IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඊශ්‍රායලයේ රැකියාවලට ශ්‍රමිකයින් යැවීම රජයෙන් පමණයි

(තිළිණි ද සිල්වා)

මින් ඉදිරියට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (15) පැවසීය.

ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කරගත් රාජ්‍ය තාන්ත්‍රික  ගිවිසුමකට අනුව මෙය සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊශ්‍රායලයේ ගෘහස්ථ සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින් යවනු ලැබූ ශ්‍රී ලංකිකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අයකිරීම පිළිබඳව තොරතුරු ලැබී තිබූ අතර මෙම හේතුව මත ඊශ්‍රායල රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මඟින් එරටට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම අත්හිටුවා ඇතැයි ද අමාත්‍යවරයා කීය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිඳු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ශ්‍රී ලංකීක ශ්‍රමිකයින් යැවීමට අවස්ථාවක් හිමි නොවන බවය.

එම නිසා ඊශ්‍රායලයට ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් යැවීම පිළිබඳව සමහරු සිදුකරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඔහු  මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යධිකාරී මංගල රන්දෙණිය මහතාගෙන් ලංකාදීපය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඊශ්‍රායලයේ මේවන විට පවතින කෝවිඩ් වසංගත තත්ත්වය අවසන් වූ වහාම එරටට මෙරට ශ්‍රමිකයින් යැවීමේ ප්‍රවර්ධන කටයුතු රජය විසින් ආරම්භ කරන බවය.

ඒ අනුව විශේෂ සේවා ගාස්තු අය කිරීමකින් තොරව ඊශ්‍රායලයේ ගෘහස්ථ සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ලාංකිකයින්ට යෑමට වරම් ලැබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යධිකාරීවරයා පැවසීය.

 



අදහස් (8)

ඊශ්‍රායලයේ රැකියාවලට ශ්‍රමිකයින් යැවීම රජයෙන් පමණයි

sena Tuesday, 15 September 2020 03:32 PM

අනෙකුත් රටවලටත් මේ ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුයි.

:       0       28

de silva Tuesday, 15 September 2020 04:03 PM

ඔය හදන්නේ කීයක්හරි කඩාගන්න.

:       182       102

Nimal Tuesday, 15 September 2020 04:45 PM

ශ්‍රමිකයින් රැකියාවලට යවනකොට ඊස්‍රායලය හොඳයි. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊස්‍රාලයට විරුද්ධව ඡන්දෙ දෙනකොට ඊස්‍රායලය නරකයි. මොකද මේ දෙබිඩි ප්‍රතිපත්තියක්..?

:       257       103

ranaWednesday, 16 September 2020 03:55 AM

මා ඉන්දියාවට 13 දෙනවා කිවේ නැහැ, දෙබිඩි නැහැ නේද ?

:       0       0

බද්රානි Tuesday, 15 September 2020 07:16 PM

ශ්‍රමය කියන්නේ රටකට සම්පතක්... එ්ත්, ලංකාවේ අමනෝඥ පාලකයින්ට එය පිටරටවලට විකුණන වෙළඳ භාණ්ඩයක්. වර්තමානයේ ඊශ්‍රායලයේ ඉහළ වැටුප් ගෙවනවා.

:       0       0

de silva Wednesday, 16 September 2020 07:14 AM

දේශපාලකයෝ ඡන්දෙට වියදම් කරපු සොයාගන්නැතුව කොහොමද.?

:       0       0

එන්. ඒ. කංචන රුවන් කුමාර සෙනවිරත්න. Wednesday, 31 August 2022 06:33 PM

ශ්‍රී ලාංකික ජනතාවට හොඳ තොරතුරක්... මමත් ඉතා ආශාවෙන් ඉන්නේ. අවස්ථාව ලැබුණොත් යනවා..

:       0       0

Ew රවීන්ද්‍ර රොහාන් Saturday, 18 February 2023 09:43 PM

ඇත්තෙන්ම ගොඩක් වටිනා දෙයක්, වංචනිත විදේශ රැකියා ආයතනවලට වඩා රජයෙන් මේ මැදිහත්වීම අගයකළ යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1101 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site