ඉන්දුනීසියාවේ අද (29) උදෑසන ඇතිවූ ප්‍රබල භූ කම්පනයකින් 10 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
එය රිච්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් කම්පනයක් බවත් කම්පන කේන්ද්‍රය මධ්‍යම ඉන්දුනීසියානු දූපතක් වන ලොම්බොක් දිවයිනට කිලෝමීටර් 50ක් ඊසාන දිග මාතරම් නගරයේ පිහිටා ඇති බවත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසයි.
මෙම කම්පනයෙන් පසු රික්ටර් මාපාංක 5.7ක කම්පනයක් ඇතුළුව තවත් පසු කම්පන 60ක් පමණ සිදුවී ඇත.
සංචාරක කේන්ද්‍රස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ ලොම්බොක් දිවයිනේ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් 40ක් තුවාල වී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය අය අතර සංචාරකයන් ද සිටින බව පැවසේ.
(බීබිසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.