතාව අපහසුතාවයට පත්වෙනවා එමනිසා ෆෙඩරල් පාලනය එපා තිබෙන තුන්පාලනය හොඳයි. එතකොට අපහසුතාවය ඔහෙලගේ ජනතාවට පමණයිනේ
තොරතුරු දැනගැනීමේ පනත් උල්ලංඝනය කිරීමක් බැවින් සිර ගත කල යුතුයි.....
මොහුට නම් යාපනයේ සාමයෙන් ඉන්න ජනතාවම දඬුවම් දිය යුතුයි වලපයයි ගොඩ පයයි තියාගෙන රටේ හිටපු ශ්‍රේෂ්ඨ අධිකරණයේ විශ්‍රාම ගිය විනිසුරු තුමෙක් හැසිරෙන විදිය පිළිකුල්
එහෙම කරාම ඇති ද?
මේවගේ දේවල් වලින් තමා උතුරේ මිනිස්සුන්ට හිතෙන්නේ එයාලා වෙනම කොටසක් කියලා. මේ දේශපාලකයෝ බලන්නේ එයාලගේ ඡන්ද ගොඩ දාගන්න විතරයි. රට ගැනවත් සාමාන්‍ය ජනතාව ගැනවත් කිසිම කැක්කුමක් නැ. මේවා තනිකරම ජාතික ආරක්ෂාවට තර්ජනය කරන කතා. මේවට නීතිය ක්‍රියාත්මක නොවෙන එක තමා ගැටලුව. යාපනේ අපේ හමුදා බුද්ධි අංශය තව තවත් ශක්තිමත් කරන්න ඕනේ. සාමාන්‍ය ජනතාවගේ ගැටළු රජයෙන් විසදන්න ඕනේ. ඔය පළාත් සභා වලින් කරන්න නොදී. රජය උත්සව වලට මේවගේ අයට ආරාධනා නොකර ඉන්න ඕනේ.