IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධ නීතිපති උපදෙස් ගන්න නියෝග

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කකාර)

ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සාදයක් අතරට පොලීසිය කඩාවැදීමෙන් පසු මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නම් තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්‍ධයෙන් වූ සීසීටීවී කැමරා දර්ශන වාර්තාව, රජයේ රස පරීක්‍ෂක වාර්තාව සහ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඊළග නඩු දිනයට ඉදිරිපත් කරන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ආර්.ජී.එන්.කේ. නිල්මිණී රන්කොන්ත්ගේ මහත්මිය අද  (30)  රහස් පොලීසිය නියෝග කළාය.

රටම ආන්දෝලනයට ලක් කළ මෙම සිද්ධියට මේ වනවිට වසර තුන හමාරක් ගත වී ඇත. අද  (30) මේ සම්බන්‍ධව වැඩිදුර විභාගය අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි සැරයන් සමන් උදයකුමාර මහතා පැවසුවේ සීසීටීවී කැමරාවල දර්ශන සම්බන්‍ධයෙන් වූ වාර්තාත්, රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාත්, නිතිපතිවරයාගේ උපදෙසුත් මෙතෙක් ලැබී නැති බවයි.

වර්ෂ 2016 ජනවාරි 04 දින රාත‍්‍රී ඇඹිලිපිටිය නව නගරය පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ නිවසක පැවති සාදයට කඩා වැදුනු පොලිස් නිලධාරීන් අතර සිටි එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා විසින් සුමිත් ප‍්‍රසංග ජයවර්ධන (29)  තරුණයා ඉහළ මාලයකින් පහලට තල්ලූකළ බවට සැකකරමින් මෙම නඩුව පැවැත්වෙයි. එම සිද්ධියෙන් දින තුනකට පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී සුමිත් ප‍්‍රසංග මිය ගියේය.

පොලීසියට එරෙහිව එම දිනවල ඇඹිලිපිටිය නගරයේ විශාල මහජන කැළඹීම් ඇතිවිය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්‍ධ විමර්ශන රහස් පොලීසිය විසින් පවත්වනු ලැබීය. සුමිත් ප‍්‍රසන්නගේ මරණය සම්බන්‍ධයෙන් එවකට ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා 2016 පෙබරවාරි 02 දින හෝ ඊට ආසන්න දිනයක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගනු ලැබිණි. පසුව ඔහු ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ්භාරයට පත් කෙරිණි. ඉන්පසු වැඩ තහනමට ද ලක්වූ ඔහු පසුව ඇපමත නිදහස් කර නැවත සේවයේ ද පිහිටවනු ලැබීය.

වැඩිදුර විභාගය පැවති අවස්ථාවේ මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා පැවසුවේ මෙම සිද්ධියට දැන් අවුරුදු තුන හමාරක් වන බවයි. තවමත් පරීක්‍ෂණ අවසන් කිරිමට රහස් පොලීසියට නොහැකිවීම අගතියට පත් පාර්ශවය තවත් අගතියට පත් කිරිමක් බවද නීතීඥවරයා පෙන්වා දුන්නේය. 

නඩුව කැදවන සෑම දිනයකම රහස් පොලීසිය පවසන්නේ නීති උපදෙස් මෙතක් ලැබී නැතිබව යන්න යැයිද නීතීඥවරයා පැවසුවේය. ඊළග නඩු දිනයට නීති උපදෙස් ලබාගෙන වාර්තා කරන ලෙස නියෝග කළත් ඊළග නඩුදිනයේත් එයම ප‍්‍රකාශ කරන බව ද කීවේය. ඒ නිසා මේ සිද්ධියට සම්බන්‍ධ සියලූ පාර්ශවයන්ට නීතියේ සමානාත්මතාව අහිමිවී විශාල අගතියක් සිදුව ඇතිබව ද කීවේය.

මියගිය සුමිත් ප‍්‍රසංග මරණයට ලක්වන විට ඇගේ බිරි`ද දෙවන දරුවා ලැබීමට ආසන්නව සිටි බවත් දැන් ඒ දරුවාටද අවුරුදු දෙක හමාරකට වැඩි බවත් නමුත් නඩුවේ කිසිදු ප‍්‍රගතියක් නැති බැවින් අගතියට පත් පාර්ශවයට සාධාරණයක් වන ලෙස විමර්ශන අවසන් කර ලඝු නොවන නඩු විභාගය පවත්වන්නට කටයුතු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට උපදෙස් දෙන්නැයි විනිසුරුවරියගෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේ අතිරේක මහේස්ත‍්‍රාත්වරිය ද විමසුවේ අවුරුදු තුන හමාරක් තිස්සේ කුමක් කළේ ද යන්නයි. 

පරීක්‍ෂණ කටයුතුවල ප‍්‍රගතිය වාර්තා කිරිමට නඩුව වරින් වර ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැදවීම් කරනු ලැබූ අවස්ථාවල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම කියා සිටියේ නඩුගොනුව උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී නැති බවත් සහකාර පොලිස් අධිකාරීවරයාට අමතරව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බවත් එම නිලධාරීන් අධිකරණයට දිගින් දිගටම වැඩිදුර වාර්තා ලබා දෙමින් කියා සිටියේ ය. එහෙත් නීතිපති උපදෙස් නොමැති නිසා එය පමා වී ඇති බවද කියයි. මෙවරද රහස් පොලිසිය දැනුම් දුන්නේ එම කරුණයි. 

සියලූ පාර්ශවයන්ගේ කරුණු දැක්වීම්වලින් අනතුරුව වැඩිදුර විභාගය නොවැම්බර් 26 දිනට කල් තැබිණි. මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥ විජිත ජී පුංචිහේවා සහ නීතී ලක්‍ෂමන් රණසිංහ යන මහත්වරුද සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් නීතීඥ ඉනෝකා සංජීවනී වීරසිංහ සහ රසිකා විජේකොන් මහත්මිය ද පෙනී සිටියහ. මෙම සිද්ධිය සිදුවූ වකවානුවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් මෙම සිද්ධියට විශාල ප‍්‍රසිද්ධියක් දෙනු ලැබීය.

 

 



අදහස් (2)

ඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධ නීතිපති උපදෙස් ගන්න නියෝග

sunanda Tuesday, 30 July 2019 12:52 PM

250 මරපු බෝම්බ කාරයන්වත් නිදහස් කෙරුව නීතිපති උපදෙස් ඉක්මනටම ලැබුනා. කාටද මේවා කියන්නේ ඉන්න හිතෙනම රටක්....

:       0       0

kolam boss Tuesday, 30 July 2019 02:27 PM

අපිට ඔහොම කරදරයක් කවදාහරි උනොත් ඒත් මෙහෙම තමයි වෙන්නේ.. නීතිපති දෙපාර්තමේන්තුව මොන තරම් අකාර්යක්ෂම ආයතනයක්ද කියල මේ දවස් වල එහි කාර්ය මණ්ඩලයම ඔප්පු කරමින් ඉන්නවා. පඩි ගෙවන්න වියදම් වෙන මුදලත් ජාතික අපරාදයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site