(මහින්ද නිශ්ශංක)
පෞද්ගලික බස් කර්මාන්තයෙහි පවතින ගැටළු මුල් කරගනිමින් අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු බස් සංගම් කිහිපයක් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඇරැඹිමට තිබු දීප ව්‍යාප්ත බස් වර්ජනය තාවකාලිකව අත්හිටවු බව අන්තර් පළාත් බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසීය.
අපොස උසස් පෙළ විභාගය ගැන සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
ජාතික මගී එකමුතුව මෙතැනදී දැඩි තීරණයක් ගන්න ඕනේ. පවතින බස් ගාස්තු 25% කින් අඩු කරන තෙක් බස් වල ගමන් සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. එතකොට ලීස් එක ගෙවාගන්න බැරුව මේ ගොල්ලන්ට බස් ගාස්තු අඩු කරන්නම වෙනවා.
පලයල්ලා බන් බොරු නොකර... දුම්රිය ස්ට්‍රයික් එක අවසන් වුණු හන්දා කරකියා ගන්න බැරි වුණා... ෂේප් එකේ උඹලාගේ ස්ට්‍රයික් නතර කරලා දැම්මා... උසස් පෙළ කරන ළමයි ගැනම හිතන කට්ටිය.. ඕවා හොඳයි කොන්ඩේ බැදපු අයට.. දුම්රිය ස්ට්‍රයික් එක අස්සේම බස් ස්ට්‍රයික් එකත් කළාම එල්ලන දේවල් නොදී එන්න බැරි වෙනවනේ.. රට කාලකන්නි වෙලා අවසන්..
ඒපාර මේගොල්ලත් වර්ජනයක් කරනවද? ලංගමයේ මහත්වරුනි. ඔය ඩිපෝවල පොඩි පොඩි අලුත්වැඩියා නිසා ගාල් කරලා තියෙන බස් ටික හදලා එළියට දාන්නා. ආණ්ඩුවට කියලා තව බස් 2000-3000 ක් වත් ගෙන්නන්න . එතකොට ඔය කට්ටියගේ අමාරුව සුව වෙයි.