ජෙරුසලමේදීය (රොයිටර්)
අසල්වැසි සිරියාවේ රඳවා සිටින ඉරාන ගුවන් හමුදාවලට ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක් ඊශ්‍රායලය විසින් පළ කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට, එම ආණ්ඩුවට සහ රජයේ හමුදාවලට රුසියාවේ සහායට අමතරව ඉරානයේ සහාය ද හිමි වේ. ඉරානය සිරියානු අර්බුදයට මැදිහත් වීමත් ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ ආණ්ඩුවට සහාය දැක්වීමත් සෞදි අරාබිය, ඊශ්‍රායලය සහ කලාපයේ තවත් රටවල් කිහිපයකට නොසතුටට හා කෝපයට හේතු වී තිබේ.
සිරියාවට ගමන් කරන ඉරාන මගී ගුවන් යානා ද ආයුද ප්‍රවාහනය කරන බව ඊශ්‍රායලයේ අදහස වී තිබේ. යම් හෙයකින් ඊශ්‍රායලය ඉරාන ගුවන් හමුදාවලට සිරියාවේ සිටින ඉරාන හමුදාවලට ප්‍රහාර එල්ල කළොත් සිරියානු අර්බුදය පමණක් නොව අවුල් සහගත මැද පෙරදිග කලාපය වියවුලක් කරනු ඇතැයි විශේෂඥයෝ පෙන්වාදෙති.
අප්‍රේල් මුල් සතියේදී සිරියානු ලෙබනන දේශසීමාවේ පිහිටි ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් ඉරාන සෙබළු 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉරානය පමණක් නොව රුසියාව සහ සිරියාව ද එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා කළේය.
ඊශ්‍රායලට එම චෝදනා ප්‍රතික්ෂේප නොකළා පමණක් නොව එම ප්‍රහාර එල්ල කරන ලද්දේ කවුරුන්ද යන වග හෝ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකළේය.
055
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරාන ගුවන් හමුදාවලට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක්
Bamunuarachchi Wednesday, 18 April 2018 11:11 AM
ඊශ්‍රායලය කන්න වගේ ලැහැස්ති වෙන්නේ...