තිළිණි ද සිල්වා
මහනුවර දිස්ත‍්‍රික්කය මුල් කරගනිමින් ඇති වී තිබෙන ප‍්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමෙදී දැඩි අවධානයක් යොමු කරන ලෙසට දන්වමින් ඇමෙරිකා එක්සත් ජනපදය , බි‍්‍රතාන්‍යය සහ ඕස්ටේ‍්‍රලියාව යන රටවල් සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කර ඇත.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව , බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලය සහ ඕස්ටේ‍්‍රලියා විදේශ කටයුතු අමාත්‍යාංශය සිය රටවැසියන් සඳහා මෙම සංචාරක උපදේශන නිකුත් කර තිබේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන් වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයද ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව නිකුත් කර ඇති සංචාරක උපදේශනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බි‍්‍රතාන්‍ය පුරවැසියන් උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන සහ පිරිස් එක් රැස්වන ස්ථානවල රැදී සිටීමෙන් වැලකිය යුතු බවයි.
මේ අතර ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව තුල සංචාරය කරන ඕස්ටේ‍්‍රලියානුවන් රජයේ නිල නිවේදන සහ මාධ්‍ය නිවේදන පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සතුටුද කියලා තමයි අහන්න තියෙන්නේ? ජනවාර්ගික අර්බුදයකට සිවිල් යුද්ධයට පාර කපන අයගෙන්...
දෙයියනේ කියලා එන්න පටන්ගත්ත සංචාරකයෝ ටිකත් කාලෙකට එන්නේ නැතිවෙයි. මේ කෝලාහලයට සම්බන්ධ සියල්ලටම දැඩි දඬුවම් දෙන්න.
දෙකයි පනහේ වැඩකට නැති කැරපොත්තොත් තමන්ගේ රටට වැදගත් බව තමයි මේ වගේ නිවේදනවලින් පෙන්වන්නේ...
මේ ජාතිවාදීන් සහ ආගම්වාදීන් මෙන්ම අවස්ථාවාලී බලලෝභී දේශපාලකයින් නිසා රටටත් මේ රටේ කීර්ති නාමයටත් වී ඇත්තේ කිව නොහැකි තරම් අපරාධයක්. මේ තත්වය වහාම මර්දනය කොට විනාශකාරීන් ට ජාතිය හෝ ආගම නොබලා දැඩි දඩුවම් දිය යුතුයි.