IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

වොෂින්ටන්හිදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අද (19) සඳහන් කළේය.

ජීනිවා පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන් සඳහන් කළ අතර එසේ නොකළහොත් ඉන් ඉවත් වන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය. 

ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් අතර පසුගිය සතියේදී සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද ඉල්ලීම් සපුරාලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් අසමත් වී තිබෙන අතර ඒ හේතුවෙන් අදාළ සාකච්ඡා අසාර්ථක වී තිබේ.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වනු ඇතැයි එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.  

ට්‍රම්ප් පරිපාලනය ආරම්භයේ සිටම ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විවිධ සංවිධාන අතර අර්බුද ඇතිවිය. ඇමෙරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කළ අතර විවිධ කරුණු සම්බන්ධයෙන් එම සංවිධානයට බරපතළ චෝදනා ද එල්ල කළේය. 

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේදී දරුවන් මාපියන්ගෙන් වෙන් වීම ද ඉකුත් දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්ගේ විවේචනයට ලක්විය. 

මීට පෙර ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය වසර තුනක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වර්ජනය කළේය. ඇමෙරිකාව නැවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්වූයේ ජනාධිපති බැරැක් ඔබාමාගේ ධුර කාලයේදීය. 

055

 



අදහස් (7)

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඉස්තාර් Tuesday, 19 June 2018 06:42 PM

බොහොම හොඳ තීරණයක්. ශ්‍රී ලංකාවත් ඉවත් විය යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියන්නේ එන් ජී ඕ නඩ පිනුම් ගහන තැනක්. බොරුවට සාමාජික රටවල සල්ලි කාබාසිනියා කරන තැනක්.

:       74       294

නීතිඥ ධම්මික අරන්දර Tuesday, 19 June 2018 10:32 PM

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හැඳින්වූයේ "සෙස්පූල් ඔෆ් බයස්" (පක්ෂග්‍රාහිත්වයේ වැසිකිලි වල) යනුවෙනි. ඒ කතාව සම්පුර්ණ ඇත්තයි. අපේ ශ්‍රී ලංකාවට හැමදාම ඔය කවුන්සිලය කළේ කෙනහිලිකම්.

:       160       337

ratna P Tuesday, 19 June 2018 11:25 PM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බලගතු රටවල්වලට නැමෙන, ලංකාව වගේ පොඩි රටවල්වලට පමණක් නීති පනවන ආයතනයක්. අපේ රටේ කොන්ද නැමෙන දෙසපාලකයෝ මේ ගොල්ලන් ගහන පදේට නටනවා කොන්ද පණනැති නිසා.

:       12       201

රවින් Wednesday, 20 June 2018 03:02 AM

කොහොමත් ඇමරිකාව කියන කියන විදියට නටන්න වෙනමම පුහුණුවෙන්න ඕනේ. මම කියනදේ කොහොමත් හරි ඔබලා කියනදේ හැමවිටම වැරදියි කියන ප්‍රතිපත්තිය තමා ඇමරිකානු ප්‍රතිපත්තිය.

:       0       104

ලුම්බිණි Wednesday, 20 June 2018 05:33 AM

ඇමෙරිකාව විතරක් නොවෙයි චීනය සහ රුසියාව වගේ රටවල් නිසා අද මොන සංගමයකටවත් වැඩ කරන්න බැරි වෙලා තියෙන්නේ. සිරියාවේ වෙන දේවල් පේනවා නේද?

:       32       1

රජින්ද Wednesday, 20 June 2018 06:04 AM

දුරදක්නා නුවණක් තියෙන නායකයෙක් උන්නානම් අපටත් මේ වෙලාවේම මීට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. කලින් පැවති පාලන කාලයේදීත් වත්මන් පාලන කාලයේදීත් කොටි ඩයස්පෝරාවේ නුලට නැටවෙන රුකඩයෝ ටිකක් මානව හිමිකම් සමුළුවට රජය නියෝජනය කරමින් යැවූ නිසයි මේ ප්‍රශ්න මේතරම්ම දුරදිග ගියේ. එහෙම නැතුව රියර් අද්මිරාල් වීරසේකරලා වගේ පිට කොන්දක් තියෙන නිලධාරීන් පිරිසක් යැවුවනම් අපේ ප්‍රශ්න මේතරම්ම උග්‍ර වෙන්නේ නැහැ. නමුත් පැවති සහ පවතින සියලුම රජයන් මේ ප්‍රශ්නය දඩමීමා කරගෙන දේශපාලන වාසි ගැනීමට ගියා මිසක් මේ මානව හිමිකම් ප්‍රශ්නයට විසදුමක් සෙව්වේ නැහැ. අපේ රටේ තියෙන බරපතලම කරුමය මේකයි. සුදුසු වෙලාවේ සුදුසු තීන්දු තීරණ ගන්න පුළුවන් හරිහමන් නායකයෙක් නැහැ.

:       32       110

V.warnakulasuriya Wednesday, 20 June 2018 06:23 AM

ට්‍රම්ප්, බුෂ්ට එපා වෙන්නටත් ඔබාමා වැනි දුරදර්ශි නායකයකුට මෙය අවශ්‍ය වෙන්නත් යම් වැදගත් කමක් තිබෙන බව අපි තේරුම් ගත යුත්තෙමු. ක්‍රියාකාරිත්වයේ යම් දුර්වලකම් තිබෙන්නට පුළුවනි. එහෙත් එහි අවශ්‍යතාවය ලොවට ඇත.

:       159       515

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 400 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 446 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site