(අජන්ත කුමාර අගලකඩ සහ ඩයනා උදයංගනී)
ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව නව මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (9) රාත්‍රී පැවති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී ඉන්ධන මිල වැඩි කිරිමට තීරණය වී ඇතැයි දැනගන්නට තිබේ.
පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද සුපර් ඩීසල් රුපියල් 9 කින් ද ඔටෝ ඩීසල් රුපියල් 14 කින් ද භූමිතෙල් ලීටරයක් රුපියල් 57 කින් ද වැඩි කිරිමට යෝජනා වී ඇතැයි පැවසේ.
ධීවරයන්ට සහ සමෘද්ධීලාභීන් සඳහා භුමිතෙල් මිල වැඩි නොකරන බව ද රජයේ ආරංචි මාර්ග පවසයි.
COMMENTS
ඔහොම ලොකු ගාණකින් වැඩි වූ විට කොහෙද? හැම භාණ්ඩයකම දැන් මිල වැඩි වෙයි , ලූණු ගෙඩියෙ මිරිස් කරල ඉදන්ම. අපිට ඉතිං බෙල්ලේ වැළක් දාගන්න තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ .
අපේ මන්නාරම අවට මුහුදේ තෙල් නිධියෙන් පෙට්‍රල් ලැබෙනකම් පොඩ්ඩක් ඉවසල ඉමු.
හිතවත් පාරිභෝගියනි, මම ඇතුලු අප විසින් පත් කරගන්නා ලද වෙනස ඉතා සතුටක් බව හොදින් වැටහේ. අපේ මල්ලටම හැමදාම මේ අය පහර ගහන්නේ......
අගෙයි...
ලෝක වෙලදපොලේ තෙල් මිල වැඩිවෙලා තියෙද්දිත් අපි අඩුවට දුන්නේ පහුගිය කාලේ රජයට විශාල පාඩු පිට, මේ වැඩිකලත් තවමත් පාඩු පිට දෙන්නේ -මිට තෙල් සංස්ථාව බාර ගරු ඇමතිතුමා
බොරුවට සාකච්චා වට කිහිපයක් පවත්වනවා. අවසානයේ මහජනතාවගේ කරට පටවනවා.
ඕකටනේ ඔච්චර සාකච්චා තිබ්බේ.
ඕකටතම යහපාලනය කියන්නේ. මන්ත්‍රීලට ඔක්කොම දේවල් නිකම් මහජනතාවට ඔක්කොම මුදලට බදු සමඟ....
ජගත් මේ යහපාලනයෙ කට්ටිය දන්නේ වැඩි කරන්නයි, නඩු කියන්නයි, රටේ සම්පත් විනාශ කරන්නයි විතරයි. මේගොල්ලෝ දෙයක් කරොත් කරන්නේ අහිංසක දුප්පත් මිනිහගේ බඩට වදින දෙයක් තමයි .මේකෙන් වෙන්නේ යහපාලනයේ හොරු ටික ඇති වෙනවා. සාමාන්‍යයෙන් දුප්පත් අපි වගේ මිනිස්සු තමයි අසරණ වෙන්නේ නැති වෙන්නේ.
අනේ මෙහෙම පින් ඇමතිලා , අගමතිලා සහ ජනපති කෙනෙක්. මෙහෙම ආණ්ඩු කරන්න මොනවටද දෙශපාලකයා් ? නිලදාරින්ට පුළුවන්නේ මෙයට වඩා හොදට පාලනය කරන්න. පසුගිය රජය පෙරලන්න ලෝකේ නැති බොරු කිව්වා, පෙට්රෝල් ලීටරය රුපියල් 65 ට දෙන්න පුළුවන් කිව්වා. තෙල් බැරලය ඩොලර 28 ට බැස්සත් දුන්නද ලීටරය 65 ට ? තවම තෙල් බැරලය ඩොලර 70 ට තියෙන්නේ. ඒ කියන්නේ පසුගිය රජයේ තිබුණු අඩුම මිලට වඩා තවමත් අඩුයි. පසුගිය රජය කාලේදී තෙල් බැරලය ඩොලර් 128 ටත් ගියා. එත් මෙහෙම වැඩිකළේ නැහැ. මහබැංකුව හොරා කාල, දැන් ඒ බර මිනිස්සු පිට පටවල මරන්න හදන්නේ.
අපි මේ තීරණය ගත්තේ ජනතාව ගැන හිතිලා. මොකද අපිට දැන් තියෙන වාහනවලින් ඉක්මණට ඒ වගේම සැප පහසුවට ජනතාවගේ වැඩ කරන්න එහා මෙහා ඉක්මනට යන්න අලුත් වාහන ටිකක් ගන්න සල්ලි ඕනෑවෙලා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා අපේ ජනතාව පටි තදකරගෙන අපිට සහය දෙනවා කියලා...
ඇත්තටම හොඳ තීරණයක්... ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතා විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒ මදිවට රාජපක්ෂ රෙජීමයේ ණය ගෙවන්නත් තියෙනවා. හරි නම් පෙට්‍රල් ලීටරයක මිල 200ක් වත් වෙන්න ඕනේ...
ආණ්ඩුවේ අයගේ බුද්ධිමත් බව මෙයින් තේරෙනවා. හවස් වෙනකොට ෂෙඩ් වල තෙල් ඉවරවෙනවා .මේ නිවේදනය රාත්‍රීයේ කෙරුවානම් ඒක වෙන්නේ නැහැනේ.
මගේ අදහස් නම් ටිකක් වෙනස්... හැමෝටම අමතක වෙලා තියෙන්නේ මීට වසර 3කට කලින් පෙට්‍රල්වල මිල. වසර 3ක්ම එකම අඩු ගාණට දුන්නා. නමුත් ඒ කාලේ ලෝක වෙළඳ පොළෙත් මිල ටිකක් පහළ තිබ්බේ. පෙට්‍රල් කියන්නේ ලංකාවේ තියන දෙයක් නෙවෙයි. ඉතින් ඒවා වැඩි ගාණට ගෙනත් අඩුවට විකිණූ විට එ්කේ පාඩුවත් අන්තිමට අපිටම දරන්න වෙනවා. ගාන වැඩිකළාම වාහන තියන අයට තමා දරන්න වෙන්නේ. වැඩි කලේ නැත්තම් පෙට්‍රල් කළුද, සුදුද, කියලවත් දන්නේ නැති දුප්පත් මනුස්සයාටත් එ්ක දරන්න වෙනවා. එකක් කියන්න ඕනෑ. අර ත්‍රීවිල් කාරයන් උඩ පැන පැන ගාන වැඩි කරයි. නමුත් පෙට්‍රල් 117ට බස්සපු වෙලාවේ සත 5ක් අඩු කලේ නෑ.
මෙහෙම තෙල්මිල වැඩි වුණොත් කොහොමද? ඇත්තටම මිල ඔයවගේ ලොකු ගාණකින් වැඩිකරන එක වැරැදියි.
මගේ අදහස නම් වාහන පාවිච්චි කරන අයයි ඒ වියදම දරා ගත යුත්තේ. පාඩු පිට සංස්ථාව තෙල් දෙනකොට ඒ පාඩුව පියවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න ඕනේ. ඒක ලංකාවේ වාහන භාවිතා කරන, නොකරන හැමෝටම බලපානවා. ගෙදර හතරදෙනා වාහන හතරකින් ගමන් යන අපේ රටේ මිනිසුන්ට දැනෙන්න නම් ඉන්ධන මිල වැඩිවීම හොඳයි. මාසෙටම පෙට්‍රල් ලීටර් පහක් විතර ගහන මිනිසුන්ට වඩා දිනකට ලීටර් 15-20 පුච්චන මිනිසුන්ට මිලවැඩිවීම දැනෙයි. එතකොට හරි තේරුම් අරගෙන වාහන භාවිතය අඩු කළොත් මාර්ගවල අධික වාහන තදබදයටත්, පරිසරයටත් රටේ ආර්ථිකයටත් හොඳයි. හිතලා බලන්න මම වැරදිද කියලා.
අපමණ අගය ලැබෙද්දී දැනෙන සනීපය ගැන කියන්න වචන ප්‍රමාණවත් නෑ.. හරිම සන්තෝසයි… ලීටරයක් 200 වුණා නම් තමයි අපමණ අගය හරියටම දැනෙන්නේ.. ලක්ෂ 62ක ගව සෙට් එකට… තාමත් මොවුන්ට කඩේ යන වන සිව්පාවුන් පිරිසක් ඉන්නවනේ ලංකාවේ…
ම්ම්.... අලුත් කාර් ගන්න වගේ මල්ලිලා....
භූමිතෙල් සමෘද්ධි කාඩ් එකෙන් ගන්න කොහෙටද යන්න ඕනේ... ශෙඩ් එකට කාඩ් එක දුන්නම පරණ ගාණට දෙයිද? නැත්නම් සමුපකාරෙන්ද? නැත්නම් කූපන් එකෙන් දෙනවද? ගෙදර යන්න ලැහැස්ති වෙලා ඉන්න
ඉරානය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති ආරවුල් සහගත තත්වය නිසා ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිළ පසුගිය දින කිහිපයේ ඉහළ ගොස් ඇත. වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ ඉන්ධන මිල තවමත් පහත තත්වයක ඇතිබවයි කිව යුත්තේ....
මට නම් ලක්ෂ 62 ගැන මතක් වෙද්දී දැනෙන්නේ පුදුමාකාර සන්තෝසයක්. ලක්ෂ 62 ජනතාවනි, ඔබට හදපිරි ප්‍රණාමය. ඔබට සතුටුයිද දැන්..? හෙටම ගිහින් අලුත් ගානට ටැංකිය පිරෙන්න තෙල් ගහගන්න.
නුවන් පිස්සු කියන්න එපා හලෝ. මේ මැට්ටෝ පෙට්‍රල් මිල අඩු කළාම මොන බඩු මිලද අඩුවුනේ? කිසිම බඩුවක මිල අඩුවෙලා ජනතාවට සහනයක් වුනේ නැහැ. ලාභයක් වුනේ වාහන තිබෙන අයට පමණයි. දැන් පැට්‍රල් මිල වැඩි වුනාම සියලුම බඩුවල මිල ඉහළ යනවා. වාහන තිබෙන නොතිබෙන කාටත් බර පැටවෙනවා. එමනිසා මැටි කතා කියන්න එපා..
දැන් කොහොමද ෂෙඩ් එකට එන සමෘද්ධි ලාභීන්ව අදුරගන්නේ?