උතුරු කොරියාව ඉකුත් 3 වැනිදා කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළාදකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ උල්ලංඝණය කරන බවත් කලාපයේත් ඉන් පිටතත් සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් යැයි ද විදේශ අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව ඉදිරියේදී මෙවැනි අත්හදා බැලීම්වලින් වැළැකී සිටින්නැයි උතුරු කොරියාවට බල කරන සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
“උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශවලට අනුකූලව කටයුතු කළ යුතුයි. එමෙන්ම සාකච්ඡා ආරම්භ කර ගැටලුවට සාමකාමී විසඳුමක් සෙවීම සඳහා කටයුතු කළ යුතුයි. සාකච්ඡා කිරීමෙන් සාමය උදා කරගත හැකි අතර එය උතුරු කොරියාවේ සහ කලාපයේ රටවල ජනතාවගේ සුබසිද්ධියට සහ සෞභාග්‍යයට හේතුවනු ඇත”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් කියයි. අපි එහෙම එකක් කිව්වේ නෑ, අපි දන්නෙත් නෑ කියලා.
දැන් අපේ රටේ තස්ත්‍රවාදීන් ගම්මාන පිටින් විනාශ කරන විට ගුවන්තොටුපළට බෝම්බ දමන විට සංඝ රත්නය මහමඟ සහ පන්සල්වල කපාකොටා ඝාතනය කරනවිට ඔය කියන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉන්න අය එක රටකවත් කට ඇරලා කිසිවක් කීවද ? අඩුතරමේ කොටින්ට ආයුධ දෙන එක රටකටවත් ඒවා නතර කරන ලෙස කීවද ? මේ කිසිම දෙයක් උනේ නෑ අඩු තරමින් ඉන්දියාව වත් මේ නිවේදන නිකුත් කළාද? මෙතුවක් කල් කරගත්තේ රටවල් අමනාප කරගත්ත එක. කිසිම වැඩකට නැතිව පුලුවන්නම් උන්ට කියල අහක යන කෙනෙක් අපේ රටට පත් කර ගත්තොත් එදාට ඔය කියන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉන්න කවුරුත්ක අපි වෙනුවෙන් කතා කරයිද? කියල බලන්න....
දැන්නම් අනිවාර්යෙන් නවත්තනවා ..එක ෂුවර්. ඇමරිකාවෙන් කනවා වගේ නෙමෙයි මඩු වලිගෙන් කනකොට.. දැනටමත් බය වෙලා ඇති
ඇමෙරිකාව කීයක් දුන්නද දන්නෑ මේක කියන්න.
දැන් නම් උතුරු කොරියාවේ නායකයා බයවෙලා ඇති.
නිකන් විහිලු සපයනවා මේගොල්ලන්.
දැන් නම් ඉතින් උතුරු කොරියාව ඔක්කොම නවත්තල දායි.
දැන් නම් ඉතින් උතුරු කොරියාව ඔක්කොම නවත්තල දායි.
මෙව්වට තමයි රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න යනවා කියන්නේ.
මේ ලංකාවේ සිද්ධ වෙන දේවල් හෙලා දැකල ඉන්නකෝ
අපරාදේ තව ටික කාලයක් කරගෙන යන්න ඉඩ දෙන්න තිබුනේ. ලංකාව මෙහෙම කිව්වහම රුසියාවත් හෙල්ලෙනවා. පූටින් මෙලහකටත් හැංගෙන්න තැන් හොයනවා ඇති.
අනේ මට සමාවෙන්න . මේ වෙනකන් මම ජ්හිතුවේ නැහැ ඔබ තුමාලා මේකට ඇත දමයි කියලා. අනේ මට දැන් නම් බයයි. මම හෙටම මේ ඔක්කොම ටික වහල හොද කොල්ලෙක් වගේ ඉන්නම්. - මීට විශ්වාසී කිම් ජෝන් අන්.
අන්න කිම්ජුන් පෙරලි පෙරලි අඩනාවලු ශ්‍රී ලංකාවෙන් එයාට තර්ජනය කරනවා මේ වැඩ නවත්වන්න කියල මිනිහ රුසියාවට කියනවලු ලංකාවෙන් අවසර අරන් දෙන්න කියල මේ වැඩ දිගටම කරග යන්න ඉඩ දෙන්න කියල
ඇත්තටම අපේ අයට එක ඇන්ටි මිසිලයක් වත් නෑ. එ්ත් කටේ සද්දේ නම් අඩුවක් නෑ.
දැන් උතුරු කොරියාව ඇමරිකාව අතර යුද්ධයක් බොහෝ දුරට ඇති වෙයි...මොකද? උතුරු කොරියානු ජනාධිපති නහයට අහන්නැති අයෙක් කියලා ඕන කෙනෙකුට තේරෙනවා. අපේ කට්ටිය නිකං පාඩුවේ ඉන්නේ නැතුව හෙළා දකින්න ගිහිල්ලා අහක යන තොප්පි ඔළුවේ දාගෙන කොහෙට හරි යවන නෂ්ටික බෝම්බයක් අපිට ගෙන්න ගන්න තමයි දඟලන්නේ....