IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඉන්ධන සහනයක් දුන්නේ නැත්නම් පාරට බහිනවා - ලංකා පොදු ධීවර සම්මේලනය

හර්ෂණ තුෂාර සිල්වා
 
ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ධීවරයන්ට ඔවුන්ගේ කර්මාන්තයේ යෙදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අද (11) පැවැසීය.

 
ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ධීවරයන් අර්බුද රැසකට මුහුණ දී ඇති බවත් ඔවුන්ට තම ජීවන වෘත්තියේ නිරත වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ගමගේ මහතා කීය.
 
ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රත්න ගමගේ මහතා එම කරුණු ප්‍රකාශ කළේය.
 
එහිදි අදහස් දැක්වූ රත්න ගමගේ මහතා මෙසේ ද කීය.
 
“ඉන්ධන මිල වැඩි කිරීම වැඩිපුර බලපාන්නේ ධීවර කර්මාන්තයට. මෙයින් වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ ධීවරයන්. බහුදින ධීවර යාත්‍රාවලට එක් මුහුදු ගමනකට දළ වශයෙන් ඩීසල් ලීටර 2,500ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා දරන්නට සිදුවන අමතර වියදම රුපියල් 35,000ක් පමණ වෙනවා. 
 
එක්දින ධීවර යාත්‍රාවලට එක් මුහුදු ගමනකට ඩීසල් ලීටර 40ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා දිනකට රුපියල් 500ත් 700ත් අතර අමතර පිරිවැයක් දරන්න වෙනවා. එක්දින ධීවර යාත්‍රා මගින් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට මාසිකව රුපියල් 15,000ත් 18,000ත් අතර අමතර වියදමක් දරන්න වෙනවා. 
 
ලැබෙන මත්ස්‍ය අස්වැස්සන ප්‍රමාණවත් නැහැ කියලා අපි දිගින් දිගටම කිව්වා. මේ විදියට ඉන්ධන මිල වැඩි කළාම ධීවර කර්මාන්තයේ යෙදෙන්න බැරි වෙනවා. මත්ස්‍ය අස්වැන්නෙන් ලැබෙන ආදායම වගේ විශාල ගුණයක වියදමක් දරන්න වෙනවා ඒ වෙනුවෙන්. ඉන්ධන වියදම ඉතා විශාලයි. රටේ ධීවර ප්‍රජාව ලක්ෂ දෙකකට ආසන්න වෙනවා. එයින් සෘජුව හා වක්‍රව යැපෙන ලක්ෂ 15ක් පමණ සිටිනවා. 
 
ධීවරයන්ට පෙර පැවැති මිලටම ඉන්ධන දෙන්නැයි අපි ඉල්ලා සිටිනවා. එසේ නැතිනම් ධීවරයන්ට සහනයක් දෙන්නැයි අපි ආණ්ඩුවට බල කරනවා. මීට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2012 වසරේදී ඉන්ධ මිල වැඩි කළා. 
 
එහිදි ධීවරයන්ට සහනයක් දුන්නා. එහෙත් එය ක්‍රමවත්ව සිදුවුණේ නැහැ. ඒ නිසා අපි අරගලයක් කළා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා. ධීවරයන්ට පෙර මිලට ඉන්ධන ලබාදෙන්න. 
 
එහෙම බැරි නම් ඉන්ධන සහනාධාරයක් දෙන්න. කලින් ආණ්ඩුව වගේ නැතිව ක්‍රමවත්ව සහනාධාරයක් දෙන්න. එහෙම නැතිවුණොත් අපි ඉදිරි දිනකදී ධීවර ප්‍රජාව සමඟ පාරට බහිනවා”. 



අදහස් (4)

ඉන්ධන සහනයක් දුන්නේ නැත්නම් පාරට බහිනවා - ලංකා පොදු ධීවර සම්මේලනය

Saththaya Saturday, 12 May 2018 02:46 AM

ඉන්ධන මිල අඩු වුණාම මාළු මිල අඩු කළාද? පාරට බැහැලා කියන්න යන්නේ රටට පාඩු කරගෙන ඉන්ධන දෙන්න කියලා. එතකොට අනික් අත්ත වශයෙන්ම බඩුවලින් ඒවා අල්ලන්න වෙනවා. ඡන්ද බලන් වැඩ කළොත් හැමෝම අමාරුවේ. මහජනයාට බර... රට අගාධයට...

:       19       61

sanjeevaSaturday, 12 May 2018 04:23 AM

පාරට බැස්සොත් ගෝඨා ගානේ ආචාර වෙඩිමුර 22ක් දෙන්නම්..

:       0       0

lalithm Saturday, 12 May 2018 09:02 AM

සහනයක් කියන්නේ දූෂණයක්. අපේ අතීත අත්දැකීම්... ඉන්ධන මිල අඩු වුණත් මාළු මිල වැඩි වුණු එක අඩු වුනේ නැහැ. ගොවිජනයා වගේ නොවේ ධීවරයා. මාළු වවන්න ඕනේ නැහැනේද? මුහුදේ ඉන්න මාළු ටිකනේ අල්ලන්නේ. අනික කොච්චර කයිය ගැහුවත් ලංකාව තවමත් මාළු පිටරටින් ගෙන්නනවා නේද?

:       0       2

tommy Sunday, 13 May 2018 03:43 AM

මේ අය ඔක්කොම එකයි. කවදාවත් ඉන්ධන මිල අඩු වුනු විටක, ඒ වාසිය පාරිභෝගිකයාට දුන්නේ නැහැ. එම නිසා විරෝධය පෑමට කරුණාකර පාරට නොව මුහුදට බහින්ඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site