IMG-LOGO

2023 ජුනි මස 03 වන සෙනසුරාදා


ඉන්දියාවේ ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර සම්බන්ධයක් නෑ

(ඩයනා උදයංගනී)

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහන හා ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර කිසිම සම්බන්ධයක් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පසුගියදා පැවති සාකච්ඡාවේදී දෙරටටම වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කෙරුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා ජනතාව රජයට විශාල ජනවරමක් ලබාදුන්නේ සියලු ජාතීන්ට සමානව සේවය කිරීමට බැවින් සියලු ජාතීන්ට සමඟියෙන්, සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනගන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී පැවසූ බව ඇමතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා ඉන්දීය රජයේ සහයෝගය අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා කීවේ යැයි ද ඇමති රඹුක්වැල්ල මහතා පැවසීය.



අදහස් (9)

ඉන්දියාවේ ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර සම්බන්ධයක් නෑ

විජිත් Monday, 28 September 2020 01:05 PM

ඔයාගේ බොරු කතන්දර අහලා ඒවා විශ්වාසකරන බයියෝ ඉන්නේ 69 ලක්ෂයක් විතරයි. උගත්, බුද්ධිමත් සිදුවන දේ ගැන හොඳටම දැනුවත් ලක්ෂ ගණනකුත් මේ රටේ ඉන්නවා. මෝඩි, මදි නොකියන්නම මහින්දට "තෝසේ" "චපාති" කැව්වා. ඉස්මුරුත්තාවට එන්නම... 13 ඉල්ලපුවාම, 13 ප්ලස් දෙන්නම්" කියලා එදා මන්මෝහන් සිං ළඟ බඩගාපු මහින්ද රාජපක්ෂ හිතුවේ මෝදී ඒවා දන්නේ නැහැ "මේ ඉස්සර කෝච්චියේ තේ විකුණපු කෙනානේ" කියලා. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. අපේ රටේ නම් ලපයි-සිපයි, ගෝතයින් බයියන්, දුෂ්ඨයින්, නෂ්ඨයින්, බ්‍රෂ්ඨයින් කියන කියන විදිහට වෙනස් වන විදේශ ප්‍රතිපත්තියක් තියෙන්නේ. රටේ සල්ලි හොරාකාලා රට හිඟන ජාතියක් බවට පත්කරපු සක්කිලි දේශපාලුවන්ට වෙන රටවලින් සල්ලි හිඟාකනකොට ඒ ඒ රටට ඕනෑ විදිහට ප්‍රතිපත්ති වෙනස් කරනවා. මට සැකයි මේ අය මුළුරටම දැනටමත් කාට හරි විකුණලාද කියලා...

:       1       37

Champa Monday, 28 September 2020 01:34 PM

ඔව්, සියලු ජාතීන්ට සමානව සලකන්න කියලා සිංහල බෞද්ධයින් එකට එකතු වෙලා ඡන්දය දුන්නේ, දේශපාලකයන් සුළු ජාතීන්ගේ කේවල් කිරීම්වලට යටත්වෙලා රටේ මහ ජාතිය වන සිංහලයින්ට සහ ප්‍රධාන ආගම වන බුද්ධාගමට කරපු කෙනෙහිලි නතර කරන්න. හැබැයි වුනේ මොකක්ද? ආපහු සිංහලයන් සහ බුද්ධාගම දෙවෙනි තැනට වැටුණු එක. ආපහුත් වෙන්නේ රට පාවලා දීලා හරි ආණ්ඩුව පවත්වාගෙන යන්න ප්‍රදාන ලබාගන්න එක. 20 වෙනි සංශෝධනයෙන් රාජ්‍ය සමාගම් විගණනයෙන් මුදා හරිනවා කියන්නේ ඒ ආයතන තවදුරටත් ආණ්ඩුවට වග කියන්නේ නැහැ හෙවත් ඔවුන්ට අභිමත විදිහට වැඩ කරන්න පුළුවන් කියන එක. සිංහලයින්ට මෙතෙක් කල් මේ රටේ අයිතිය තීරණය කරපු එකම වගන්තිය වන ලංකාව ඒකීය රටක් කියන වගන්තිය නැති 20 වෙනි සංශෝධනය වෙනුවෙන් පෙනී හිටින්නේ සිංහලයින්ද? ප්‍රභාකරන් පෝෂණය කරපු කාලේ ඉඳලාම ඉන්දියාව මේ වගන්තිය වෙනස් කරලා ලංකාව ෆෙඩරල් කරන්න හැදුවා. අගමැතිතුමාට අමුතුවෙන් 13ට කැමති වෙන්න දෙයක් නැහැ. 20 වෙනි සංශෝධනයේ අවසාන ප්‍රතිඵලය ෆෙඩරල් රටක්. ඉතාම සූක්ෂම විදිහට ඒ බව සඟවලා තියෙනවා 20 වෙනි සංශෝධනයේ...

:       2       22

Rohana Tuesday, 29 September 2020 01:51 AM

සාකච්ඡාවේ කරුණු ශුද්ධ පවිත්‍ර කෙරුවාට ඇත්තම කියනවා නම් මෝදි 13 ක්‍රියාත්මක කරන්න ලංකාවට බලකර තිබෙනවා. එහෙම නොකලොත් ඔය කියන ආධාර ලැබෙන්නේ නැහැ.

:       0       1

sharm warn Tuesday, 29 September 2020 04:52 AM

මේගොල්ලෝ කිවොත් දෙයක් ඒක කණපිට තමයි කරන්නේ.

:       0       1

sachith Tuesday, 29 September 2020 05:14 AM

හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවට තමා.

:       0       1

Rata Perata Tuesday, 29 September 2020 06:23 AM

මෙයා කට අරිනකොටම අපි දැන් දන්නවා මෝඩ කතාවක් තමයි කියන්නේ කියලා.

:       0       2

wedage Tuesday, 29 September 2020 07:08 AM

ඔව් පස්සේ කියන්න පුළුවන්නේ කලින් සම්බන්ධයක් තිබුනේ නෑ පසුව සම්බන්ධයක් ඇතිවුණා කියලා.

:       0       3

Hafeel Tuesday, 29 September 2020 08:51 AM

එහෙමනම් මොනවටද මෝඩි 13 ගැන තදින්ම කිව්වේ? 

:       0       3

අතුල Tuesday, 29 September 2020 01:01 PM

මට "චේතිය" කියන රජතුමාව මතක් වෙනවා. මුන්නැහේගේ කතා අහන කොට...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුව ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කරයි
2023 ජුනි මස 03 98 0

ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ආධාර මුදලක් ඉල්ලීමට තිබූ අවසන් තත්පරයේ දී අදාළ ලේඛන ඉදිරිපත් කොට ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කර ගැනීමට හැකිව


කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ වාරික සියල්ල ගෙවයි
2023 ජුනි මස 03 193 0

රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත


මිහින්තලේ පුදබිම ඒකා ලෝක වේ
2023 ජුනි මස 02 525 0

ඓතිහාසික මිහින්තලා පුදබිම විදුලි ආලෝකයේ ඒකා ලෝව විය. පොසොන් පොහොය නිමිති කොට අද සිට දින පහක් පුරා මෙම අලෝක පූජව ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු ය


ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි
2023 ජුනි මස 02 189 0

සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී අද (2) ආරම්භ


සා.පෙළ සිසුවාගේ යටි බඩෙන් ලේ එන්න පහරදීලා
2023 ජුනි මස 02 1258 1

අපොස සාපෙළ විභාගයට පෙනී සිටී පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීමෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනයවි රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ


රජය ජනතාව මර්ධනය කරනවා
2023 ජුනි මස 02 183 0

බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ආර්ථිකය වර්ධනය කරනවා වෙනුවට වත්මන් රජය වෙනුවට ජනතාව මර්ධනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 171 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1109 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 628 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site