IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඊ.අටි.අයි. - ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වන්දි

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් යන ආයතනවල තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමයකට යටත්ව වන්දි මුදල් පිරිනැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ලිමිටඩ් පී.එල්.සී යන ආයතනවල තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මඟින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් දා රැස් වූ අතර මේ මස 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ලිමිටඩ් පී.එල්.සී යන ආයතනවල ව්‍යාපාර තහනම් කිරීමට තීරණය කළේය.

ඒ අනුව ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් යන ආයතනවල තැන්පත්කරුවන්ට වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45ක් මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවන අතර එක් තැන්පත්කරුවකුට රුපියල් ලක්ෂ හයක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දෙනු ඇත.

වන්දි මුදල් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මේ වනවිට වෙන් කර ඇතැයි ද මෙම ගෙවීම් ක්‍රියාවලිය කාර්යක්ෂමව කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙම වන්දි මුදල් සඳහා අයදුම් කිරීමේදී තැන්පතු සහතිකය සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගය දෙන්නැයි ද අදාළ ආයතන දෙකේ තැන්පත්කරුවන්ගෙන් සහ තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් ද කරයි.

මහජන බැංකුව 011 2 481 594, 011 2 481 320 , 011 2 481 617, 011 2 481 703 සහ ශ්‍රී ලංකා මහ බැංකුව 011 2 398 788 හා 011 2 477 261 යන දුරකතන අංක ඇමතීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

055



අදහස් (5)

ඊ.අටි.අයි. - ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වන්දි

Perera Thursday, 23 July 2020 12:44 AM

ඇවිල්ල ඇවිල්ලා ඡන්ද කාලේ ආයේ ඇවිල්ලා, ගනිල්ලා ගනිල්ලා සීනිබෝල ඇහින්දගනිල්ලා.

:       1       2

saman Thursday, 23 July 2020 03:23 AM

මහා බැංකුවෙන් වන්දි ගෙවනවා යනු, මහජන බදු මුදලින් වන්දි ගෙවීමකි.

:       2       9

danidu Thursday, 23 July 2020 05:40 AM

මෙහෙම කියන තරම් සරල නැහැ මේක ගන්න ගියාම. අදාල බැංකුවේ අයගේ සැර බලන්න වෙනවා. සහතිකේ එක පැන් ඉරක් තිබුනත් කොලබ ගිහින් ඊ.අටි.අයි. එකෙන් හදාගෙන එන්න කියයි.

:       1       3

sathsara Thursday, 23 July 2020 06:00 AM

මෙහි මහ බැංකුව සහ මහජන බැංකුව දුරකථන අංක තිබුණත් ETI එකේ දුරකථන අංක නැත.

:       1       0

Rohana Thursday, 23 July 2020 06:16 AM

බැංකු නොවන මූල්‍ය සමාගම්වල තැන්පතු අවදානමක් තිබෙනවා. ඉහත සමාගම් දෙකට සිදුවී ඇත්තේ එයයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site