IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘ඉන්ධන මිල සුත්‍රය මෙන් සේවක වැටුප් වැඩි කරවීමටද වැටුප් සූත්‍රයක් තිබිය යුතුයි‘

  (  නාලක සංජීව දහනායක)


මිළ සූත‍්‍රය අනුව මසකට වරක් ඉන්ධන මිළ ඉහළ දමන්නේනම් එයට සරිලන ලෙස සියළුම සේවක සේවිකාවන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහාද වැටුප් සූත‍්‍රයක් හඳුන්වා දිය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවසීය.


ඉන්ධන මිළ ඉහළ දැමීමට සමානව වැටුප් වැඩි නොවීම නිස ජනතාවගේ ආර්ථිකය ඉතාම වේගයෙන් අගාධය කරා ගමන්කරමින් තිබෙන බවද ඔහු කීය.

 මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

ඉන්ධන මිළ සූත‍්‍රයට අනුව සති තුනක කාලයක් ඇතුළතදී තුන්වැනි වරටත් ඉන්ධන මිළ ඉහළ ගිහිල්ලා. ඛණිජතෙල් මිළ ඉහළ යෑමත් සමඟම අනෙක් සියළුම භාණ්ඩ හා සේවාවල මිළ වැඩිවෙනවා. මේ ඉන්ධන මිළ සූත‍්‍රය කුමක්ද, මිළ වැඩිවෙන්නේ කුමන ප‍්‍රතිශතයකින්ද කියන්න ජනාධිපතිවරයා දන්නේ නැහැ. 


මේ ඉන්ධන මිළ සුත‍්‍රය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව විෂයභාර අමාත්‍යවරයා හා ඛණිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සඳහන් කරනවා. මුදල් ඇමතිවරයා හැර ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක් මේ මිළ සූත‍්‍රය ගැන දන්නේ නැහැ. තොරතුරු දැනගැනීමේ පනත යටතේවත් මේ සූත‍්‍රය ගැන කිසිම තොරතුරක් දෙන්නේ නැහැ. මෙය මායාකාර ගුප්ත මිළ සුත‍්‍රය මොකද්ද?. 


මේ මිළසූත‍්‍රය අනුව රටේ ආර්ථිකය කොතැනටද ගමන් කරන්නේ කියන ප‍්‍රශ්නය අපිට ඇතිවෙනවා. 2008 වසරේදි බොරතෙල් බැරලයක මිළ ඇමරිකානු ඩොලර් 140 දක්වා ඉහළ ගියා. වත්මන් ආණ්ඩුව යටතේ එවැනි තත්ත්වයක් නිර්මාණය වුනොත් අපේ රටේ පෙට්ට‍්‍රල් ලීටරයක් රුපියල් 295 ක මුදලකට විකුණන්න වෙනවා. ඒ නිසා මේ මිළසූත‍්‍රය කොයිතරම් විනාශකාරීද කියලා පේනවා. මසකට වරක් ඉන්ධන මිළ ඉහළ දමනවානම් එයට සරිලන ලෙසට සියළුම සේවක සේවිකාවන්ගේ වැටුප් ඉහළ දැමීමේ සූත‍්‍රයක් නිර්මාණය කළ යුතුයි. එහෙම නොවුනොත් ජනතාවගේ ආර්ථිකය ඉතාම වේගයෙන් අගාධය කරා ගමන් කරන බවක් පෙනෙන්න තිබෙනවා යැයිද කීය.


ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (7)

‘ඉන්ධන මිල සුත්‍රය මෙන් සේවක වැටුප් වැඩි කරවීමටද වැටුප් සූත්‍රයක් තිබිය යුතුයි‘

පිටිගල මිලානෝ Wednesday, 12 September 2018 12:05 PM

බලන්න පොඩ්ඩක් සූත්තරේ තියෙනවද කියලා...?

:       0       12

sena Wednesday, 12 September 2018 12:10 PM

අම්මේ, දැන්නේ මන්ත්‍රීතුමාට හොඳ හොඳ අදහස් පහළවෙන්නේ.. තව සෑහෙන කාලයක් විපක්ෂයේ තියන්න වෙනවා මීටත් වඩා හොඳ අදහස් ලබාගන්න.

:       9       20

ගාල්ලේ පාල Wednesday, 12 September 2018 12:30 PM

සේන කියූ පරිදි මෙතුමන්ලගේ කාලෙ බන්දුල ගුණවර්ධනත් සූත්තර හැදුවනේ.. අන්න ඒ කාලෙයි වැටුප් සූත්තරෙත් හදන්න කිව්වේ..

:       0       24

ajith Wednesday, 12 September 2018 12:47 PM

මේ ගොල්ලන්ගේ කාලේ උසාවි නියෝගයටවත් අැහුන්කන් නොදී දැන් වැටුප් සූත්තර ගැන කතා කරනවා. ලැජ්ජයි.

:       0       6

Pradeep Wednesday, 12 September 2018 01:28 PM

මේක හැදුවේ මෙයාගේ මහරජා...

:       0       1

OMG Wednesday, 12 September 2018 01:00 PM

චක්කරේ පාඩම්ද දන්නේ නැහැ.

:       0       1

rocky Wednesday, 12 September 2018 02:02 PM

දැන් සූත්තර පුන්චාට අර කිරි පැකට් බිව්වට පස්සේ අමුතු අදහස් පහල වෙනවා වගේ!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 836 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 962 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site