IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඉබිමස් ජාවාරමේ නිරත වූ තිදෙනෙකු අත්අඩංගුවට


(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
සංචාරක වෙළදාමේ නිරත වෙමින් රාත්‍රී කාලයේ ගල් ඉබ්බන් මස් කිරීමේ ජාවාරමක නිරතවූ කල්ලියක තිදෙනෙකු ඉබි මස් තොගයක් ද සමඟ ගල්කිරියාගම වනජීවී අඩිවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ 03 රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණ.


ගල්කිරියාගම වනජීවී කාර්යාලයට ලද තොරතුරක් අනුව එම කාර්යාලයේ නිලධාරීන් ඊයෙ 03 රාත්‍රීයේ සිදුකළ ක්ෂණික වටලෑමකදී සැකකරුවන් හා නඩුභාණ්ඩ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. අත්අඩංගුවටපත් සැකකරුවන් කලාවැව ජාතික උද්‍යාන මායිමේ පිහිටි හෙට්ටියාව ප්‍රදේශයේදී ගල් ඉබ්බන් මස් කරමින් සිටි බව වනජීවී නිලධාරීහු පවසති. සැකකරුවන් පැමිණී ලොරි රථයක් හා යතුරු පැදියක් ද එහිදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.


වටලෑම සිදුකරන අවස්ථාව වනවිට සැකකරුවන් ගල් ඉබ්බන් දෙදෙනෙකු මරා මස් කරමින් සිට ඇත. සැකකරුවන් ඉබ්බන් ඝාතනයට යොදා ගත් පිහියක් ඝාතනය කරන ලද ඉබ්බන් දෙදෙනෙකුගේ කටු මෙන්ම ඉබි මස් තොගයක් ද ඝාතනය කරන ලද ඉබ්බන්ගේ කුසේ තිබූ බිත්තර රැසක්ද වනජීවී නිලධාරීන් සිදුකළ වටලෑමේදී සිය භාරයට ගෙන තිබිණ.


අත්අඩංගුවටපත් සැකකරුවන් පොල්පිතිගම මාඑළීය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. සැකකරුවන් සංචාරක වෙළදාමේ නිරතවන පිරිසක් වන අතර වෙළදාම අතරතුරදී රාත්‍රී කාලයේදී ඔවුන් මෙලෙස ගල් ඉබ්බන් දඩයම් කිරීමේ නිරතව අතැයි සිදුකළ විමර්ශණවලදී වනජීවී අනාවරණය කරගෙන තිබිණ.  2009 අංක 22 දරණ පනතින් සංශෝධීත වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව ගල් ඉබ්බා යනු දැඩි ආරක්ෂිත සත්වයකු බව වනජීවී නිලධාරීහු අවධාරණය කරති.


ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වනසත්ව නියාමකවරුන් වන ධම්මික වනසිංහ සූජීව ප්‍රසන්න හා එම කාර්යාලයට අන්යුක්ත සිවිල් ආරක්ෂක උප නියාමක ශාලිත වික්‍රමසූරිය ටී.ජී.නෙත්තසිංහ හා සිවිල් ආරක්ෂක සෙබලුන් වන ජානක දිසානායක ලලිත් ඒකනායක සම්පත් වීරසූරිය හා ප්‍රදේශවාසී තරුණයකු වන සජිත් සංජය ජයසුන්දර යන අය විසින්  අදාළ වටලෑම සිදුකර තිබිණ. 



අදහස් (3)

ඉබිමස් ජාවාරමේ නිරත වූ තිදෙනෙකු අත්අඩංගුවට

SA. Aluthgamage. Sunday, 05 August 2018 02:14 AM

වාහනයේ ඉදිරියෙන්ම තියෙන්නේ "සම්මා සම්බුදු සරණයි " කියායි.මේත් බවුද්ධයෝද ? අනේ දෙවියනේ රටකට ගිය කල.මේ ඉස්ටිකරය ගලවා දමා චායාරුපය ගැනීමට පොලීසිය කටයුතු කළා නම් කොපමණ අගනේද ? එක පැත්තකින් බලනවිට සමහර නමින් බවුද්ධයන් කරන වැඩ ගැන පේන්න මෙහෙම උන එකත් හොඳයි.කොහොම උනත් අහිංසක ඉබි පරපුර මේ මස් වැද්දන්ගෙන් බේරා ගැනීමට මීට වඩා කාලීන වැඩපිළිවෙලක් යෙදුවොත් හොඳයි.

:       25       228

rocky Sunday, 05 August 2018 03:23 AM

පොලොන්නරුව ප්‍රදේශයේ හොටෙල් එකකට ගෙනියන්න වෙන්න පුළුවනි!

:       0       16

piyal Sunday, 05 August 2018 03:29 AM

සම්මා සම්බුදු සරණය්!!! අනේ මෙහෙමත් පින්වන්තයෝ ටිකක්

:       10       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site