බෞද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් වන සාමය, ඉවසීම සහ අනුකම්පාව පිළිබඳ විශ්වීය සාරධර්ම අගය කිරීමට සහ ගෞරවාදරයට පත් කිරීම සඳහා අපද එක්වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නව රජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මයික් පොම්පෙඕ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්ධුරයට කළේ අප්‍රේල් 26 වැනිදාය.
ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ 70 වැනි රාජ්‍ය ලේකම්වරයා වන අතර ඔහු නිකුත් කළ පළමු නිල පණිවුඩය වන්නේ ද මෙම වෙසක් දින පණිවුඩයයි.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ නිකුත් කළ පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
“ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව වෙනුවෙන් ලොව පුරා වෙසක් දිනය සමරන සියලු දෙනාට මාගේ උණුසුම් සුබ පැතුම්.
ලොව පුරා බෞද්ධ ප්‍රජාව සිද්ධාර්ථ ගෞතමයාණන්ගේ ජීවිතය හා ඉගැන්වීම් උත්කර්ෂවත්ව සමරන මේ මොහොතේ බෞද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් වන සාමය, ඉවසීම සහ අනුකම්පාව පිළිබඳ විශ්වීය සාරධර්ම අගය කිරීමට සහ ගෞරවාදරයට පත් කිරීම සඳහා අපිද එක්වන්නෙමු.
ලොව පුරා වෙසක් දිනය සමරන බෞද්ධයන් හා එක්වීමට විවිධත්වයෙන් හා උද්දාමයෙන් යුතු බෞද්ධ ප්‍රජාවක් එක්සත් ජනපදය සතුවීමද ආඩම්බරයකි. සහශ්‍ර දෙකකට වැඩි කාලයක් බුදු දහමේ ආධ්‍යාත්මික හා සංස්කෘතික හරයන් පොදු මානව වර්ගයා සාරවත් කර ඇත.
ඔබ සියලු දෙනාට ප්‍රීතිමත් සහ සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු‘
(055)
COMMENTS
දැන් ලංකාවත් වැඩියෙන් ඇමෙරිකාව කියන විදිහට වැඩ කරන නිසා සුබ පතන්නම ඕනෑ...
සැබවින්ම ඔබතුමන්ගේ අදහස්වලට අපගේ ප්‍රසංසාව සහ ස්තුතිය." උද්දාමයෙන් යුතු බොදුනුවන් ප්‍රජාවක් ඇමෙරිකාව තුල සිටීම ආඩම්බරයක් " යන්න අපටද ආඩම්බරයකි.
සැබවින්ම ඇමෙරිකාව අපගේ බුදුදහම ගැන මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම ඉතාමත් ප්‍රශංසා කලයුතු ක්‍රියාවක්. විශ්වය පුරා පවතින බුද්ධ බලයේ මහානුභාවය නිසයි මෙවැනි දේ මෙසේ සිදුවන්නේ. සුනාමියේදී බුද්ධ රූපයක් අලවා තිබුණු බිත්තියක්වත් පෙරලුනේ නැතිවීම ගැන විදෙස් විද්වතුන්ගේ විමතියට හේතු වුණා. මගේ ප්‍රංශ ජාතික ජීව විද්‍යාඥයකු ලෝ පතල බෞද්ධ සිද්ධස්ථානවල ඡායාරූප ගෙන ඒවා ලෝකප්‍රසිද්ධ කරනු ලබනවා. ඔහුගේ එම ඡායාරුප වලට විචාර ලිවීමට කොමිටිය විසින් මා වෙතද යොමු කරනවා. මේවා සිදු වන්නේ උතුම් වූ බුද්ධ බලයේ අනුහසින් බව මා හොඳාකාරවම දන්නවා. මෙවන් දේ ඇසීමත් දැකීමත් පිනක්ම නේදැයි මට එවන් අවස්ථාවල සිතෙනවා.