(දිලීප් ජයසේකර)
කොවිඩ් 19 වයිරස තත්ත්වය ව්‍යාප්ත වීමත් සමඟ මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 161 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඉන්දියාවේ විශාකා පට්නම් ගුවන් තොටුපොළේ සිට අද (25) මත්තල ගුවන් තොටුපොල වෙත පැමිණි බව මත්තල ගුවන් තොටුපොල ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය.
ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1160 දරණ ගුවන් යානයෙන් මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස පැමිණ තිබේ.
මෙම පිරිස ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළදීම පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසු බෙන්තොට හා වාද්දුව ප්‍රදේශවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදුකෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd