(අංජුල මහික වීරරත්න)
යුද්ධයෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් කිසිදු කොටි නායකයකුට වන්දි නොලැබෙන බව පුනරුත්තාපන නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය රජයට කරුණූ වාර්තා කර තිබේ.
කොටි නායකයන්ට අමතරව එල්.ටී.ටී.ඊ යට ස්වකැමැත්තෙන් බැදුණු සෙබළුන්ට ද ඉහත යෝජනාව මගින් කිසිදු ප්‍රතිලාභයක් නැති බවද ඉහත වාර්තාවේ දැක්වේ.
ඉහත කැබිනට් පත්‍රිකාව මගින් යුද්ධයේ පීඩාවට පත්වු සාමාන්‍ය දෙමළ වැසියන්ට සහන සැලසෙන බවද අමාත්‍යාංශ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
කැබිනට් පත්‍රිකාව හරහා පමණක් නොව යහපාලන ජාතික රජයේ අනෙකුත් පියවර මගින් ද යුද්ධයෙන් පීඩාවට පත් සාමාන්‍ය දෙමළ ජනතාවට කුමන ආකාරයෙන් හෝ වන්දි ලැබෙන පියවරක් සැකසීම සිය අමාත්‍යාංශයේ වගකීම බවද පුනරුත්ථාපන නැවත පදිංචි කිරිමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
COMMENTS
යුද්ධයේ පීඩාවට පත්වු සාමාන්‍ය දෙමළ වැසියන්ට සහන සැලසෙන බවද අමාත්‍යාංශ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත. එතකොට දෙමල මිනිස්සු විතරද පීඩාවට පත් වුනේ , සිංහල මිනිස්සු , මුස්ලිම් මිනිස්සු නැද්ද
ලොකු පොඩි කියලා නැහැ, කොටියා කොටියාමයි ඔක්කොටම කලින් කොටි බෝම්බ වලින් මැරිච්ච දකුණේ ජනතවාට සාධාරණය ඉෂ්ට විය යුතුමයි.
88/89 කාලේ පීඩනයට පත්වුණු සිංහල අය ගැන හොයන්න කවුරුවත් හිටියේ නැහැ. මොනවා වුණත් මේ මනුස්සයා තමන්ගේ වරිගෙට කරනවා. අපේ අය !!
ඒ කියන්නේ බලහත් කාරයෙන් කොටි සංවිධානට බදවාගත් අයට ආධාර ලැබෙන බවනේ. කොහොමද තීරණය කරන්නේ කැමැත්තෙන්ද බලහත්කාරයෙන් බැදුණේ කියලා දැන්. හැමෝම ඇවිත් කියයී තමන්ව බලහත්කාරයෙන් බදවා ගත්තේ කියලා. එතකොට අපේ බදු මුදල් වලින් අපිව මරන්න ආව කොටි සාමාජිකයන්ට වන්දි ගෙවන්න වෙනවා. සමහර විට අපිව නොමරා ඉතිරි කෙරුවට වෙන්න ඇති මගේ හිතේ. ...
කොහොමද ස්වකැමැත්තෙන් බැඳුනු කොටින්වයි නැති කොටින්වයි හොයන්නේ?
මේ උදවියට මෙතරම් කැක්කුමක් යුද්දයෙන් පීඩාවට පත් දමිල ජනතාව කෙරෙහි ඇත්නම්, ඒ කුරිරු යුද්ධයේ ම්ලේච්ච තස්ත්‍රවාදීන් විසින් ගොදුරු කරමින් අමු අමුවේ මරා දැමු දකුණේ අහිංසක ජනතාවගේ අසරණ පවුල්වලට, රණව්රු පවුල් වලට ,විනාශ කල රාජ්‍ය මර්මස්ථාන , දේපල, ජාතියේ සහ බොදුනුවන්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළඳා මාලිගාව වැනි සිධාස්ථාන මෙකි නොකී විනාශවලට වන්දි ගෙවන්නේ කවුරුන්ද ? ඇරත් මේ ම්ලේච්ච ත්‍රස්තවාදීන්ට උද ගෙඩි දෙමින් , ජාතිවාදය වපුරුවමින් , තම දූ දරුවන් යුදයට යොමු කරමින් එදා දමිල ජනතාව ක්‍රියා නොකළේ නම් , ත්‍රස්තවාදීන්ට විරුද්ධ වුයේ නම් , මේසා විශාල සංහාරයක් සිදු නොවන්නට තිබුණා.