IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඊශ්‍රායල පොලිසිය වංචාවක් ගැන අගමැති නෙතන්යාහුගෙන් ප්‍රශ්න කරයි

ජෙරුසලමේදීය (රොයිටර්)
 
විදුලි සංදේශ වංචාවක් සම්බන්ධයෙන් ඊශ්‍රයාල පොලිසිය එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ප්‍රශ්න කළ බව ‘ඊශ්‍රායල ගුවන්විදුලිය’ අද (2) සිකුරාදා වාර්තා කළේය. 

 
ඊශ්‍රායලයේ විශාලතම විදුලි සංදේශ සමාගම වන ‘බෙසෙක්’ සමාගම සම්බන්ධ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිවරයාගෙන් මෙසේ ප්‍රශ්න කර තිබේ. ඊශ්‍රායල අගමැතිවරයාගෙන් දූෂණ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ පළමු වරටය. 
 
තවත් අල්ලස් සිදුවීම් දෙකක් සහ දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ද ඊශ්‍රායල අගමැතිවරයාට චෝදනා එල්ල වී තිබේ. මෙම පරීක්ෂණයත් සමඟ සිව්වැනි වරටත් අගමැතිධුරය හොබවන නෙදන්යාහුගේ දේශපාලන පැවැත්මට ද තර්ජනයක් එල්ල වී තිබේ. 
 
මේ සිදුවීම් සියල්ලේදීම තමන් කිසිදු වරදක් කර නැතැයි චෝදනා ප්‍රතික්ෂේප කරමින් නෙදන්යාහු පවසයි. අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ සිදුවීම් ‘කේස් 4000’ යනුවෙන් හැඳින්වෙන අතර ‘බෙසෙක් ඊශ්‍රායල විදුලි සංදේශ’ සමාගමේ ප්‍රධානීන්ගෙන් ද ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ. 
 
මෙම ‘කේස් 4000’ නැමැති සිදුවීමේදී ‘බෙසෙක් ඊශ්‍රායල විදුලි සංදේශ’ සමාගම විදුලි සංදේශන නියාමකයන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීම උදෙසා ඔවුන්ගේ පුවත් වෙබ් අඩවියක අගමැති නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් හිතකර සහ සතුටුදායක අයුරින් පුවත් වාර්තා කර ඇතැයි ද අනාවරණය වී තිබේ. 
 
ඊශ්‍රායලයේ ප්‍රමුඛ සහ ප්‍රබල දේශපාලනඥයකු වන නෙතන්යාහු2009 වසරේ සිට බලයේ පසුවෙයි. වසර 1996 සිට ගත්විට ඔහු බලයේ රැඳි සිටි සම්පූර්ණ කාර්යාලය අවුරුදු 12කි. ඔහු 2019 වසරේදී පැවැත්වෙන මැතිවරණයට ද ඉදිරිපත්වීමට සූදානමින් සිටියි. ලබන වසරේදී බලයට පත්වුවහොත් ඔහු අගමැතිධුරයට පත්වන පස්වැනි අවස්ථාව එය වනු ඇත.  
 
055



අදහස් (4)

ඊශ්‍රායල පොලිසිය වංචාවක් ගැන අගමැති නෙතන්යාහුගෙන් ප්‍රශ්න කරයි

ජගත් ලියනගේ Friday, 02 March 2018 12:11 PM

"ඊශ්‍රායලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ" - ගායක සුනිල් පෙරේරා මහතාගේ සින්දුවක කොටසක් උපුටා ගැනීමකි.

:       53       77

Ranjith Friday, 02 March 2018 12:27 PM

ඊශ්‍රායලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...

:       0       12

lusena Friday, 02 March 2018 01:36 PM

පොලීසිය ලංකාවේ අගමැති අල්ලාගැනීමට සැරසෙනවිට ඔහු විසින් පොලිසිය අල්ලාගන්නා ලදී.

:       462       1082

SL Friday, 02 March 2018 03:00 PM

නෙත්නියාහුත් 'බය නැති අගමැති' කියලා පෝස්ටර් ගැහුවද දන්නේ නැහැ?

:       0       136

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 241 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 391 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site