වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් , මේ හේතුවෙන් අගමැති මෝදි මහතාගේ රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් කටයුතු කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ඉන්දියාවේ “ද ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත් ආයතනය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.
ඉන්දීය කොංග්‍රස් රජය පැවති සමයේ සිය රජය සමඟ හොඳ අවබෝධයකින් කටයුතු කළ බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීම සඳහා ද එම රජයේ සම්පූර්ණ සහය හිමිවූ බව ද ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව චීනයට සමීප වීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව කටයුතු කිරීම සඳහා යොදා ගැනීමට පැවති රජය කිසිඳු අවස්ථාවක ඉඩ ලබානොදුන් බවයි.
යුද සමයේ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව ද එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ.
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ සිය හෘද සාක්ෂියට අනුව තමන් කිසිඳු වැරදි දෙයක් සිදුනොකළ බවයි.
කුමන රටක ඇති වූවද යුද්ධය යනු හොඳ දෙයක් නොවන බව පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් යුද්ධය ඇති කිරීමට නොව යුද්ධය අවසන් කිරීමට ක්‍රියා කළ බව ප්‍රකාශ කර ඇත.
යුද්ධයක් අවසන් කිරීම පහසු කටයුත්තක් නොවන අතර ත්‍රස්තවාදය හේතුවෙන් හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන්ද මියයන බව සඳහන් කර තිබේ.
(125)
COMMENTS
හෘද සාක්ෂියට අනුවම වැඩ කරන්න තමා අයෙත් දත කන්නේ. මෙයාද දැන් ලංකාවේ ඉන්න විශ්ලේෂකයා. මෙයා මොකටද පත්තර වලින් අපට බණ කියන්නේ. යුද්දෙ කරන්න බයට ඇමරිකාවට පැනලා එහෙ පුරවැසියෙක් වෙලා අයියා ජනපති වුනාට වීරයෙක් වුණු අනුකම්පාවන් විරහිතව අහිංසකයින් ඝාතනය කරන්න අණ දුන්නෙක්.
ලංකාව අද චීනයට ලං වී තිබෙන්නේ, ට්‍රිලියන 11ක්වූ දැවැන්ත ආර්ථිකයක් වන චීනයෙන් ණය ලබා ගැනීමටයි. එවැනි දෙයක් හැර, ලංකාව වැනි කුඩා රටකට ඉන්දියාව, චීනය හෝ වෙනත් රටකට "එරෙහිව" ක්‍රියා කිරීමේ ශක්තියක් නොමැත.
අපොයි ඔව්. මෝදිට උපදෙස් දෙන්න මෙහෙන් කට්ටියක් යවන්න තමා තියෙන්නේ. ඇඟපත තිබුණාට එහෙ ඉන්නේ හරි මැට්ටෝ. ඒ ගොල්ලන් අපි ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. කරන්න තියෙන්නේ මේකයි අායිබෝවන්. මෝදි යටතේ අපි හැදුවා වගේ ‘සන්නද්ධ බුද්ධි ඒකකයක්‘ එහෙම හදලා රාජ්‍ය ආරක්ෂාව කියා බුද්ධි මණ්ඩලයක් නැතුව තනි අතේ දේශපාලන දඩයම් කරන ආකාරය, එවැනි කටයුතු ගැන ලියපු කට්ටිය ඇඟට නොදැනී අන්තර්ධාන කරන ආකාරය තමන්ගේ කල්කිරියාව සම්බන්ධ අවුලක් නොව ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් කියා ඔප්පු කරපු විශිෂ්ඨ ආකාරය, එතකොට තමන්ගේ පව් බිම් මට්ටමේ සාමාජිකයන්ගේ කර පිටින් යවන ආකාරය සී.අයි.ඒ., මොසාඩ්, රෝ, එම්.අයි. 6 වගේ අන්තර් ජාතික බුද්ධිඅංශ වලවත් නැති උපායශීලි ක්‍රමවේද ඉන්දියාවේ මැට්ටන්ටත් කියල දෙන්නයි තියෙන්නේ. එතකොට ඒ ගොල්ලෝ ආයේ ගමනක් ගුවනෙන් ඇවිත් පරිප්පු මලු දාන එකක් නැහැ.
සහතික ඇත්ත.. ලංකාව වගේ 60 ගුණයක් තරම් විශාල ඉන්දියාවේ පළාත් සභා තිබෙන නිසා මෙහෙත් පළාත් සභා පිහිටුවන්න බලකලේ ඔවුන්ට අපේ රට ගැන අවබෝධයක් නැති නිසා තමයි.
ඉන්දියාව වගේ රටවල් තමන්ගේ ජාතික ප්‍රතිපත්ති බලයට පත්වන දේශපාලකයින්ට අනුව වෙනස් නොවන බවට හා නොකරන බවවත් මෙයා දන්නේ නැද්ද? ලංකාව සම්බන්ධයෙන් මෝදි අනුගමනය කරන්නේ තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත නොවේ. ඉන්දියාවේ ආරක්ෂක හා විදේශිය ප්‍රතිපත්ති අනුව සැකසුණු ක්‍රියාමාර්ග බවට අනිවාර්ය කරුණක් වේ.
දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යාංශයේ තනතුරක් දරන්න සුදුසුකම් නැතිව දරද්දී ඔබතුමාට අවබෝධයක් තිබුණද? යුද්ධය තියන කාලේ යුද්දෙට බයෙන් ඇමරිකාවේ ගිහින් පාස්පෝර්ට් ගද්දී තිබ්බද ඔය අවබෝධය? අපේ මිනිසුන්ට තවම තේරෙන්නේ නැහැ මෙහෙ හැමෝම බල ලොභියෝ කියලා. ඔය ඉන්න කවුරුත් ෆීල්ඩ් එකේ යුද්ධ කළේ නැහැ. තනියම දුන්නත් යුද්ධ කරන්නෙත් නැහැ. එ්ත් යුද්ධය විකුණගෙන කන්න නම් හොඳට දන්නවා. හැමදාම අපි එකම තැන.. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. බුදුසරණයි.
ඉස්සර අයියට රටේ බලය තියෙද්දී මිනිහෙකුට කතා කරන්නවත් නිදහසක් මේ අය පාරේ යද්දී අපව කණුවට වැටුණු යුගය අමතක නෑ. වතුර, තෙල් වෙනුවට උණ්ඩය සලකපු එක මිනිස්සුන්ට අමතක නෑ. මේ අයද අද රට ගැන කතා කරන්නේ?
අමෙ මහත්තය කොහේ ඉදලද ආවේ. මෙටිකේ ඇමෙරිකාවේ රස්නේද මෙහෙට ආවේ.
ඇත්ත, ඇත්ත..'රෝ' එකට කියල දෙන්න තමන්ට විරුද්ධ වෙන අයට ලසන්තට වගේ ගහල දාන හැටි... මහ ලොකු ටෝක් දෙනව පිටරට පත්තරවලට, මෙහේ බය ගුල්ල වගේ උසාවි යනව අත් අඩංගුවට ගන්න එක වලක්වන්න තහනම් නියෝග ගන්න.
අනේ මට මතක් වෙන්නේ ඇවිදලා ගෙදර එන්න ෂුවර් නැති කාලේ!!.අම්ම තාත්ත වෙන වෙනම පාරේ ගිය කාලේ!! එමොකද මළොත් ළමයි අනත වෙනවා. දැන් මොකුත් මතක නැහැ.ඒ වුනාට රට්ටුන්ට මතකයි.පහුගිය චන්දෙ ප්‍රති පල බලුවහහම පේනවා.
ඇමෙරිකාවේ විශ්ව විදියාලයක පරිගණක අංශය පාලනය කරලා කොහොමද විදේශ සුම්බදතා ගැන මොළ කාරයෙක් වෙන්නේ.
මේ මනුස්සයට ගරහමින් මෙතන අදහස් පල කරන අය දැක්කම , කොයිතරම් ගුණමකු මිනිස්සු ඉන්න ජාතියක්ද කියල හිතෙනවා.යුද්දයේදී මෙතුමාගේ කාර්යබාරය ටිකක් අමතක කරමු.කුණු ටික ඇදගන්න බැරි , පාතාලේ මර්දනය කරගන්න බැරි , මෙලෝ වැඩක් හරියට කර ගන්න බැරි මේ ආණ්ඩුව එක්ක බලන කොට මෙතුමා කරපු වැඩවලට කිට්ටු කරන්නවත් පුලුවන්ද. ඔය මෙතුමා අතුරුදහන් කෙරුවයි කියන මිනිස්සුන්ගේ නම් කීපයක් දෙන්නකෝ (පාතාලේ එවුන් හැර). 88-89 ඔය අත්රුදන් කිරීම් ගැන වැඩිම චෝදනා ලබපු අය රටේ නායකත්වයටම පත් කරගෙන තියෙන්නේ.
ඉන්දියාවට ලංකාව පිළිබද හොද අවබෝදයක් තිබෙනවා. මෝදී රාජ්‍ය ත්‍රාන්තරික නායකයෙක් බව අමතක කරන්න එපා.
මෝඩ වැඩක්. ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික විශිෂ්ටත්වය ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවටත් වඩා විශිෂ්ටයි. අපි ගැන අපිට වඩා හැරෙනකොට ඉන්දියාව දන්නවා. මොනවද මේ කියන්නේ..?