ඇෆ්ගනිස්ථාන රජයට විරුද්ධව පවත්වනු ලැබූ විරෝධතාවකදී මියගිය සලෙම් ඉසාද්යා නම් පුද්ගලයකුගේ අවමගුල් උත්සවයට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයකින් හත්දෙනකු මියගොස් 119ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
කාබුල් නුවර පැවැත්වුණු මෙම අවමගුල් උත්සවයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකු බෝම්බ පුපුරුවාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරයට තමන් සම්බන්ධ නැතැයි තලේබාන් සංවිධානය පවසයි.
පසුගිය සිකුරාදා කාබුල් නුවර පැවැත්වුණු විරෝධතාවයකදී තුවාල ලැබූ සලේම් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබිණි.
(බී බී සී ඇසුරිණි-085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd