(පේ‍්‍රමතිලක ද සිල්වා)

ගාල්ල දෙනියාය මාර්ගයේ ඉමදුව සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදි තුනක්   ගාල්ල සිට ඉමදුව දෙසට ධාවනය කරමින් තිබූ කැන්ටර් ට‍්‍රක් රථයක ඉමදුව අධිවේගි මාර්ග පිවිසුම අසලදී ගැටීමෙන් වූ අනතුරින් එක් අයෙක් මියගිය බවත් සිව්දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලද බවත් ඉමදුව පොලීසිය කියයි.

ඉමදුවේ සංගීත සංදර්ශනයක් නරඹා ආපසු යමින් සිටි මෙම පිරිස අතර සිටි 25 හැවිරිදි කොස්දුව පිලාන පදිංචි තරුණයකු අනතුරින් මිය ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදිකරුවන් තිදෙනා මහා මාර්ගයේ සමාන්තරව ගමන් කර ඇති බව මූලික විමර්ශනයේදි අනාවරණය වූ බව පොලිසිය කියයි.

ටිපර් රථයේ රියදුරා පොලිසීය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ ඇත.