IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උක් ගොවීහූ මානව හිමිකම් යති

(රංජන් කස්තුරි)

සෙවණගල සීනී සමාගමේ සභාපති ඇතුළු පාලන අධිකාරියට එරෙහිව උක් ගොවීහූ පිරිසක් අද (18) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

එම සමාගමට අයත් ඇඹිලිපිටිය , තණමල්විල ,සෙවණගල ආදී ප්‍රදේශවල උක් ගොවීහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් එම අවස්ථාවට සහභාගී වූහ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් උක් ගොවීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති ඩී.ඩී ජයතිලක මහතා මෙසේ පැවසීය.

“මේ සමාගම යටතේ ගොවි පවුල් 3921ක් පමණ ඉන්නවා.පාලනාධිකාරියේ හිතුවක්කාරී තීරණය නිසා පවුල් 230ක් පමණ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.සමාගමේ වර්තමාන පාලකයින් ගොවීන්ව දැඩි මර්දනයට ලක් කර තිබෙනවා.අපේ උක් ඵලදාව නිසි පරිදි මිලදී ගන්නා කිසිම ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ අයට නැහැ.මේ නිසා උක් නිෂ්පාදන මෙට්‍රික් ටොන් 78000ක් පමණ මිලදී ගන්න සමාගමට හැකියාවක් නෑ.“



අදහස් (0)

උක් ගොවීහූ මානව හිමිකම් යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site