රංජන් කස්තුරි
මේ දිනවල පැතිර යමින් තිබෙන ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පාසල් ගුරුවරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව පාසලේදී ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ හඳනාගත හොත් දෙමාපියන්ට දැනුම් දෙන ලෙසත් ඔවුන් පැමිණෙන තෙක් දරුවා විවේකීව වෙනම ස්ථානයක තැබීම , උණ තත්ත්වය පවතීනම් පැරසිටමෝල් නියමිත ප්‍රමාණය ලබාදීම , අවදානම් රෝග ලක්ෂණ ඇත්නම් දෙමාපියන්ට දන්වා දරුවා රෝහල් ගත කිරීම කළ යුතු බවද එම උපදෙස් මාලාවේ සඳහන් කර ඇත.
දරුවන්ට වැඩි අවධානයකින් පෝෂ්‍යදායි ආහාර ලබාදෙන ලෙසද රෝගය සුවවන තුරු දරුවන් පාසල් එවීමෙන් වළක්වන ලෙසද අමතර පංතිවලට යැවීම හෝ සෙල්ලම් කිරීමට ඉඩ ලබානොදෙන ලෙසද දෙමාපියන්ට උපදෙස් ලබා දිය යුතු බවද එහි සඳහන් කර තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය විසින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇත.
COMMENTS
තව ටිකක් කල් ගිහින් මහජනතාව දැනුවත් කළා නම් වඩාහොඳයි. දැන් රෝගය පාලනය වී ඇත.
අපේ රටේ මිනිස්සු වැඩිදෙනා තාමත් කිඹුහුමක් යවන විධිය වත් දන්නේ නැහැ. ඕනි සෙනගක් මැද්දේ උනත් බකස් ගාල කහින කිඹුහුම් ඈනුම් යවන අය ඕනි තරම් ඉන්නවා. චැනල් සෙන්ටර් වල ලෙඩ්ඩු එක්ක නිරෝගී අයත් එක පොදියේ දඟලනවා. මේ වගේ ලෙඩක් තියෙන කොට වෙන රටවල පුද්ගලික රෝහල් වල උනත් මුඛ ආවරණ නොමිලේ ලබා දෙනවා. මෙහෙ කවුද ඔය කාරණා ගැන සලකන්නේ?