IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඇමෙරිකානු යානා බිම හෙළනවා

ඇමෙරිකානු ගුවන් යානාවලට පහර දීමට තමන්ට සෑම අයිතියක්ම ඇතැයි උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා පවසයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා යුද්ධයක් ප්‍රකාශ කර ඇති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඕනෑම අවස්ථාවකදී කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කරන ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා බිම හෙළීමට කටයුතු කරන බවත් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

උතුරු කොරියාව සැප්තැම්බර් 3 වැනිදා ඔවුන්ගේ සයවැනි සහ බලසම්පන්නම න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කිරීමත් සමඟ ඇමෙරිකාවත් උතුරු කොරියාවත් අතර තිබෙන අර්බුදය උග්‍ර අතට හැරිණි. උතුරු කොරියාවට ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනයද වැඩිවිය. කෙසේ නමුත් නිව්යෝක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදීත් දෙරටේ නායකයන් එකිනෙකාට තර්ජනය කිරීමත් උපහාස අපහාස කරගැනීමත් නිසා දෙරට අතර තිබෙන අර්බුදය නව මානයකට හැරිණි.

“අපගේ නායකයා තවත් ඉවසන එකක් නැහැ” යැයි ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා සඳහන් කළේය.

ඇමෙරිකාව උතුරු කොරියාවට තර්ජනයක් වුවහොත් ඊට එරෙහිව පියවර ගැනීමට උතුරු කොරියාවට සෑම අයිතියක්ම ඇතැයි අමාත්‍යවරයා පැවැසීය.

(රොයිටර්-055)



අදහස් (5)

ඇමෙරිකානු යානා බිම හෙළනවා

ධම්ම Tuesday, 26 September 2017 06:25 AM

කොරියාවට ජයවේවා! ඇමෙරිකාවටත් ජයවේවා!අපටත් එසේම වේවා!

:       264       372

tarzan Tuesday, 26 September 2017 06:38 AM

ඔය කවුරු කෑ ගෑහුවත් යුද්දයක් වෙන්නේ නෑ. ඒ රටවල් දෙකින් එකක් මුස්ලිම් වෙන තාක්කල්

:       38       247

mahee Tuesday, 26 September 2017 07:20 AM

ලෝකය විනාශ නොකරනු මැනවි!!

:       2       74

perakum Tuesday, 26 September 2017 09:17 AM

තුන්වෙනි ලෝක යුද්දෙට මුල පුරන්න හදන්නේ. එදාට අහක ඉන්න අපි නිකන් තැලෙනවා. පේනවානේ චීනෙ නිශ්‍ශබ්දව වගේ ඉන්න හැටි. කව්රුත් නැද්ද මේ ප්‍රශ්නේ ගොඩින් බේරගන්න.

:       1       67

Perera Tuesday, 26 September 2017 12:06 PM

දවල්ද?

:       141       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 337 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 427 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site