(මනෝප්‍රිය ගුණසේකර)
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ රක්නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 19 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා අද (03) නියම කළේය.
ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාඳීම සඳහා රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබාදීම හා ලබාගැනීම ඇතුළු චෝදනා 47ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා තිබේ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණය මෙලෙස නියම කළේය.
සිතාසියකට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙක බැගින් හා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණ.
COMMENTS
කිසිම වැඩක් නැහැ මේක. සල්ලි නාස්ති කිරීමක්. සංදර්ශන විතරයි
මේ නඩුව ගැන දැන්ම කියන්න පුලුවන්...තීන්දුවෙන් පසු රෝහල් ගත වේ..පසුව රනිල් මහින්ද හදිසි සාකච්ඡාවක්.....ඒකට මොනවා හරි බොරු හේතු කියයි.....පසුව ඇපීල් කරයි....එතනදී ආයිමත් ඇප හම්බවෙයි...ඔච්චරයි වෙන්නේ..
මේ නඩුව නැවත අහන්නේ ජවිපෙ බලයට පත්වේච දවසක. නඩුව ආරම්භ කරන්නේ 2018 මාර්තු. ඒක කල්යනවා 2020 ට නිකන් විහිළු. ලංකා රජයට සිදු පාඩුව අතිමහත්.