මුම්බායිහිදීය (රොයිටර්)
ආසියානු කලාපයේ සියලු මුදල් ඒකක පහත වැටෙද්දි ඊට සමගාමීව ඉන්දීය රුපියල ද වාර්තාගත අයුරින් අද (31) නැවත වරක් පහත වැටිණි.
එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීමත් ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය තවදුරටත් උග්‍ර වීමත් යන කරුණු ඊට ප්‍රධාන වශයෙන් හේතු විය.
අද (31) වෙළෙඳාම් ආරම්භ වනවාත් සමඟ ඉන්දීය රුපියල වාර්තා ගත අයුරින් 71ක් දක්වා පහත වැටිණි. ඇමෙරිකා එක්සත් ඩොලරයට සමගාමීව ඉන්දීය රුපියලේ අගය 70.93/94ක් ලෙස සටහන්ව තිබූ අතර ඊයේ දිනයේ වෙළෙඳාම් අවසන් වන විට එය 70.74ක් ලෙස සටහන්ව තිබිණි. කෙසේ නමුත් අද වෙළෙඳාම් ආරම්භවූ විගස ඉන්දීය රුපියලේ අගය 71ක් දක්වා පහත වැටිණි.
ඇමෙරිකා චීන වෙළෙඳ යුද්ධය තවදුරටත් උග්‍ර වීම නිසා ආයෝජකයන් අවදානම් රුචිකත්වය පහත වැටුණු අතර එම නිසා ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගියේය.
055
COMMENTS
එත් එහේ රුපියලේ එල්ලිලා රජයට දොස් කියන්නේ නැහැනේ .. !
ඉතින් අපිට මොකෝ. ඉන්දියන් රුපියල නොවෙයි ඉන්දියාවම කඩා වැටුණත් අපිට කමක් නැහැ. චීනය වැටෙන්නේ නැති බව ෂුවර්.
හැමදාම අනුන්ගේ ණය, ආධාර, දීමනා මත්තේ රැදී ඉන්න ආසියාවේ අපි නිතරම කඩාවැටෙන්න ඉඩ තියෙන අය. ඉස්සර දෙකයි පනහේ සෙල්ලම් බඩු බැලුම්බෝල හදපු ජපානය අද කොහොමද? දැන් දෙකයි පනහේ බඩු හද හදා ඉන්න චීනෙත් ඒ තත්වෙට වේගයෙන් එනවා. තාක්ෂණය ලෝකයටම විකුණන ඉන්දියාවත් වැඩි කල් ගන්නේ නැහැ. අපිත් කිසිම දුර දැක්මක් නැතුව රැවටිල්ලෙන්ම ගියොත් රටම විකිණෙන තුරු ණය ගනීවි. දැනටමත් ගෙදර බඩු මුට්ටු විකුණන තත්වෙට ඇවිල්ලනේ ඉන්නේ.
මේකත් යහපාලන ගිණුමටම බැර කරමු.