IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඉතිරි වී සිටි අවසන් දරුවාත් බේරාගනී

මායි සායිහිදීය (ඒ.එෆ්.පී) 

දින 18ක කාලයක් උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටි දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදාගත් බව ‘තායි නේවි සීල්ස්’ භටයෝ ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අද (10) සවස්වරුවේ සඳහන් කළහ.

“වයිල්ඩ් බෝර්ස්” කණ්ඩායමේ සියලු දෙනා මුදා ගත්තා” යැයි එම සටහනේ සඳහන්ව තිබිණි. ගල් ගුහාව තුළ සිරවී සිටි දරුවන් 12 දෙනා, එනම් “වයිල්ඞ් බෝර්ස්” කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකයන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීම සඳහා දින තුනක් මුළුල්ලේ ඉතා සංකීර්ණ සහ දුෂ්කර මෙහෙයුමක් දියත් කෙරුණි. 

දරුවන් මුදා ගත්තද ඔවුන්ගේ සහාය වෙනුවෙන් ගල් ගුහාව තුළට ගිය වෛද්‍යවරයකු ද ඇතුළු සීල් කණ්ඩායමේ කිමිදුම්කරුවන් සිවුදෙනකු තවමත් පිටතට පැමිණි බව ද ‘නේවී සීල්’ භටයන්ගේ ඔවුන්ගේ ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබිණි. 

ජූනි 23 වැනිදා උපන්දින සාදයක් සැමරීම සඳහා තම පුහුණුවීම්වලින් අනතුරුව තාම් ලුවාං ගල් ගුහා සංකීර්ණය වෙතා ගොස් තිබේ. ඔවුන් ගල් ගුහා තුළ සිටියදී ඇති වූ ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයත් පිටතට පැමිණීමට නොහැකිව දරුවෝ 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගල් ගුහාව තුළ සිර වූහ. 

බි්‍රතාන්‍යය කිමිදුම්කරුවන් දෙදෙනකු මේ දරුවන් සොයාගන්නා තුරු ඔවුහු දින නවයක් අඳුරු ගල් ගුහාව තුළ ගත කළහ. දරුවන් සොයාගන්නා අවස්ථාවේදී ද ඔවුන් හොඳ ජවයකින් සිටි බව දරුවන් සොයාගත් පණිවුඩය දැනුම් දීමට පිටතට පැමිණි බි්‍රතාන්‍යය කිමිදුම්කරුවෝ දෙදෙනා කීහ.  

දරුවන් සොයාගත් අවස්ථාවේදී ඔවුන් පිටතට ගෙන ඒමට මසකට ආසන්න කාලයක් ගත වනු ඇතැයි මුලදී පැවැසුණි. දරුවන් සිටියේ ගල් ගුහාවේ මතුපිටට පැමිණීමට හැකි විවරය තිබෙන ස්ථානයේ සිට කිලෝමීටර 4ක් ඈතිනි. ඔවුන් පිටතට රැගෙන ඒමට තිබුණේද ජලය පිරුණු දුෂ්කර පටු වංකගිරියක් වැනි උමං මාර්ග සමූහයකනි.

ඔවුන් මුදා ගැනීම සඳහා සැලසුම් සැකසීමේදී බලධාරීහු අර්බුද රැසකට මුහුණ දුන්හ. මෝසම් වැසි අවසන් වනතුරු සිටිනවාද නැතිනම් ඊට පෙර සිදුරක් සාදනවද යනුවෙන් අදහස් කිහිපයක්ම ඉදිරිපත් වී තිබිණි. මෝසම් වැසි අවසන් වීමට බොහෝ කාලයක් සිටීමට සිදුවනු ඇති නිසා වැසි අවසන් වනතෙක් සිටීමේ විසඳුම අත්හැර දැමිණි. තායි බලධාරීන් විසඳුම් සොයන අතරවාරයේදී කාලයත් දරුවන් සිටින ස්ථානයේ ඔක්සිජන් ප්‍රතිශතයත් අඩුවෙමින් තිබිණි. ඒ අතරවාරයේදී මෝසම් වැසි ද ඇද හැලෙන්නට වූ අතර ඒ හේතුවෙන් ගුහාව තුළ ජල මට්ටම් ද වැඩි වෙමින් තිබිණි. එවැනි අවදානම් තත්ත්වයක් තුළ තිබෙන දරුණුම සහ වැඩිම අවදානමක් සහිත විකල්පය තෝරාගැනීමට බලධාරීහු ඇතුළු පිරිස් තීරණය කළහ. 

ඒ අනුව දරුවන් සිටින ස්ථානයට කිමිදුම්කරුවන් යැවීමට බලධාරීහු තීරණය කළහ. ඒ අනුව විශේෂඥ කිමිදුම්කරුවන් ද ඇතුළු කිමිදුම්කරුවෝ 90ක් මෙම දැවන්ත හා සංකීර්ණ මෙහෙයුමට එක්වූහ. ඔවුන්ගෙන් 50 දෙනෙක් විදේශීය කිමිදුම්කරුවෝ වූහ. කිමිදුම්කරුවන්ට අමතරව තායිලන්ත හා ජාත්‍යන්තර පිරිස්වලින් සැඳුම්ලත් දැවැන්ත මුදා ගැනීමේ කණ්ඩායමක් ද දරුවන් බේරාගැනීමේ කටයුත්තට සම්බන්ධ වී සිටියහ. 

කිමිදෙමින් දරුවන් සිටින ස්ථානයට යෑමත් දරුවන් ඉන් රැගෙන ඒමත් අත්දැකීම් බහුල විශේෂඥ කිමිදුම්කරුවන්ට ද අභියෝගයක් විය. දරුවන්ට ද කිමිදීම සම්බන්ධයෙන් අත්දැකීමක් නොතිබූ හෙයින් ජලය යටදී ඔක්සිජන් ටැංකි ආධාරයෙන් හුස්ම ගැනීම සහ කිමිදීම සඳහා ආධාර කරගන්නා අනෙකුත් උපකරණ භාවිත කිරීම පිළිබඳව යම් අවබෝධයක් දීමට  සිදුවූ බව ද වාර්තා විය.  

කිමිදුම්කරුවන් දරුවන් බේරාගෙන පැමිණෙද්දී ජලය යටදී දරුවන් බිය වනු ඇත්දැයි සැකයක් ද මතුවිය. මෙහෙයුම්වලට එක්ව සිටි තායිලන්තයේ හිටපු ‘නේවි සීල්’ භටයකු මෙන්ම කිමිදුම්කරුවකු වන සමාන් ගුනාන් ඔක්සිජන් ප්‍රමාණවත් නොවී මිය යෑමත් සමඟ බලධාරීන්ගේ බියත් මුදා ගැනීමේ මෙහෙයුමේ අවදානමත් තීව්‍ර විය. 

එසේ තිබියදී ඉරිදා (8) දැවැන්ත ගෝලීය අවධානයක් දිනාගත් මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණි. ලොව වැඩි අවධානයක් දිනාගෙන තිබූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මධ්‍යයේ වුවද මෙම මෙහෙයුම කෙරෙහි ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම ලොව පුරා අති විශාල පිරිසක් නෙත් යොමා සිටියහ.

දරුවන් මුදාගත් විගසම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුදාගැනීමට මෙහෙයුමට එක්වූ පිරිස්වලට කෘතඥ වෙමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. පාපන්දු පිටියේ ප්‍රබලයකු වෙන ලයනල් මෙසී ඇතුළු පාපන්දු ක්‍රීඩකයන් ද මුදාගැනීමේ මෙහෙයුම්වලට දායක වූ පිරිස්වලට මෙන්ම දරුවන්ට ද සහයෝගය පළ කර තිබිණි. එපමණක් නොව තාක්ෂණික ලෝකයේ ප්‍රබලයකු වන ඊලෝන් මස්ක් ද මෙම දැවැන්ත මෙහෙයුමට තම දායකත්වය සැපයීය. 

ගුහාව තුළ සිර වී සිටි අවසන් දරුවත් පුහුණුකරුත් මුදා ගත් බව අනාවරණය වූ විගස තායි වැසියන් මෙන්ම මෙම මෙහෙයුම සම්බන්ධයෙන් අවධානයෙන් ලෝ පුරා ජනතාව ප්‍රීතියටත් උද්දාමයටත් පත්වූහ. 

(055)

 

 



අදහස් (9)

ඉතිරි වී සිටි අවසන් දරුවාත් බේරාගනී

prasanna Tuesday, 10 July 2018 12:05 PM

බුදු සරණයි

:       58       2

Uditha Tuesday, 10 July 2018 12:09 PM

හැමෝටම ජයසිරිමහ බෝ සමිදුගේ පිහිට ලැබේවා!!! කාගේ උනත් මොන ජාතියේ උනත් දරුවෝ....

:       76       2

ගාමිණී Tuesday, 10 July 2018 12:25 PM

බොහොම සතුටුදායක ආරංචියක්. ජාති ආගම භේදයෙන් තොරව මනුෂ්‍යත්වය, සාමුහිකත්වය, කුමක්ද යන්න ලොවට පෙන්වූ අවස්ථාවක්. අපේ රටේ අයටත් ඉගෙනගන්න වටිනා පාඩමක්, මනුෂ්‍ය ජීවිත වල වටිනාකම ගැන.

:       0       2

සතයපාල Tuesday, 10 July 2018 12:32 PM

ලෝකයේ කොතැනක හෝ මනුෂය ජීවිතයක් බේරා ගන්න ජාතිය ආගම කුලය හෝ දේශය නොතකා කල මේ සද්කාර්යට ලෝවාසී ජනතාවගේ ගෞරවය හා ප්‍රණාමය ඔවුන්ට හිමිවිය යුතුය.

:       0       0

jayantha Tuesday, 10 July 2018 12:35 PM

බොහොම හොද කීයාවක් . යූඑස්ඒ තාක්ෂණය පිහිටෙන් .

:       0       72

UM Priyantha pradeep Tuesday, 10 July 2018 03:47 PM

අති විශිෂ්ටයි. දීර්ඝායුෂ

:       0       1

emerson Tuesday, 10 July 2018 04:17 PM

ශ්‍රී ලංකා වාසී අපි ඇතුළු ලෝකයේ හැම කෙනෙක්ගෙම ප්‍රාර්ථනය වුනේ ඔබ සැම දෙනා ආරක්ෂාකාරිව බේරා ගැනීමයි. එය එලෙසින්ම ඉටුවීම ගැන හරිම සතුටුයි

:       0       1

Thamara Tuesday, 10 July 2018 07:32 PM

ඇත්තටම ගොඩක් සතුටුයි අනන්ත වාරයක් දෙවියන්ට කිව්වා මේ දරුවෝ බේරගන්න බේරගන්ඩ දරුවන්ට කරදරයක් වෙන්න එපා දෙවිනි කියලා. ඒ වගේම මේකට සහභාගි වූ සියලුම දෙනාට බොහොම ස්තුති වන්ත වෙනවා. දරුවන්ව බේරගත්තා කියලා youtube එකෙන් දැක්කට සැකයක් හිතුනු නිසා ලංකාදීපෙ සොයා බැලුවා. ඇත්තටම හරිම සතුටුයි. තෙරුවන් සරණයි

:       0       1

Jayantha Wednesday, 11 July 2018 02:57 AM

බොහොම සතුටි USA තාක්ෂණික කොචර උසස්ස්ද .

:       1       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 843 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1270 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site