ඛණිජ තෙල් සහ විදුලිබල ක්ෂේත්රවල දිගින් දිගටම මාෆියාවක් ක්‍රියාත්මක වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තෙල් පිරිපහදුව නතර වන්නේ , තෙල් නැව පරක්කු වෙන්නේ, රටේ තෙල් අර්බුදයක් ඇතිවෙන්නේ ස්භාවිකවම ද යන්න හිතා බැලිය යුතු යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය.
‘ඛණිජතෙල් ක්ෂේත්‍රෙය් සහ විදුලිබල ක්ෂේත්රයේ හැමදාම හිඟයක් ඇති කරලා වැඩි මිලට මිලදී ගන්නවා. මේක රට දැනගතයුතුයි. මෙය රට වෙලා ගත්තු ලොකු ගැටළුවක්. මගේ කාලෙත් ඒ වගේම තෙල් හිඟයක් ඇති කරන්න කටයුතු කළා. අපි ඒක පාලනය කළා. ඒ පාලනය කළේ කොහොමද කියලා මම ප්‍රසිද්ධියේ කියන්න කැමති නැහැ. නමුත් පාලනය කළා. ඊට පස්සේ කිසිම කෙනෙක් මගේ කාලයේදී නම් තෙල් අර්බුද ඇති කරන්න ආවේ නැහැ. යහපාලනය හොඳයි හැබැයි මුලින් පාලනය කියනදේ තියෙන්න ඕනෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේගේ කෙරුවාව, කැරැට්ටුව හැමෝම දන්නවා. මේ අයි.ඕ.සී මාෆියාවට සුදු හුණු ගාන්න එපා.
ඇමැතිතුමාත් ඇත්ත කියන්න බයයි. කියන්නකෝ ඇත්ත සහ සම්බන්ධ අයගේ ක්‍රියාවන් සහ නම් ගම්. නැත්නම් "යහ පාලනය" අනුව, ඒවා අකැප ද?
සම්පූර්ණ ඇත්ත. මේ රටේ මාෆියා නිසා මේ සියළු ප්‍රශ්න. වත්මන් යුගයේ මේ සියළු දේ අවබෝධ කරගත් නැණවත් සහ උගත් ඇමැතිතුමනි, ඔබතුමා දිහා මා බලා සිටින්නේ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ආරම්භ කළ සමයේ සිටයි. අප රටේ දියුණුවට ඔබතුමා ඉතාමත් අවශ්‍යයි. ළඟ සිටින සතුරාගෙන් ප්‍රවේශම් වන්න.
ඉතින් ඔය මසුරන් වටිනා උපදෙස තමුන්ගේ සහෝදර එකම කැබිනෙට්ටුවේ ඉන්න ඇමතිවරයෙකුට දුන්නා නම් ජනතාවට සේවයක් වෙනවානේද ඇමතිතුමා? මොකටද ඕක රහසක් හැටියට තියාගන්නේ?
වේදිකා දෙවනත් කරලා වැඩක් නැහැ. ෂෙඩ්වල පැට්‍රෝල් ගෙනල්ලා දාන්න. එය ඔබලාගේ වගකීම.
මේවා ඔක්කොම ජනතා පැතුම් . අවුරුදු 70ක් තිස්සේ ජනතාව ඉල්ලපු දේවල් වල හොඳම ප්‍රතිඵල දැන් ලැබෙන්න පටන් ගෙන . තව ටික කලයයි ලංකාව විනාශ වෙන්න යන්න . මේවා ජනතා කැමැත්ත ඇතිවනේ සිද්ද වෙන්නේ . පහුගිය ආණ්ඩුවෙන් බලතෙල් ගහල වාහන ටික විනාස කරගත්ත . දැන් තෙල් නෑ.... අනේ මෙහෙම මෝඩ ජාතියක්....
තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුවේ ප්‍රමාදවීම් පාලනය කිරීම සඳහා දඩ මුදල් අය කිරීමක් තිබිය යුතුයි. එහෙම නැතුව සැපයුම්කරුවන්ට ඕන වෙලාවට තෙල් ගෙනත්ත දෙන්න රටක් බැදිලා නෑ. ඒ අනුව දඩ මුදල් අය කරනවා නම් මේවා පාලනය කරන්න පුලුවන්. ඔබ තුමා කොහොමත් කතාවට දක්ෂ බව සියලු දෙනා දන්නවා....කෝ බිලියන 50,000 මහ කොළඹ සැලැස්ම ක්‍රියාත්මකද? 2020 දී කියයිද දන්නේ නෑ ඒකේ ඉතිරි සැලසුම් ටික ඉවරකර ගන්න තව අවුරුදු 5 කට ඡන්දය දෙන්න කියලා...
හැමෝගෙම කතාව නම් සුපිරි දෝලාවෙන්, නමුත් පයින්වත් යාගන්න බැරිවෙලා බවනම් අපිට දැන් පෙනෙනවා හොඳින්ම.
දැන් ආණ්ඩුව පෙරලුවේ ඕව නැති කරන්න නේද???
අපේ නිදහසෙන් පස්සේ ඉන්දියාව සිංහලයාගේ අයිතිය මේ ලංකාවෙන් උදුරගන්න කරපු දේවල් වලින් තවත් එකක් තමයි LIOC කොම්පැනිය. 20% බෙදා හැරීමේ බලය තියාගෙන කොහොමද මුළු රටේම තෙල් නැති කරන්නේ? සිපෙට්කෝ එකට තෙල් ගෙන්නන්න සිපෙට්කෝ එකට බැරිද? ඇයි සිපෙට්කෝ එකට තෙල් ගෙන්වන නැව් කොහෙද? සිපෙට්කෝ එකටයි LIOC එකටයි තෙල් ගෙන්නනේ එක නැවේද? ඒ නැව ඕඩර් කරන්නේ සිපෙට්කෝ එකද LIOC එකද? මම නම් බොහෝ කාලයක ඉඳන් LIOC එකෙන් පෙට්‍රල් වර්ජනය කරලා තියෙන්නේ බොහෝ ඉන්දියන් භාණ්ඩ වගේම.
මේ වාචාල ඇමතිය ජනතාව රැවටීමට හොඳට දන්නවා, ඩොලර්වලට ඕනෑම පාවා දීමක් ,පහත වැඩක් කරනවා.හොඳ කුමන්ත්‍රණ කාරයෙක් බව සිතට ගන්න.