(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලී පදනම මත වාහන ලබා ගන්නා සහ විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කරන බව පවසමින් රුපියල් කෝටි හතරක් වටිනා වාහන හා රුපියල් කෝටි දෙකක් වටිනා මුදලක් වංචා කර සැඟවී සිටි විවාහක පුද්ගලයෙකු වන ‘ඉතාලි සමන්ත’ නැමැත්තා පානදුර පිංවත්තේදී ප්‍රදේශයේදී අද(10) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
සැකකරු එලෙස ලබාගෙන තිබූ සුඛෝපභෝගී මෝටර් රථ හතරක් හා ජීප් රථ දෙකක් ප්‍රශ්න කිරීමේදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd