උතුරු ඉන්දියාවේ උන්චාර් නගරය ආසන්නයේ පිහිටි ගල් අඟුරු බලාගාරක සිදුවූ පිපිරීමක් හේතුවෙන් 26දෙනක් මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තවත් පිරිසක් සුනුබුන් වලට යටවි සිටින බැවින් මියගිය සංඛ්යාිව ඉහළ යා හැකි බව බලධාරීහු පවසති. පිපිරීමට ලක්වූ මෙම බලාගාරය ඉන්දියානු ජාතික ගල් අඟුරු සංස්ථාවට අයත් වේ.
බලාගාරයේ ඇතිවූ පිපිරීම සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ප්රායන්ත පොලිස් ප්රගධානී ආනන්ද් කුමාර් පවසන්නේ ඇතුලත පීඩනය වැඩිවීම හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි. විශාල ශබ්දයක් සමඟ වාෂ්ප හා වායූන් විහිදුන බව අසල සිටි පුද්ගලයින් පවසා ඇත.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කා නේද අපට තෑගි ලැබෙන වර්ගයේ ඉන්දියාවේ ගල් අඟුරු බලාගාරවලට සිදුවන දේ ? මෙවැනි බලාගාරවල පීඩනය අඩු වැඩි කිරීමේ උපකරණ යනු ඉතාම සරල උපකරණයකි. එයවත් නියම අන්දමට පාලනය කිරීමේ හැකියාවක් මොවුන්ට නැද්ද ? ඒ මදිවට මේ වගේ විදුලි බලාගාරවලින් ඇතිවන පරිසර දුෂණය මගින් කාලගුණ විපර්යාසත් ඇති වෙන බව පරීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා.
පිපිරුනේ ගල් අඟුරු බලාගාරය නොවෙයි. එහි තිබුන බොයිලේරුවක්. මේ කතාව අශෝක් ලේලන්ඩ් බස් එකේ ටයර් එකක් පිපිරුනාම ඉන්දියාවෙන් ගෙනාපු බස් එකක් පිපිරුණා කියන්නා වැනි දෙයක්.