(නිමල කොඩිතුවක්කු)
රාජපක්ෂ පාලන සමයේදී නිය පොත්තෙන් කඩා දැමීමට තිබූ ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදය වත්මන් රජයට පොරවෙන් කපා දැමීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා කොළඹදී පැවැසීය.
ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදය ආරකෂා කර පෝෂණය කළ පිරිස් මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ඇගිල්ල දිගු කිරීම පිළිබද කනගාටුවට පත් වන බවත් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී අද(29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා මෙසේද කීය.
‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් තවම ජනතාව බියෙන් කටයුතු කරන බවට විපක්ෂය නියෝජනය කරන බොහෝ දෙනා සමාජය තුළ කතා පතුරවමින් සිටිනවා. මේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හේතුවෙන් විදේශීය සංචාරකයන් සහ ආයෝජකයින් අපව හැර ගියා. නමුත් ජර්මනිය, ඉන්දියාව, චීනය, ස්විස්ටර්ලන්තය වැනි රටවල් මේ වනවිට සංචාරක තහනම් ඉවත් කරගනිමින් අපිත් සමඟ එක්ව කටයුතු කරනවා.
මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාදාමය තුලින් බලය ලබා ගැනීම වෙනුවෙන් පෙනි සිටින අන්තවාදී කන්ඩායම් සහ දේශපාලන කන්ඩායම් මේ රටේ අහිංසක ජනතාව බිය ගන්වමින් විවිධ කි‍්‍රයාකාරකම් වල යෙදිලා ඉන්නවා. අපි දැක්කා පහුගිය දවස්වල පාසැල්වල ගිහින් බෝම්බ තියෙනවා. මේ අය දෙශපාලන අරමුනු වෙනුවෙන් මොන තරම් පහත් වැඩ කරනවද කියලා අද ජනතාවට ඒත්තු ගිහින් තියෙනවා.
අද ලෝකය අපේ රට දිහා නැවතත් ඇස් ඇරලා බලලා තියෙන වෙලාවක අපි රටක් විදියට මේ රටේ සංවර්ධනය දියුනුව සහ රටේ අනාගතය වෙනුවෙන් එකාවන්ව කටයුතු කරන මෙන් මේ කණ්ඩායම් වලින් අපි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

( ඡායාරූපය ලහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලගේ වැරදි අල්ලන්නනේ... ඔයාලා අාවේ තාජුදීන් මරපු එකට, කීත් නොයාර්ට ගහපු එකට කට උත්තර ගන්න ඕස්ට්‍රේලියා ගියා. පාවෙන අවි ගබඩා, අැවන් ගාර්ඩ් පස්සේ ගියා.
රාජිතට කඩේ යන රාජිතගේ ගෝලයනේ. මුලින්ම ගහන්න ඕනේ මේ වගේ වස්සන්ට තමයි. අපරාදේ පාස්කු ඉරිදා පුපුරපු එක බෝම්බෙකටවත් මේ ටික අහු වුනේ නැහැනේ... ත්‍රස්තවාදේ වපුරපු කෙනෙක් ගොඨාභයට ඇඟිල්ල දික් කරනකොට මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නෙකට රාජිත කොරවෙච්ච හැටි අපි දැක්කනේ... එහෙව් කෙප්ප වස්සෙක්ගේ ගෝලයෙක් ගැන කවර කතාද?
මොවුන්ගේ බැරිකම වහගන්න හැමදේටම රාජපක්ෂලා චෝදනා කරනවා. ඔයාලට රාජපක්ෂලාව අැතුළටවත් දාාගන්න බැරිව ගියා. බොරු බේගල් අදින්නේ නැතිව හරියට වැඩේ කරපල්ලා..
හෙළුව පේනවා දැන් එතින් ඔබලාගේ... බොරු නොකියා කට පියාගෙන ගෙදර යන්න.
මන්ත්‍රීතුමෝ, ඔය කතා අරලියගහ මන්දිරයට වෙලා කියකියා ඉන්න. නමුත් ජනතාව අතරට ඇවිත් ඕවා කියන්න එපා. ජනතාව මොන විදියට උත්තර දෙයිද කියා ඔබතුමා ජනතාව අතර ගැවසෙනවා නම් දන්නවා ඇතිනේ!
තමුන්ලා මොනතරම් දේශපාලන වශයෙන් බෙදිලා මොන පොර ටෝක් දැම්මත් දැන් වැඩි හරියක් අපේ ජනතාව ඔබලාගේ තුප්පහි දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් පෙර ගමන් ආරම්භකර තිබේ. එනිසා ඔබ වැන්නවුන්ගේ දේශපාලන කඩඉම ඉදිරියේදී තීරණය වනු ඇත.
රෙදි ඇඳගෙනද ඉන්නේ?
එදා කළ දේ ඕනේ නැහැ. දැන් වෙන්න තියන දේ කරන්න බදුරුදීන්ට ඇති චෝදනා සියල්ල ඇත්ත බව හොඳින් දැනදැන ඒජාපෙ තවමත් ඔහුව රකින්නේ පොරවෙන් කපන්න තියන එක යුද්ධයකින් කෙළවර කරන්නද? අැයි කොන්ද පණ නැත්තේ වැරදි කළවුන් එලවන්න බොරුවට උඩුනොබුර කළයුතු දේ කරන්න. ජනතාව හරක් නොවන බව හොඳින් මතක තබා ගන්න.
ඇත්තෙන්ම කොහෙන් ආපු රිලාහාමි කෙනේද මේ?
උඹලට දුන්නේ එ්කනේ.. දැන් හොටු පෙරාගන විකාර කියන්නේ නැතුව ගෙදර යන්න.
ඇයි දෙයියනේ මේ වගේ හරක් තවමත් ඉන්නේ..? මොවුන්ගේ හැම බැරි කමකටම රාජපක්ෂලා තමයි පලි.. අවුරුදු 5ක් තිස්සේ හිස් ඉඩම් හාරහාර රාජපක්ෂලාගේ රත්තරන් හොයද්දී බොලාලට බැරි වුණාද බුද්ධි අංශයේ මිනිස්සු දුන්නු තොරතුරු හොයලා බලලා බෝම්බ කාරයින් ටික අල්ලගන්න.
රාජපක්ෂලා වැරදි නිසානේ යෝධයෝ උඹලව පත්කරේ. එක්කෝ උඹලා "ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදය" නැතිකරන්න ඕනා, නැතිනම් "ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදය ආරකෂා කර පෝෂණය කළ පිරිස්" හිරේ දාන්න ඕනෑ. එහෙමත් නැතිනම් කටපියාගෙන මේ ඉන්න ටිකේ ඉන්න ඕනෑ. කොහොමත් ජනතාව බලාගෙන ඉන්නේ හිටපු උන්ටයි, ඉන්න උන්ටයි දෙගොල්ලන්ටම සලකන්න මෙදා සැරේ.
රාපක්ෂලා නොවේ බලයේ ඉන්නේ? මේ අවුරුදු හතරම රාජපක්ෂලාට දොස් කිය කියා හිටියා මිස අල්ලපු හොරුත් නැහැ, කරපු දෙයකුත් නැහැ...
මෙවැනි වැඩ බැරි හැමදාම අනුන් පිට වරද පටවන්න උත්සාහ කරනා රජයකින් මේ මාතෘභූමියට බලාපොරොත්තු විය හැකි සෙත කුමක්ද? මෙම ආණ්ඩුව පත්වූ දා සිටම කරපු දෙයක් නැත. ඇත්තටම මෙවැනි මිනිසුන්ට වටිනා ඡන්දය ලබාදෙන මිනිසුන් ඔබගේ ඡන්දයේ වටිනාකම තේරුම්ගත යුතුයි. අවුරුදු 5ක් ආණ්ඩු කරලත් තවමත් අනුන්ට වැරදි කියන මොවුන් මේ රට විනාශකර හමාරයි...
රටේ ආරක්ෂාව අමතක කරලා ලොවෙන් පළිගැනීම පමණක් ජාතික ප්‍රතිපත්තිය කරගත් ඔහේලාට මේවා කියන්න සදාචාරාත්මක අයිතියක් නෑ.
හලෝ දැන් මහින්දට ඇඟිල්ල දික්කරන්න එපා ලෝකයම පිළිඅරන් තිබෙනවා රනිල්ගේ ආණ්ඩුවේ ආරක්ෂක වැඩපිළිවෙලේ දුර්වලකම නිසාම මේ අපරාදේ සිදු වුනා කියලා.
ඔබලා එය දැනදැනම බලයට ඇවිත් දැන් ඒ අයට දොස් කියන එක වැරදියි. තවමත් රාජපක්ෂලාට දොස් කියා කියා ඉන්නේ නැතිව තොලොන්ජි වෙලා පලයල්ලා... පුළුවන් එකෙක් ඇවිත් කරගනියි.
මඳක් බුද්ධියට ඉඩදී හිතන්න.. මොවුන් පහුගිය අවුරුදු 5ක් තිස්සේ රටට කළේ කුමක්ද? තමන්ගේ නොහැකියාව සැමවිටම රාජපක්ෂලා පිට පටවමින් මුළු රටම සොහොන් පිටියක් බවට පත් කළා.. මේ සමච්චල් කරන්නේ කාටවත් නෙමෙයි මහජනතාව වන අපට බව හොඳින් මතක තබාගන්න. මොනතරම් අසික්කිත වැඩ කළත් මොවුන්ට ඡන්දය දෙන ජනතාවක් ඉන්නකම් මොවුන් රජ කරාවි...
දැන්නම් ඕවට කිසිකෙනෙක් රැවටෙන්නේ නැහැ.. අවුරුදු 4ක් බලේ හිටියා... අවුරුදු 30 ක යුද්දේ මහින්දලා ඉවර කලේඅවුරුදු 3 කින්.. බොරු ගහන්නේ නැතිව හරියට වැඩක් කරන්න බැරිනම් ගෙදර යන්න.. කොහොමත් රාජිතට නම් මේ ගමන අැපත් නැතිවෙනවා..
මෙයත් දැන් කොළපාට පොරවාගෙන කෑගැහුවට ඒ කාලෙ මෙයත් හිටියේ නිල්පාට පොරවගෙන...
මෙයාලා හිතාගෙන ඉන්නෙ මහජනතාව හරක් කියලා. ඡන්දෙකට එන්න එතකොට බලාගන්න පුලුවන්.
ආයේ බණ්ඩාරවෙල නගර සභාවට ඉල්ලන්නවත් ලෑස්ති වෙන්න. පාර්ලිමේන්තුව කිට්ටුවටවත් ආයේ යනවා බොරු
රජ කාලෙත් ජාතිවාදී තිබුණ 1956දී බණ්ඩාරනායකත් ගිවිසුමක් ගහලා උතුරු-නැගෙනහිරට දෙමල පාලනයක් දෙන්න ගියා... 1972දී සිරිමා ආණ්ඩුවට විරුද්ධව ලේ වලින් අත්සන් කරලා උතුරු-නැගෙනහිරට ඊලමක් බිහිකරන්න අවසාන ලේ බින්දුව දක්වා සටන් කරනවා කියා 1975දී යාපනේ නගරාධිපති දොරේඅප්පා මරා ඊලාම් සටන පටන් ගෙන ආනයන-අපනයන එ්කාධිකාරය සතුව හිටි ඔවුන් ආහාර ඇතුළු භාණ්ඩ හිඟයක් රටේ ඇතිකර රජය අන්ත අසරණ කර තිබියදී 1977දී JR බලයට පත්ව 12500 ක්ව හිටි හමුදාව 55000ක් දක්වා වැඩිකර ජාත්‍යන්තර පුහුණුව ලබාදී අලිමංකඩ ඇතුළු මුහුදු තීරවල කඳවුරු බැඳ LTTE යාපනයට සීමාකර බලෙන් ආ ඉන්දියාවට ඔවුන්ගේ මුදලින් LTTE සමග යුද්ධ කරන්න සලස්වා පාඩමක් ඉගෙනගන්න සලස්වා පියවරින් පියවර ජය ලබද්දී බලය අත්හැරීමට සිදුවූවත් 2005දී මහින්දගේ කාලේදී ෆොන්සේකා යුද්ධය දිනුවට පසු බදියූදීන්ලා අසාද් සාලිලා, හිස්බුල්ලලා... මහින්දගෙන් පෝෂණය වෙද්දී මුස්ලිම් අන්තවාදීන්ද මුස්ලිම් සමාජය තුළ පිළිලයක් සේ වර්ධනය විය. සිංහල අන්තවාදයත් ඊට සමගාමීව වර්ධනය වී තිබේ. නමුත් මුස්ලිම් අන්තවාදීන් මෙන් මරාගෙන මැරී ස්වර්ගස්ථ වන්න බැරි බව සිංහල බෞද්ධයන් දන්නවා. එ්ත් ඔවුන්ද අන්තවාදීන්...