
(එෆ්. අස්ලම්)
සිංහල බෞද්ධ යටත්වාදී ආණ්ඩුවට එරෙහිව නැගී සිටිමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සියළුම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රතිපත්තිගරුකව ඒකරාශී විය යුතු යැයි ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
පාර්ලිමේන්තුවට තේරී පත් වූ උතුරු පාළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සිය පාර්ලිමේන්තු දේශපාලන ගමන ආරම්භ කරමින් අද (13) මුල්ලිවයික්කාල් හි සැමරුමක් සිදුකළ අතර එම සැමරුමට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමචන්ද්‍රන් මහතා මෙසේද කීය.
‘‘කිසිම ඵලකට නැති කැබිනට් මණ්ඩලයක් වත්මන් ආණ්ඩුව පත්කරගෙන තිබෙනවා.ඒ කැබිනට් මණ්ඩලය මුළුමනින්ම සිංහල බෞද්ධ යටත්වාදයට අනුගත පවුල් පාලනයකට පවතින්නේ. දෙමළ ජනතාවගේ අනාගතය ගැන තියෙන්නෙ ලොකු ප්‍රශ්නයක්. විවිධ අර්බුදවලට දෙමළ ජනතාව මුහුණ දී සිටිනවා.
දෙමළ ජනතාවගේ භූමියත් පැවැත්මත් අනතුරේ හෙලෙන ආකාරයේ අකටයුතුකම් උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍රගතව සිදුවෙනවා.
වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ දෙමළ මන්ත්‍රීවරුන් උතුරු නැගෙනහිර භූමියත් දෙමළ ජනතාවගේ පැවැත්මත් අනාරක්ෂිත වන සෑම අවස්ථාවකදීම නැගී සිටීම ඔවුන්ගේ වගකීමක්.
නව රජයේ සිංහල බෞද්ධ යටත්වාදය පරාජය කිරීමට නම් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අඩුම තරමින් ප්‍රතිපත්තිගරුකව මෙවන් අවස්ථාවලදී ඒකරාශී විය යුතුයි ‘‘යැයිද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල රටේ ඉදන් දෙමල අයිතිවාසිකම් ඉල්ලන ඔය වගේ ආත්මාර්ථකාමී මේ රටේ ඉන්න එක ගැන තමයි දුක.
මේ වගේ මිනිස්සු හින්දා තමයි රටට විපත.
පිස්සුද? දෙමළ මිනිස්සු කුලප්පු කරන්නේ නැතුව ඉන්න... නුඹලා අවුරුදු ගාණක් දෙමළ ජනතාව අන්දලා ඡන්දෙ ගත්තා. නැති ප්‍රශ්නයක් සිංහල, දෙමළ අතර මවලා නුඹලා ඡන්දෙ ගත්තා. දැන් ඉන්න දෙමළ මිනිස්සු ඕවාට අහු වෙන්නෙ නෑ. ඒ මිනිස්සු දන්නවා නුඹලා මවන යකා බොරු යකෙක් කියලා...
උතුරේ ජනතාව යතාර්ථය තේරුම්ගනිමින් සිටී. ඔබලාගේ ජාතිවාදය ප්‍රතික්ෂේප වී ඇත.
මේගොල්ලෝ හැමදාමත් කළේ කොළඹට වෙලා සියලු වරප්‍රසාද භුක්ති විඳින ගමන් දුප්පත් උතුරේ ජනතාව නොමග යවමින් ඒ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ හෙළන එක... තමිලිනීගේ පොත කියවනකොට ඒ බව ලස්සනට පෙනුණා.
ප්‍රභාකරන් -2
ඔයාලා නැති ලෙඩ හදන්න එපා.
දෙමළ මන්ත්‍රීවරු විතරක් නොවෙයි සමගි ජන බලවේගය, ජෙප්පෝත් එකතුකර ගන්න.
ඔය දෙමළ ජනතාව ගැන ආදරේට කියන කථා නෙමේ. මේ පාර මන්ත්‍රී ආසන අඩුවීමෙන් ඇති වුණු භය බීරාන්තකමට කියන ඒවා. සුමන්තිරනුත් විසිවෙන්නනේ ගියේ... මොකුත්ම වැඩක් නොකර ඉඳලා ඡන්දෙන් පරාද වුණාම, මේ වගේ අන්තවාදී කථා කියකියා ඉඳලා හරියන්නේ නෑ. ඉස්සරහටවත් මොකක්හරි සේවයක් කරනවා. ඇමතිකම් තියාගෙනත් මොකුත් වැඩක් නොවුනේ මොවුන් හිතුවා ඊළාම් කථාවෙන් හැමදාම උතුරේ මිනිස්සු අන්දගෙන ඉන්න. විග්නේශ්වරන් 4ක් බලාපොරොත්තු වුණාට උන්දෑටත් එකයිනේ හම්බ වුනේ. හොඳම වැඩේ...
ජාතිවාදිි නොවී මිනිසුන්ට වැඩකරන්න පුරුදු වෙන්න.