IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


උඩුවේ ධම්මාලෝක හිමිට විදේශගත වෙන්න අවසර‍

(මනෝප‍්‍රිය ගුණසේකර)

සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා විදේශ ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (08) අවසර දුන්නේය.

වස්සාන සමයේදී ධර්ම ප‍්‍රචාරක කටයුතු සදහා වැඩම කරන ලෙස උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලෝකයේ විවිධ රටවල සිටින බෞද්ධයින්ගෙන් ආරාධනා ලැබී ඇති හෙයින් ඒ සදහා විදේශගත වීමට අවසර දෙන්නැයි උන්වහන්සේගේ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ලබන සැප්තැම්බර් මස 19 වැනිදා තෙක් විදේශගත වීමට මෙලෙස අවසර දුන්නේය.

පොදු දේපලක් වන අලි පැටවා නිසි බලප‍රත‍්‍රයක් නොමැතිව තබාගෙන සිටි බවට නීතීපතිවරයා විසින් උඩුවේ හිමියන්ට එරෙහිව නඟා ඇති චෝදනා සනාථ කිරීමට සාක්කිකරුවන් 19ක් හා ලේඛන තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා  අධිකරණයට දැනුම් දී ඇත.

මෝෂමකට අනුව මෙම නඩුව  කැඳවු අවස්ථාවේදී විත්ති කුඩුවේ සිටි ධම්මාලෝක හිමියන් අත එසවු අතර උන්වහන්සේගේ නීතීඥවරයා ධම්මාලෝක හිමියන් අසලට ගොස් යළි පැමිණ ධම්මාලෝක හිමියන්ට විශේෂ ප‍්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව අධිකරණයට කීය.

ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ විශ්ව විජේසුරිය මහතා අධිකරණය අමතමින් ධර්ම ප‍්‍රචාරක කටයුතු සදහා උඩුවේ ධම්මාලෝක හිමියන් විදේශ රටවලට වැඩම කිරීමට අවසර දීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැත් මෙම නඩු විභාගය හෝ ආරම්භ කර නැති අවස්ථාවකදී විත්ති කූඩුවේ සිට විශේෂ ප‍්‍රකාශයක් කිරීමට අවසර දීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ යැයි කීය.

විත්තිකරුවකුට විත්ති කූඩුවේ සිට ප‍්‍රකාශ  ලබා දිය හැක්කේ නඩු විභාගය අවසානයේදී බවත් මේ අවස්ථාවේදී ඒ සදහා අවසරයක් නොදෙන ලෙසත් පැවසු රජයේ නීතීඥ විශ්ව විජේසුරිය මහතා ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ විභාගය ලබන සැප්තැම්බර් මස 20 වැනිදා පැවැත්වීමට දින නියම කර ඇතැයි කීය.

 



අදහස් (6)

උඩුවේ ධම්මාලෝක හිමිට විදේශගත වෙන්න අවසර‍

පිටිගල මිලානෝ Tuesday, 08 August 2017 08:40 PM

විදේශගතවෙන වෙලාවල්වල ගුවන්යානයේ ජනේලයෙන් පිටත බලාගෙන යන්න. අනිවාර්යයෙන්ම නිවන් මග ඔබ දකීවි.

:       0       0

sanju Wednesday, 09 August 2017 01:23 AM

මෙහෙමත් රටක්. හාමුදුරුවෝ අලි පැටිය තියාගෙන ආදරයෙන් සලකල මෙච්චර දඬුවම්. හැබය් රවිල් කරුනනයකලා, බැසිල් රාජපක්ෂලා, රාජිතල, රනිල්ලා අැලෝසිඅසලා මහා දවල් පෙනී පෙනී බිලිඅන ගණන් මංකොල්ල කල තාමත් ඇමතිලා. මේ තිස් තුන් කෝටියක් දෙවියෝ ඉන්න රටේ එක දෙවියෙක්ටවත් පෙන්නේ නැති හැටි.

:       0       0

rocy Wednesday, 09 August 2017 03:16 AM

ඇතා පිටේ නැගී අහසින් යන්න පුළුවනි!

:       1538       172

විමල් නිව් යෝක්, ඇමෙරිකාව Wednesday, 09 August 2017 05:43 AM

ලංකාවේ ඉන්න එන්. ජී. ඕ. නඩ හැම මස් වර්ගයක්ම කනවා. නමුත් ලංකාවේදී සත්ව හිංසාව ගැන දේශනා ඇදබානවා. බටහිර ඉන්න අපට මේ ස්වාමීන්වහන්සේ හරිම වටිනවා.

:       0       0

maheeWednesday, 09 August 2017 07:37 AM

ඇත්තම තමයි, කරන දේශනා වල හැටියට මමත් හිතාගෙන හිටියේ පාස්පෝට් තියා ගුවන් ටිකට් පත්වත් ඕනෑ නැහැ කියලයි.

:       0       0

kumar (galf) Wednesday, 09 August 2017 08:16 AM

වැදීබණනේ, පලවෙනි පහවත් රැකගෙන ඉන්න බෑ.

:       6       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site