IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇල්පිටියේදී බස් රථයක වෙඩි තැබීමක්: අයෙක් මරුට

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය  අලුත්ගම ප්‍රධාන මාර්ගයේදී  අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කළ  ලංගම බසයක සිටි පුද්ගලයකුට  බසයේ සිටි  තවත්  පුද්ගලයකුම වෙඩිතබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.

අද  උදෑසන  ඇල්පිටිය අටකෝට්ටේ පාලු ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය වල් ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි  රංජිත් ජයවර්ධන නැමැත්තෙකි. නඩු කටයුත්තක් සඳහා  ඔහු  බිරිය සමඟ ඇල්පිටිය අධිකරණයට යමින් සිටියදී මෙලෙස  ඝාතනය වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු වෙඩි තැබූ  සැකකරු  බසයෙන් බැස බසය පිටුපසින් පැමිණි  යතුරු පැදියක නැඟ තවත් පුද්ගලයකු සමඟ පළා ගොස් ඇතැයිද ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

 (ඡායාරූප - දීපාල් ද සිල්වා) 



අදහස් (17)

ඇල්පිටියේදී බස් රථයක වෙඩි තැබීමක්: අයෙක් මරුට

Amila Friday, 06 September 2019 05:31 AM

එදා වයඹ චන්දේ පොදුපෙරමුණ කරා වගේ ඇල්පිටියත් මෙදා සැරේ යුන්පියෙන් වැඩ පටන් ගෙන වගේ.. හැබැයි ලංකාවේ එහෙම එක සැරයක් බලෙන්ම කරහාම නිකන්ම රැල්ල ඒ පැත්තටම යනවා.. එහෙම චන්ද දායකයෝ ඉන්න රටක් මේක.. මිනිස්සු කැමති නෑ නෝන්ජල් නායකයන්ට..

:       606       140

DilanFriday, 06 September 2019 06:20 AM

මේක නඩුවක සාක්ෂි නැති කිරීමට කරපු දෙයක් වගේ.

:       28       147

PereraFriday, 06 September 2019 07:00 AM

ඇප ලබා හිටපු නඩුවේ සැක කාරයෙක් වෙන්නත් පුළුවන්...

:       0       2

රොෂාන් Friday, 06 September 2019 09:04 AM

Amila ඔබගේ උප්පැන්න සහතිකයේ කොතැනක හෝ "නොදනී" යන්න සටහන් වී තිබෙනවද? කොහොමත් ඔය බෙන්තර ගගෙන් එහා පැත්තේ අය මිනී මැරීමට හැර වෙන දෙයකට දක්ෂ නැහැ.

:       404       251

ruhune ravana Friday, 06 September 2019 10:56 AM

අර අහිංසක දරුවන් දෙන්නෙක් කඩු පහර දී මරා දැම්මේ බෙන්තර ගඟෙන් එහාද? අද බෙන්තර ගඟ වලංගු නැහැ.. බෙන්තර ගඟෙන් එහා උන් නොහිටින්න ඔබතුමාගේ පශ්චාත් භාගයත් අද නැහැ. ප්‍රභාගේ බස් බෝම්බ වලට අහු වෙලා මෝඩ අදහස් අප හෙලා දකිනවා. ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ, නමුත් රාවන පරපුර නොවේ.. බහුතරය ඉන්දියාවේ ඔරිස්සා, තෙලිඟු, අන්ද්‍රප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශවලින් පැමිණි ආක්‍රමණිකයන්... බොහොමයක් දකුණු ඉන්දියානු උරුමකම්, හැඩරුව පෙන්නනවා. නියම සිංහලයන් රාජ්‍ය උත්සවයක් කැඳවා සමූල ඝාතනය කර උන් මෙහෙ පැලපදියන් වී ඇත. දැන් බෙන්තර ගඟක් ගැන මැත දොඩවයි..

:       200       88

Serasinhe Pathirana, matara Friday, 06 September 2019 11:00 AM

බෙන්තර ගඟෙන් මෙහා පැත්තෙත් ඉන්නේ සිංහල කථා කරන දකුණු ඉන්දියානු පුරවැසියන්.. ඔහේ මක්කෙයි මේ කියන්නේ? ඔක්කොම මහා කළු සිංහලයෝ සුද්දෝ, උතුරු ඉන්දියානුවන් වෙන්න බැහැ කවදාවත්..

:       1       3

Ruhune api Friday, 06 September 2019 11:06 AM

ගවයන් බුදින්නේ තණකොළ මිසක් ඉඳි ආප්ප නොවේ. පුළුවන් නම් මාතර උයන් වත්තට ඇවිත් ඔබගේ අදහස් දක්වන්න. එහෙම කලොත් ඔබ බෙන්තර ගඟෙන් එහාට ගෙනත් පවුලේ අයට බාරදෙනවා බළල් පැටියෙකුත් සමග...

:       0       49

DilanFriday, 06 September 2019 12:38 PM

අපහාස නොකර අඩුපාඩුව පෙන්වා දුන්නා නම් හොඳ නැතිද?

:       0       2

ලුම්බිණි Friday, 06 September 2019 06:16 AM

ලංකාවේ (පදිංචි කොහේ උනත්) මිනිස්සු ඉතාම දක්ෂයි කිසිම පදනමක් නැති කතා ගොඩ නගන්න.

:       51       228

RaveendraFriday, 06 September 2019 07:19 AM

ලුම්බිණි මෙනෙවිය, මහත්මිය වෙත, ඔබගේ අදහස් කියවීමේදී ලාංකිකයන් ගැන විදේශිකයකු වන රොබට් නොක්ස් විසින් මෙසේ සඳහන් කර ඇත. ලාංකිකයන් වැඩිම දෙනෙක් හොඳ වෙදුන්ය.. එලෙසම ලාංකිකයන් සැමවිටම අනිකාගේ "ඕපාදුප" සෙවීමට, කතාකිරීමට "අතිදක්ෂයෝය". අප විශ්වාස කරනවා. මෙය සත්‍යයක් ලෙසත් මෙය අදටත් වලංගුය. අනාගතයටත් වලංගු වෙනු ඇත.

:       0       0

sudarshane bandara Friday, 06 September 2019 06:38 AM

පාතාලේ නම් ඉතින් දකුණම තමයි.

:       51       0

බද්රානි Friday, 06 September 2019 07:46 AM

මේ මිනීමැරුමත්, දේශපාලන මෙවලමක් කරගන්නයි දඟලන්නේ... මෙවැනි අමන ජාතියකට පැවැත්මක් මේ මිහිතලය මත තියෙයිද? කොටින්ම කියනවා නම්, මෙවැනි අමනයින් මේ මහපොළොවට බරක්...

:       39       108

ajith Friday, 06 September 2019 08:08 AM

මේකෙන් පෙන්නේ රට පුර ආයුද විශාල ලෙස තිබෙන බවයි . දිනපතා 4-5 දෙනෙක් වෙඩි තියලා මරනවා. ආණ්ඩුව නිදිද?

:       1       49

mangala Friday, 06 September 2019 09:34 AM

යහපාලනය මේවා නැති කරනවා කිව්වා නේද..?

:       1       18

vipula Friday, 06 September 2019 10:02 AM

දිනෙන් දින අහන්න දකින්න තියෙන අපරාධ වල ප්‍රමාණය හා කෙරෙන විදිහ විවිධයි. මේවා පාලනය කිරීමට කිසිම උත්සාහයක් නැහැ. බස් එකෙන් නඩුවට යන්න බැරි රටක් වුණා.

:       0       3

laki kosgoda Friday, 06 September 2019 11:08 AM

මේක කුඩු ප්‍රශ්නයක්... කොස්ගොඩ සුජී, තාරකගෙන් අහන්න.. නිකම් දේශපාලනේ ගාවගන්න එපා මේවට..

:       70       7

Vijitha Saturday, 07 September 2019 07:18 AM

ලංකාවේ දමිල, මුස්ලිම් ඇරෙන්න සියලුම සිංහලුන් ලංකාවේ ජාතියක් ඇරෙන්න ඉන්දියානුවන් නොවේ.. රාවණා ඉන්දියාව යාකරන පාලමක් හැදුවා ඇරෙන්න ලංකාව ඉන්දියාවට සම්බන්ධව තබුණේ නැහැ. අදටත් ඕනෑම කෙනෙකුට පරික්ෂා කළ හැක. විජය රජු කුවේනිගේ මාමාවරු මාරුවට සමූල ඝාතනයක් කලේ නැහැ. රාජ්‍ය තුනක් විදියට එකල පාලනය වුනේ ගෝත්‍රික තුනකට අයත් රජය තුනක් නාග, රාක්ෂ, දේව යන.... විජය රජු මේ සියලු රජය අත්පත් කලේ නැහැ. අනික විජය රජුට ළමයි නැහැ. එහෙම එකේ අපි කොහොමද උගේ වෙන්නේ? බුදුන් මහියංගනයට වැඩියේ ඒ ගෝත්‍රික ප්‍රශ්නයක් විසදන්න. ඒ වෙලාවේ දේව ගෝත්‍රික රාජ්‍ය නියෝජනය කලේ සමන රජුය. ඔහු අාරාධනා කලා ඔවුන්ගේ රාජ්‍යයේ සමන්ත කූටයට වැඩම කරන ලෙස. තවම ඒගෝත්‍රිකයින්ගෙන් පැවතෙන නිසා පළාත් විදියට සුළු වෙනස්කම් තියෙනවා.

:       35       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31320 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13532 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site