ඇෆ්ගනිස්තානයේ ස්ථාන කිහිපයකට ඊයේ ( 30 ) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාර යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (1) ප්‍රකාශ කළේය.
මහලේකම්වරයා එලෙස ප්‍රකාශ කළේ එම ප්‍රහාරවලට විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කරමිනි.
මෙම ප්‍රහාරවලින් මාධ්‍යවේදීහු 10 දෙනෙක් මිය ගියහ. ඊයේ දිනයේදී කාබුල් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වූ අතර ඉන් එක් ප්‍රහාරයකින් ප්‍රංශ පුවත් සේවයේ ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන ඡායාරූප ශිල්පී ෂාහ් මරායී ජීවිතක්ෂයට පත්විය. නැගෙනහිර කෝස්ට් ප්‍රදේශය ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් බී.බී.සී පුවත් සේවයේ වාර්තාකරුවකු වන අහ්මද් ෂාහ් ජීවිතක්ෂයට පත්විය.
මෙම ප්‍රහාර විශේෂයෙන්ම කාබුල් නුවරට එල්ල වූ දෙවැනි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කළේය. වුවමනාවෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සඳහන් කළේය.
එම ප්‍රහාරය තලේබාන් සංවිධානයේ බිඳ වැටීමෙන් පසු මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එක් දිනක-දී එල්ල වූ දැවැන්තම ප්‍රහාරය මෙය යැයි සීමා නැති මාධ්‍යවේදීහු කීහ.
එමෙන්ම ඊයේ දිනයේදී ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ප්‍රදේශයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ෂාහ් මරායිගේ අවසන් කටයුතු අද, මැයි 1 වැනිදා ඔහු උපන් ගම්මානයේදී සිදු කෙරුණි.
055
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇෆ්ගනිස්තාන ප්‍රහාරයේ ඉලක්කය මාධ්‍යවේදීන්ලු
හිරාන් Wednesday, 02 May 2018 07:22 AM
මාධ්‍ය වේදින් මේ ආකාරයට ඉලක්ක කර ගැනිම නින්දිතයි. සැබවින්ම සිදුවිමක් වාර්ථා කිරිම මාධ්‍ය සතු වගකිමක්. නමුත් ත්‍රස්තයින් මේ ආකාරයට මිලේච ලෙස හැසිරිම හෙළා දකිනවා. මරණයට පත්වු මාධ්‍ය වේදින් ට නිවන් සුව අත් වේවා යැයි ප්‍රර්ථනා කරනවා.