IMG-LOGO

ඉදි කරමින් පවතින නිවාස සංකිර්ණයකින් වැටී 2 මරුට

එච්.එච් ධර්මපාල

දෙහිවල - අජිත් ගුණතිලක මාවතේ ඉදි කරමින් පවතින නිවාස සංකිර්ණයක 14වන මහලේ ඇති විදුලි සෝපාන කුටිය තුළ සේවයකරමින් සිටි සේවකයින් දෙදෙනකු  අද (29) ඇඳවැටීමෙන් මරණයට පත්වී ඇතිබව දෙහිවල පොලිසියි කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ බදුල්ල - අරාවේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ දයාරත්න නැමැති 45 හැවිරිදි පුද්ගලයෙකු සහ බිබිල - මැදගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ කුමාර නැමැති 35 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

එම ගොඩනැගිල්ලේ 14වන මහලේ විදුලි සෝපානය සවි කරමින් සිටියදී සේවකයින් දෙදෙනා  අනතුරට ලක් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

සේවකයින් දෙදෙනා  කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මිය ගොස් ඇති බව පොලිසිය කියයි.



අදහස් (3)

ඉදි කරමින් පවතින නිවාස සංකිර්ණයකින් වැටී 2 මරුට

Sanath Friday, 29 June 2018 07:23 PM

මේ වගේ උස අවදානම් තැන්වල වැඩ කරනකොට ආරක්ෂක බඳපටියක් පැලඳගෙන ඒක ලණුවකින් කණුවකට බැඳලා තිබුණා නම් ඔය මරණ සිදුවන්නේ නැහැ.

:       1       4

C.K. .Lankaputhra Friday, 29 June 2018 11:39 PM

මේ සෝපාන කුටීර ඉතාම භයානක තැනක්. ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ගේ නොසැලකිල්ල මීට හේතුවයි. හැම තට්ටුවක් පාසාම ශක්තිමත් ලෑලි තට්ටුවක් ගසා වැඩකරුවන්ගේ ආරක්ෂාව තහුරු කිරීම අත්‍යාවශ්‍යයි. අදාල අංශ මේවා ගැන නිරන්තරයෙන් සොයා බැලීමත් ඒවගේම වැදගත්.

:       0       9

prabash Saturday, 30 June 2018 08:23 AM

ආරක්ෂක පිළිවෙලට අවශ්‍ය උපකරණ සැපයීම කර්මාන්ත කරුගේ වගකීමක්. මිනිස් ජීවිත ගැන මීට වඩා සැලකිලිමති විය යුතුයි. නීති ගෙන ආ යුතුයි. වහාම යැපෙන්නන් වෙනුවෙන් ජීවිත කාලයටම වන්දි ලබා දෙන්න.

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 449 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 887 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site