IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ඉදිරියේදී පොලිස් කොමිසමේ වෙනසක් කරනවා‘


(චන්ද්‍රසේන ගමගේ)

‘ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයත් සමඟ ස්ථාපිත කරන ලද ස්වාධීන පොලිස් කොමිසම විශ්‍රාමිකයන්ට සුවසේ ගත කිරීම සදහා හදපු   මහලු නිවාසයක්ද යන ප්‍රශ්නය අපටත් දැනෙමින් පවතිනවා.‘ යැයි  උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද (03) දින වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවසීය.


ස්වාධීන පොලිස් කොමිසම මේ රට තුළ ඇති කිරීම මගින් බොහෝ දේවල් පිළිබදව බලා පොරොත්තු තබා ගත් නමුත් ඒ කිසිවක් සිදු නොවු බවත්  ඒ නිසා අප ඉදිරියේදී ස්වාධීන පොලිස් කොමිසමේ යම් යම් වෙනස් කිරීම් සිදු කිරීම් කිරීමට බලා පොරොත්තු වෙන බවත් හෙතෙම සඳහන් කළේය.


මේ වන විට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විධියට බිහි වූ මේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය  ජරා ජීර්ණ වූ බංකොලොත් දේශපාලන පක්ෂ හා සමහර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් විනාශ කරමින් යන බවත් තමන් ඊට එරෙහිව කුටයුතු  කරන බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය. 
වැඩිදුර අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය


‘පසු ගිය වසර දෙක තුළ පමණක් විශ්ව විද්‍යාල සිසුන් 2000ක් විශ්ව විද්‍යාල වලින් පිට මං කර තිබෙනවා. ඔවුන් සියල්ල ගම් වලින් පැමිණි අහිංසක දරු දැරියන් ඔවුන් සම්බන්ධ සියළු විස්තර අප විසින් සොයා ගෙන තිබෙනවා. උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මට ඇති වගකීම වන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය නගා සිටුවීමයි . ඒ වැඩේ මං කරනවා.


අද පාතාලය හිස ඔසවා තිබෙන්නේ කරුණු කිහිපයක් නිසයි. පාතාල ක්‍රියා කරකම් මාස තුන හතරකට වඩා එක දිගට තිබෙනවානම් එයින් කියැවෙන්නේ කුමක්ද? මේ රටේ පාතාල ය පිටුපස පොලීසියේ උසස් නිළධාරීන් හා ඇතැම් දේශපාලඥයින් සිටිනවා. එනිසා පාතාලය මර්ධනය කරන්නට අපහසු වී තිබෙනවා.ඊයේ දින යේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පොලීසිය භාර ඇමතිවරයාට ජනාධිපති තුමා හා අගමැති තුමා උපදෙස් ලබා දුන්න පාතාලය මර්ධනය කිරීම සදහා දැඩි පියවර ගන්නා ලෙසට. ඒ අනුව එතුමා ක්‍රියා කරයි.


අපි 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය මගින් ස්වාධීන පොලිස් කොමිසම ඇති කොට මේවාට විසදුම් බලා පොරතේතු වුණා. නමුත් ඒ කිසිවක් සිදු වුණේ නෑ.අපිට පොලිස් කොමිසම පිළබදවත් පොලිස් පතිවරයා පිළිබදවත්  යම් කිසි සැකයක් මතුව තිබෙනවා.



අදහස් (1)

‘ඉදිරියේදී පොලිස් කොමිසමේ වෙනසක් කරනවා‘

Mo77 Wednesday, 03 October 2018 12:32 PM

මැතිවරණ කොමිසම එකයි. ඔක්කොම විශ්‍රාමික මිනිසුන්...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site