IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇඹිලිපිටියේ සුමිත්ගේ මරණයට සම්බන්ධ සියලු නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝග

(අජිත්ලාල් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර)

මීට තුන් වසරකට පෙරදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරතුර ඇති  වු ගැටුමකින්  පසු මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නම් තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඇති සෙසු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ආර්.ජී.එන්.කේ.රන්කොත්ගේ මහත්මිය අද (29) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.


වර්ෂ 2016 ජනවාරි 04 දින රාත‍්‍රී ඇඹිලිපිටිය නව නගරය පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ නිවසක පැවති සාදයට කඩා වැදුණු පොලිස් නිලධාරීන් අතර සිටි එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා විසින් සුමිත් ප‍්‍රසංග ජයවර්ධන (29) තරුණයා ඉහළ මාලයකින් පහලට තල්ලූකළ බවට සැකකරමින් මෙම නඩුව පැවැත්වෙයි.


එම සිද්ධියෙන් දින තුනකට පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී සුමිත් ප‍්‍රසංග මිය ගියේය.
සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
 
මේවනවිට සිද්ධියට වසර තුනක් ඉක්මවා ඇත. මෙම නඩුව ඇඹිලිපිටිය අත්රේක මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී අද (29) නැවත කැඳවූ අවස්ථාවේ මෙතෙක් නඩුව විභාග කළ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා ස්ථානමාරුවීම නිසා නව මහේස්ත‍්‍රාත්වරිය හමුවේ විභාග වෙයි.
 
සිද්ධිය සම්බන්‍ධයෙන් විමර්ශන පවත්වන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවයි. එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්භාරයේ තබා වැඩ තහනමට ද ලක්කරනු ලැබීය. මේ වනවිට ඔහු ඇපමත නිදහස්ව යළි සේවයේ පිහිටුවා සිටී.
 



අදහස් (2)

ඇඹිලිපිටියේ සුමිත්ගේ මරණයට සම්බන්ධ සියලු නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝග

අමුතුම රටක් නේ බං Tuesday, 29 January 2019 11:05 AM

වැඩ තහනමට ද ලක්කරනු ලැබීය. ඇපමත නිදහස්ව යළි සේවයේ පිහිටුවා සිටී.?

:       7       592

sriya Wednesday, 30 January 2019 03:28 AM

නියමයිනේ.......

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site