සෝල්හිදීය (රොයිටර්)
සාම සාකච්ඡා සඳහා උතුරු කොරියාවට පැමිණෙන්නැයි එරට නායක කිම් ජොන්ග් උන්ග් දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් වෙත ආරාධනා කර ඇතැයි දකුණු කොරියානු බලධාරීහූ පවසති.
ඒ අනුව දෙරටේ නායකයන් දෙදෙනා අතර සාකච්ඡා පැවත්වුවහොත් වසර 10කට පසු කොරියානු නායකයන් දෙදෙනා හමු වී සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව මෙය වනු ඇත.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් පසුගිය වසරේදී බලයට පත්වූයේ ද උතුරු කොරියාව සමඟ සාමකාමී ප්‍රවේශයකට පිවිසෙන බව ප්‍රකාශ කරමිනි.
උතුරු කොරියානු ජනාධිපතිවරයාගේ ආරාධනය දකුණු කොරියානු ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත්තේ, ශීත ඍතු ඔලිම්පික් උලෙළට සහභාගීවීම සඳහා පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගෙණිය වන කිම් යෝ ජොන්ග්ය.
“උතුරු කොරියානු ජනාධිපතිවරයාට මා මුණ ගැසීමට අවශ්‍ය වී තිබෙනවා. අපි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමු” යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් පවසා තිබේ.
ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාගේ ආරාධනයා පිළිගත් බව දකුණු කොරියානු ජනාධිපති මන්දිර ප්‍රකාශයෙක් කීය.
අවසන් වරට දෙරටේ නායකයන් දෙදෙනකු මුණ ගැසුණේ 2007 වසරේදීය.
055





2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරු කොරියාවට පැමිණෙන්නැයි දකුණු කොරියානු ජනාධිපතිට ආරාධනා
Kusal Saturday, 10 February 2018 05:49 PM
මේ දෙගොල්ලෝ හොඳින් හිටියොත් ඇමරිකන් කාරයින්ව සියල්ලෙන් එලවන්න පුළුවන්. ඊට පසුව ජපානෙත් මේ අය එක්ක හොඳින් ඉන්න ඕනේ.
lalith Saturday, 10 February 2018 06:36 PM
මේ එකම පවුලේ දෙසොහොයුරන් අවුළුවා තමන්ගේ ආයුධ විකුණා ගැනීමට මාන බලන හිවලුන්ට පාඩමක් උගන්වා සාමකාමී ඒකීය කොරියාවක් බිහිකිරීමට මේ බෞද්ධ රාජ්‍යයට හැකියාව ලැබේවා !!!.